පී. මදුවන්ත ලියනගේ මහතා
ප්‍රධාන අභ්‍යන්තර විගණන නිලධාරී
මදුවන්ත ලියනගේ මහතා ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ අධි සාමාජිකයෙකි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ගණකාධිකාරණය සහ මුල්‍ය කළමනාකරණය පිළිබඳ විද්‍යාවේදී විශේෂ උපාධියක් ලබා ඇති ඔහු, සහතිකලත් තොරතුරු පද්ධති විගණක නිලධාරියෙක් ද වේ. (CISA - ඇමරිකා එක්සත් ජනපදය).
ප්‍රධාන අභ්‍යන්තර විගණන නිලධාරී ලෙස ලංකා බැංකුවට බැඳීමට පෙර ඔහු සී/ස කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆයිනෑන්ස් (පීඑල්සී) සහ පෑන් ඒෂියා බැංකුවේ ප්‍රධාන අභ්‍යන්තර විගණන නිලධාරී ලෙස සේවය කර ඇත. ලියනගේ මහතා 2006 සිට 2008 දක්වා ලංකා බැංකුවේ සහකාර මහා කළමනාකාරවරයෙකුගේ තනතුර හොබවමින් අභ්‍යන්තර විගණකවරයෙකු ලෙස සේවය කර ඇත.
ලියනගේ මහතා සී/ස ලංකාක්ලියර් (පුද්ගලික) සමාගමේ මුල්‍ය සහ පරිපාලන කළමනාකරු වශයෙන් සහ අර්නස්ට් ඇන්ඩ් යන්ග් සමාගමේ Qualified Assistant ලෙස ද සේවය කර ඇත.