රුවන් මංජුල සමරක්කොඩි මහතා
ප්‍රධාන අවදානම් නිලධාරි
රුවන් මංජුල සමරක්කොඩි මහතා වසර 30කට අධික කාලයක් ලංකා බැංකුවේ සේවය කර ඇති ජ්‍යේෂ්ඨ බැංකු වෘත්තීය වේදියෙකු වන අතර, ශාඛා බැංකුකරණය, ආයතනික අවදානම් කළමනාකරණය, පාලන ක්‍රමවේද, පරීක්ෂණ කටයුතු සහ නියාමන අනුකූලතා යන ක්ෂේත්‍රවල පුළුල් දැනුමක් සහ අත්දැකීම් ඒ මහතා සතු ය.
අවදානම් කළමනාකරණ ක්ෂේත්‍රයේ වසර 10කට අධික විශේෂ අත්දැකීම් සහිත සමරක්කොඩි මහතා,බැංකුවේ සමස්ත අවදානම් කළමනාකරණ රාමුව ස්ථාපිත කිරීම හා ශක්තිමත් කිරීම සඳහා ප්‍රධාන දායකත්වයක් ලබා දී ඇත. නියාමන අවශ්‍යතා සහ ජාත්‍යන්තරමට්ටමේ විශිෂ්ට ක්‍රමවේදයන්ට අනුකූලව අවදානම් ප්‍රතිපත්ති, මාර්ගෝපදේශ සහ රාමුවල සැකසීම සඳහා සමරක්කොඩි මහතා සිය දායකත්වය ලබා දී ඇත.
2013 වසරේ සිට Internal Capital Adequacy Assessment Process (ICAAP) සහ Stress Testing ක්‍රියාදාම සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා නායකත්වය ලබා දී ඇති සමරක්කොඩි මහතා, බැංකුවේ ප්‍රාග්ධන ප්‍රමාණාත්මතාව ඇගයීම සහ අවදානම් පාලනය ශක්තිමත් කිරීමට දායක වී ඇත.
Integrated Risk Management System (IRMS) ක්‍රියාත්මක කිරීමේ ව්‍යාපෘති ප්‍රධානී ලෙස කටයුතු කර ඇති සමරක්කොඩි මහතා, Core Banking System ක්‍රියාත්මක කිරීමේ ව්‍යාපෘතියේ කණ්ඩායම් සාමාජිකයෙකු ලෙස ද දායක වී ඇති අතර, ඒ මහතා විදේශීය ශාඛා හා උප ආයතන සඳහා අවදානම් කළමනාකරණ රාමුව, අවදානම් ඒකාබද්ධ කිරීමේ ක්‍රමවේද, ව්‍යාපාර අඛණ්ඩතා සැලසුම් සහ ක්‍රියාවලි ස්වයංක්‍රීයකරණ වැඩසටහන් සඳහා ද දායකත්වය ලබා දී ඇත.
සමරක්කොඩි මහතා, බැංකුවේ විමර්ශන ඒකකයට නායකත්වය ලබා දී ඇති අතර, වංචා මගින් වන අවදානම් කළමනාකරණ විධායක කමිටුව (Fraud Risk Management Executive Committee), ආයතනික තොරතුරු ආරක්ෂණ කමිටුව (Corporate Information Security Committee) සහ මෙහෙයුම් අවදානම් කළමනාකරණය පිළිබඳ විධායක කමිටුව (Operational Risk Management Executive Committee) ඇතුළු ප්‍රධාන විධායක කමිටුවල ලේකම්වරයා ලෙස කටයුතු කර ඇති අතර, එමඟින් මූල්‍ය, මෙහෙයුම් හා සයිබර් අවදානම් අවම කිරීම සඳහා වැදගත් පාලන ක්‍රමවේද හඳුන්වා දීමට ද ඒ මහතා මූලිකත්වය ගෙන ක්‍රියා කර ඇත. එමෙන් ම බැංකුවේ පළමු පෞද්ගලික දත්ත ආරක්ෂණ නිලධාරියා ලෙස කටයුතු කරමින් නීතිමය දත්ත ආරක්ෂණ අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් සමරක්කොඩි මහතා විවිධ වැඩසටහන් මෙහෙයවා ඇත.
ඒ මහතා නීතිවේදියකු වන අතර, කොළඹ විශ්වවිද්‍යාලයෙන් නීති උපාධිය (LLB) සහ මූල්‍ය ආර්ථික විද්‍යා ශාස්ත්‍රපති උපාධිය ලබා ඇත. එමෙන් ම වයඹ විශ්වවිද්‍යාලයෙන් MBA උපාධිය ලබා ඇති සමරක්කොඩි මහතා, ශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනය (IBSL), CA Sri Lanka සහ එක්සත් රාජධානියේ Chartered Institute for Securities & Investment (CISI) ඇතුළු ආයතනවල වෘත්තීය සුදුසුකම් රැසක් සතු අති දක්ෂ වෘත්තිකයෙකි.