director-image

භද්‍ර කල්‍යාණප්‍රිය ගුරුසිංහ මහතා

නියෝජ්‍ය මහා කළමනාකරු (සංවර්ධන බැංකු කටයුතු සහ ශාඛා ණය මෙහෙයුම් - කළාප II)

භද්‍ර කල්‍යාණ ප්‍රිය ගුරුසිංහ මහතා 2020 සැප්තැම්බර් මාසයේදී නියෝජ්‍ය මහා කළමනාකරු ( ශාඛා ණය මෙහෙයුම් -කළාප II) තනතුරට පත් කරන ලදුව, බැංකුවේ ආයතනික කළමනාකාරිත්වයේ සාමාජිකයෙකු බවට පත් විය. පසුව ප්‍රධාන නීති නිලධාරී සහ නියෝජ්‍ය මහා කළමනාකරු (නිමැවුම් හා බැංකු සංවර්ධන) යන තනතුරු හොබවන ලද අතර දැනට නියෝජ්‍ය මහා කළමනාකරු (සංවර්ධන බැංකු කටයුතු සහ ශාඛා ණය මෙහෙයුම් - කළාප II) ලෙස සේවය කරයි. කළමනාකරණ අභ්‍යාසලාභියෙකු ලෙස 1997 දී ලංකා බැංකුවෙහි සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ ඔහු, වසර ගණනාවක් පුරාවට බැංකුවේ උපායමාර්ගික වර්ධනයට සහ පරිවර්තනයන් සඳහා වූ ඔහුගේ දායකත්වය වෙනුවෙන් පිළිගැනීමට ලක්විය.

බැංකුකරුවෙකු ලෙස වසර 25 කට වැඩි අත්දැකීම් වලින් සපිරි ඔහු, ආයතනික සහ පුද්ගලික බැංකුකරණය සම්බන්ධයෙන් මෙන්ම, ආයතනික පරිවතනය සම්බන්ධයෙන් ප්‍රවීණයෙකි. 2017 සිට 2020 දක්වා ලංකා බැංකුවේ මාලදිවයින් ශාඛාවේ නේවාසික කළමනාකරු ලෙස සේවය කළ ගුරුසිංහ මහතා, ඉන් අනතුරුව නියෝජ්‍ය මහා කළමනාකරු (අනුකූලතා) ලෙස පත්වීම් ලැබීය. ඔහුගේ විදේශ අත්දැකීම් අතරට මාලදිවයිනේ ලංකා බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී වශයෙන් වසර තුනක සේවා කාලයක් ද ඇතුළත් වේ.

ගුරුසිංහ මහතා " වෙනස " ව්‍යාපෘතියේ සහ ICBS ව්‍යාපෘතියේ ප්‍රධාන කණ්ඩායම් සාමාජිකයෙකු වශයෙන් කටයුතු කිරීම ඇතුළුව බැංකුවේ ප්‍රතිව්‍යුහගතකරණ සහ පරිවර්තන වැඩසටහන් රැසක ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කළේය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලන (විශේෂ) විද්‍යාවේදී උපාධියක්, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්යාලයේ පොදුරාජ්‍ය මණ්ඩලීය විධායක ව්‍යාපාර පරිපාලන පශ්චාත් (CEMBA) උපාධියක් සහ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනයේ ව්‍යාපාර සහ මුල්‍ය පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් (PgDBM) ඇතුළුව ආකර්ෂණීය අධ්‍යාපන සුදුසුකම් රැසක් ලබා ඇති ඔහු, ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ ණය කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාවක්ද හදාරා ඇත.

ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ වෘත්තීය සුදුසුකම් ලත් නීතීඥයෙක් වන ගුරුසිංහ මහතා, ශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනය මෙන්ම ශ්‍රී ලංකා නීතීඥ සංගමය වැනි කීර්තිමත් සංවිධාන රැසක සාමාජිකත්වය ද දරයි.