ධම්ම විජයවර්ධන මහතා
නියෝජ්‍ය මහා කළමනාකරු (මානව සම්පත් මෙහෙයුම්)
කේ. ඒ. ඩී. විජයවර්ධන මහතා 2002 මාර්තු මාසයේදී කළමනාකරණ අභ්‍යාසලාභියෙකු ලෙස බැංකුවට එක් වූ අතර, වසර 21ක පමණ මාහැඟි සේවා කාලයකින් පසුව 2021 සැප්තැම්බර් මාසයේදී නියෝජ්‍ය මහා කළමනාකරු (මානව සම්පත්) වශයෙන් ආයතනික කළමනාකාරිත්වය වෙත පත් කරන ලදී.
සිය 21 වසරක සේවා කාලය තුළ විජයවර්ධන මහතා සහකාර මහා කළමනාකරු (මානව සම්පත් මෙහෙයුම්) හා නියෝජ්‍ය මහා කළමනාකරු (මානව සම්පත්) ලෙස වසර පහක පළපුරුද්දක් ද, ශාඛා මට්ටමින් ණය සහ පුද්ගලික බැංකුකරණය පිළිබඳ වසර 15ක පළපුරුද්දක් ද ලබා ඇත.
කැලණිය විශ්වවිද්‍යාලයෙන් භෞතීය විද්‍යාවේදී ගෞරව උපාධියක් සහ වයඹ විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් හදාරා ඇති ඔහු, ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ සාමාජිකයෙක් ද වේ.
ශ්‍රී ලංකා වෘත්තීය බැංකුකරුවන්ගේ සංගමයේ ද (APB) යාවජීව සාමාජිකයෙක් වන විජයවර්ධන මහතා, මේ වන විට රටේ විශාලතම බැංකුවේ මානව සම්පත් අංශයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කරයි.