එම්. ආර්. එන්. රෝහණ කුමාර මහතා
නියෝජ්‍ය මහා කළමනාකරු (ව්‍යාපාර පුනර්ජීවන)
2021 ජනවාරි මාසයේදී ආයතනික කළමනාකාරිත්වයට පත්කරනු ලැබූ එම්. ආර්. එන්. රෝහණ කුමාර මහතා, දැනට නියෝජ්‍ය මහා කළමනාකරු (ආයතනික සහ අක්වෙරළ බැංකුකරණය) ලෙස කටයුතු කරයි. ඒ මහතා මීට පෙර නියෝජ්‍ය මහා කළමනාකරු (අයකරගැනීම් - පළාත්, ව්‍යාපාර පුනර්ජීවන සහ පුනරුත්ථාපන) සහ නියෝජ්‍ය මහා කළමනාකරු (ව්‍යාපාර පුනර්ජීවන සහ පුනරුත්ථාපන) ලෙස ද කටයුතු කර ඇත. 2018 වසරේදී සහකාර මහා කළමනාකාරවරයෙක් ලෙස පත්කෙරුණු ඔහු, සහකාර මහා කළමනාකරු (ශාඛා ණය) සහකාර මහා කළමනාකරු (ව්‍යාපෘති මුල්‍ය) සහ සහකාර මහා කළමනාකරු (අයකරගැනීම් - පළාත්) යන තනතුරුද හොබවා ඇත.
කළමනාකරණ අභ්‍යාසලාභියෙකු ලෙස 2002 වසරේ ලංකා බැංකුවට බැඳුණු ඔහු, ශාඛා බැංකුකරණය තුල ණය නිලධාරියෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේය. ඔහු ශාඛා කළමනාකාරවරයෙකු ලෙස සහ මහා කළමනාකාරවරයාගේ පුද්ගලික සහකාර ලෙස ද සේවය කර ඇත. ආයතනික කළමනාකරණ කමිටුවේ ලේකම්, අනුකූලතා නිලධාරී - ණය තොරතුරු කාර්‍යංශය, පැමිණිලි නිරාකරණ නිලධාරී සහ ලංකා බැංකු තොරතුරු නිලධාරී වැනි අනෙකුත් ධුරයන්ද දරා ඇති ඔහු, බැංකුවේ මධ්‍යම පුහුණු කිරීමේ ආයතනය සමඟද සම්බන්ධ වී සිටී.
ඔහු ශ්‍රී ලංකා වෘත්තීය බැංකුකරුවන්ගේ සංගමයේ (APB) යාවජීව සාමාජිකයෙකු වන අතර, දැනට එහි මහලේකම් ලෙස ද කටයුතු කරයි.
ඔහු ශ්‍රී ලංකාවේ කැලණිය විශ්ව විද්‍යාලයෙන් පළමු පන්තියේ සාමාර්ථයක් සහිතව විද්‍යාවේදී (ගණිත) උපාධියක් ලබා ඇති අතර ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය වෙතින් බැංකු හා මුල්‍ය පිළිබඳ ඩිප්ලෝමාවක් සහ ඇමරිකා එක්සත් ජනපදයේ උතුරු ඉලිනොයිස් විශ්ව විද්‍යාලයෙන් නායකත්වය පිළිබඳ විධායක ඩිප්ලෝමාවක්ද ලබා ඇත.