director-image

ප්‍රියල් සිල්වා මහතා

නියෝජ්‍ය මහා කළමනාකරු (ශාඛා මෙහෙයුම්)

කළමනාකරණ අභ්‍යාසලාභියෙකු ලෙස 1997 දී බැංකුවට බැඳුණු ප්‍රියල් සිල්වා මහතා, බැංකුවේ සිය වෘත්තීය ජීවිතය තුළ ණය නිලධාරී, විගණන නිලධාරී සහ ශාඛා කළමනාකාර වැනි තනතුරුවල සේවය කර ඇත. ඔහු භාණ්ඩාගාර (Dealing Room) සහ ලන්ඩන් ශාඛාවේ දේශීය හා ජාත්‍යන්තර වශයෙන් විවිධ තනතුරුවල සේවය කර ඇති අතර, ඊට පෙර පුද්ගලික බැංකුකරණය පිළිබඳ විශාල අත්දැකීම් සමුදායක් ලබා ඇත.

වෙළෙඳ ප්‍රවර්ධන ඒකකයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු සහ ජාත්‍යන්තර අංශයේ ප්‍රධාන කළමනාකරු ලෙස වසර පහකට වැඩි කාලයක් ප්‍රධාන තනතුරු හොබවා ඇති ඔහු සහකාර මහා කළමනාකරු (අලෙවිකරණ) ලෙස කටයුතු කරමින් අලෙවිකරණ අංශයේ කටයුතු සඳහා ද විශාල දායකත්වයක් ලබා දී ඇත. තවද, ඔහු ඇගයීම් හා දිරිගැන්වීම් කමිටුව සහ විනය කමිටුව ඇතුළු බැංකුවේ බොහෝ විධායක කළමනාකරණ කමිටුවල සාමාජිකයෙක් වශයෙන්ද කටයුතු කර ඇත.

සිල්වා මහතා රුහුණ විශ්වවිද්‍යාලයෙන් අලෙවිකරණය පිළිබඳ ව්‍යාපාර පරිපාලන (විශේෂ) උපාධියක් සහ කැලණිය විශ්වවිද්‍යාලයෙන් ගණකාධිකරණය පිළිබඳ ව්‍යාපාර පරිපාලන පශ්චාත් උපාධියක් ලබා ඇති අතර, ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක්ද, වරලත් අලෙවිකරණ ආයතනයෙන් (CIM) වෘත්තීය අලෙවිකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ද ලබා ඇත. ඔහු එක්සත් රාජධානියේ වරලත් අලෙවිකරණ ආයතනයේ සහ ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ (IBSL) සහ ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ (SLIM) සාමාජිකයෙකු  ද වේ.

නියෝජ්‍ය මහා කළමනාකරු (ශාඛා මෙහෙයුම්) ලෙස පත්වීම ලැබීමට පෙර සිල්වා මහතා ආයතනික කළමනාකාරීත්වයේ සාමාජිකයෙක් වශයෙන් නියෝජ්‍ය මහා කළමනාකරු (ආයතනික සහ අක්වෙරළ බැංකුකරණය), නියෝජ්‍ය මහා කළමනාකරු (විකුණුම් සහ හැසිරවුම්), නියෝජ්‍ය මහා කළමනාකරු (මුල්‍ය සහ සැලසුම්) සහ ප්‍රධාන අලෙවිකරණ නිලධාරී යන තනතුරු හෙබවීය. ඔහු සහකාර මහා කළමනාකරු (වයඹ පළාත), සහකාර මහා කළමනාකරු (අලෙවිකරණ) සහ සහකාර මහා කළමනාකරු (බස්නාහිර පළාත - උතුර) යන විධායක කළමනාකරණ තනතුරු ද හොබවා ඇත.