ජෙහාන් ඉස්මයිල් මහතා
විධායක නොවන අධ්‍යක්ෂ
ජෙහාන් ඉස්මයිල් මහතා 2024 පෙබරවාරි 7 වැනි දින ලංකා බැංකුවේ අධ්‍යක්ෂක මණ්ඩලයට පත් කරන ලදී. ප්‍රධාන වශයෙන් ආසියාවේ, බටහිර අර්ධගෝලයේ සහ මැදපෙරදිග රටවල වාණිජ හා ආයෝජන බැංකුකරණ ක්ෂේත්‍රය ආශ්‍රිතව වසර 40 කට අධික අත්දැකීම් සහිත ඉස්මයිල් මහතා, ආයෝජන බැංකු කළමනාකරණ, ආයතනික බැංකු සේවා කළමනාකරණ, ජාත්‍යන්තර මෙහෙයුම්, ජාත්‍යන්තර වෙළෙඳ, පාලන (විගණන), අනුකූලතා හා අවදානම් කළමනාකරණ යන ක්ෂේත්‍ර ආශ්‍රිතව මනා පළපුරුද්දක් සහිත වෘත්තිකයෙකු වන අතර, ඒ මහතා විධායක පුහුණු උපදේශක වරයෙකු ලෙස වසර 2 කට වැඩි කාලයක් සේවය කර ඇත.
සාමාන්‍ය මෙහෙයුම් කටයුතු, තොරතුරු තාක්ෂණ, දේපළ, අනුකූලතා, නීතිය, වංචා වැළැක්වීම, මෙහෙයුම් අවදානම් කළමනාකරණ, භෞතික ආරක්ෂාව, අභ්‍යන්තර පාලනය, ව්‍යාපාර පරිවර්තනය සහ ව්‍යාපාර පද්ධති වැනි ආධාරක ක්ෂේත්‍ර පිළිබඳව ද අධීක්ෂණය කර ඇති ඉස්මයිල් මහතා ප්‍රධාන පද්ධති ආශ්‍රිත ව්‍යාපෘති සම්බන්ධීකරණය කිරීමෙහි නිරත ව ඇති අතර, ආයෝජන බැංකු ආශ්‍රිත සියලු ම ආධාරක සේවාවන් ක්‍රියාත්මක කිරීම පිළිබඳ වගකීම දරයි.
ඉස්මයිල් මහතා HSBC Colombia සහ HSBC Saudi Arabia යන ආයතනවල ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා ලෙස කටයුතු කර ඇති අතර, SABB Securities (HSBC Group, Saudi Arabia) හි ප්‍රධාන විධායක නිලධාරී වරයා ලෙසත්, HSBC Indonesia හි ජ්‍යෙෂ්ඨ උප සභාපති (ආයතනික බැංකුකරණ) ලෙසත්, HSBC Hong Kong හි ගෝලීය සබඳතා කළමනාකරු (ආයතනික බැංකුකරණ) ලෙසත් සේවය කර ඇත.
M Power Capital Limited සහ First Capital Holdings PLC හි ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස කටයුතු කර ඇති ඉස්මයිල් මහතා M Power Capital Limited සහ M Power Capital Securities Limited හි සභාපතිවරයා ලෙස ද කටයුතු කරයි. එමෙන් ම ඒ මහතා Common Well (Pvt) Limited, Kapitan (Pvt) Limited සහ The Little Gym Lanka (Pvt) Limited යන සමාගම්වල අධ්‍යක්ෂවරයෙකු ලෙස ද කටයුතු කරයි.
ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යාව පිළිබද ගෞරව විද්‍යාවෙදී (ගෞරව) උපාධියක් ලබා ඇති අතර එක්සත් රාජධානියේ වරලත් බැංකුකරණ ආයතනයේ සාමාජිකයෙකි. කළමනාකරණ පුහුණු, ආයතනික බැංකුකරණ, වත්කම් කළමනාකරණ, කොටස් තැරැවුකාර, ආයතනික මූල්‍ය, අවදානම් කළමනාකරණ, අනුකූලතා සහ මෙහෙයුම් යන ක්ෂේත්‍ර ආශ්‍රිතව HSBC විසින් පවත්වනු ලැබූ පුහුණු සහ සංවර්ධන වැඩසටහන් සඳහා සහභාගී වී ඇති ඉස්මයිල් මහතා INSEAD සහ Cranfield හි බාහිර කළමනාකරණ සහ නායකත්ව සංවර්ධන වැඩසටහන්වලට ද සහභාගී වී ඇත. ඉස්මයිල් මහතා බැංකුකරුවන්ගේ ආයතනයේ බැංකුකරණය සහ වෙළෙඳ මූල්‍ය පිළිබඳ බාහිර කථිකාචාර්යවරයෙකු ලෙස ද කටයුතු කරයි. එමෙන් ම සංගීතය, ගොල්ෆ්, සහ චෙස් ක්‍රීඩාව ආශ්‍රිත ව උනන්දුවක් දක්වන ඒ මහතා Rotary Club of Colombo Metropolitan හි හිටපු සභාපති වරයෙකු වශයෙන්ද Royal Colombo Golf Club හි හිටපු නායකයෙකු ලෙසද කටයුතු කර තිබේ.