බුද්ධික සීලනාථ මහතා
ප්‍රධාන තොරතුරු නිලධාරි
2023 සැප්තැම්බර් 4 වැනි දින බැංකුවේ ප්‍රධාන තොරතුරු නිලධාරි ලෙස පත් කෙරුණු බුද්ධික සීලනාථ මහතා රාජ්‍ය හා පෞද්ගලික යන දෙ අංශයේ ම වසර 25 කට වැඩි පළපුරුද්දක් සහිත තාක්ෂණික වෘත්තිකයෙකි. ඒ මහතා ආයතනික ඩිජිටල් පරිවර්තන ප්‍රශස්ථ කිරීම හරහා ආදායම් මට්ටම හා ගනුදෙනුකාර අත්දැකීම් ඉහළ නැංවීම සහ යෙදුම් සංවර්ධනය, දත්ත ගබඩා කිරීම සහ දත්ත විශ්ලේෂණ ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ ප්‍රවීණත්වයට පත් වී ඇත.
අයර්ලන්තයේ ඩබ්ලින් හි ජාතික විශ්ව විද්‍යාලයෙන් තොරතුරු පද්ධති කළමනාකරණය පිළිබඳ විද්‍යාවේදී උපාධියක් ලබා ඇති සීලනාථ මහතා ප්‍රධාන තොරතුරු නිලධාරියා ලෙස ලංකා බැංකුව හා එක් වීමට පෙර නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ප්‍රධාන තොරතුරු නිලධාරියා ලෙස සේවය කර ඇත. එමෙන් ම මීට පෙර, ඒ මහතා මහජන බැංකුවේ යෙදුම් පද්ධති ප්‍රධානී ලෙස වසර තුනකට අධික කාලයක් සහ නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ යෙදුම් සංවර්ධන හා තොරතුරු පද්ධති ජ්‍යෙෂ්ඨ කළමනාකරු ලෙස වසර පහළවක් ද කටයුතු කර ඇත.