ප්‍රධාන කාර්යාලය
+94 11 244 6790 to 811 +94 11 233 8741 or 755 |
+94 11 232 1160 |
boc@boc.lk |
SWIFT code : BCEYLKLX |
ඇමතුම් මධ්‍යස්ථානය
![]() | |
![]() | 1975 +94 11 220 4444 |
| 011 220 4444 (Text Chat - සාමාන්‍ය විමසීම් පමණි) | |
| Bank of Ceylon Facebook පිටුව (Text Chat) | |
| info@boc.lk |
පැමිණිලි සහ ප්‍රශංසා
ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව ලෙස, ලංකා බැංකුව සිය නිමැවුම් හා සේවාවලින් තමන්ගේ වටිනා ගනුදෙනුකාර භවතුන්ට තෘප්තිමත් සේවාවක් සැපයීමට කැපවී සිටී. ඔබේ අදහස් සහ යෝජනා සමග අපේ නිමැවුම් සහ සේවාවන් වඩාත් ඉහළ ගුණාත්මක බවකින් ලබා දීමට අප සෑමවිටම සූදානම් ය. අප සමග කටයුතු කිරීමේදී ඔබ ලද අත්දැකීම් අප වෙත දැනුම්දෙන්නේ නම්, අතිශයින් ස්තූතිවන්ත වන්නෙමු.
ප්‍රශංසා
ඔබේ අදහස් හෝ යෝජනා, අපේ සේවා විශිෂ්ටත්වය ඉහළ නැංවීමට ඉතා ප්‍රයෝජනවත් වේ. ඔබේ යෝජනා පිළිබඳ දැනගැනීමට අප විශේෂයෙන් උනන්දුවන්නේ ඒ නිසාමය. ඔබ අප සමග කටයුතු කිරීමේදී ලද සතුටුදායක අත්දැකීම් පිළිබඳ සවන්දීමට ද අපි කැමැත්තෙන් සිටිමු.
පැමිණිලි
අප වෙතින් උපරිම හා අසමසම සේවා අත්දැකීමක් ලබාදීමට අප සෑමවිටම කැපවී සිටින්නෙමු. එසේවුවද, අප වෙතින් ඔබ අපේක්ෂිත සේවාව ලැබී නැතැයි ඔබට හැඟෙන්නේ නම්, ඒ පිළිබඳ නිශ්චිත ව සියලු විස්තර දැනගැනීමට අප සෑමවිටම සූදානම් ය. අපගේ සේවා ප්‍රමිතිය නිසිලෙස පවත්වාගැනීමටත්, තවදුරටත් වර්ධනය කරගැනීමටත්, ඔබේ පැමිණිලි ඉතා වැදගත් වේ.
අප සම්බන්ධ කරගත හැක්කේ කෙසේද?
1 ක්‍රමය
ගනුදෙනුකාර අත්දැකීම් කළමනාකරණ (CXM) කණ්ඩායම
ඔබට ඔබේ ඕනෑම පැමිණිල්ලක් හෝ ප්‍රශංසාවක් මාර්ගගතව (Online) ලබාදීමට, අපේ CXM ඒකකය වෙත යොමුවිය හැකිය. ස්වයංක්‍රීය පද්ධතියක් මගින් ඔබේ කාරණාව/ඉල්ලීම වෙත ප්‍රමුඛතාවය හිමිවේ.
මාර්ගගතව ඔබේ අදහස ලබාදුන්විට, ඉන්පසු සිදුවන්නේ කුමක්ද?
- ඔබේ Online ඉල්ලීම ලැබුණ බවට දැනුම්දීමක් සහ යොමු අංකයක්, SMS හෝ ඊ-මේල් මගින් ක්ෂණිකව ඔබ වෙත එවනු ලැබේ.
- ඔබේ පැමිණිල්ල/ ඉදිරිපත් කළ තොරතුර සම්බන්ධව, අවශ්‍ය නම් අපේ නිලධාරියෙකු ඔබ සම්බන්ධ කරගනු ඇත.
- ඔබේ කාරණාව විසඳූ විට/ ඒ පිළිබඳ කටයුතු කරන විට, ඒ බව SMS හෝ ඊ-මේල් මගින් ඔබ වෙත එවනු ලැබේ.
- ලබාදුන් විසඳුම/ ප්‍රතිචාරය පිළිබඳ ඔබ සෑහීමකට පත් නොවන්නේ නම්, එය ලැබී සතියක් තුළදී වැඩිදුර කටයුතු/පැහැදිලිකරගැනීම් සඳහා ඉල්ලීමක් කිරීමට ඔබට හැකියාව ඇත.
ගනුදෙනුකාර සබඳතා ආකෘති පත්‍රය ප්‍රතිචාර හරහා සම්පූර්ණ කරන්න
දුරකථන :
ගනුදෙනුකාර අත්දැකීම් කළමනාකරණ ඒකකය : +94 11 220 4750 / +94 11 243 5814
සම්බන්ධතා මධ්‍යස්ථානය : 1975 | +94 11 220 4444
ෆැක්ස් : +94 11 243 5815
ඊ-මේල්: bocexmgt@boc.lk
තැපැල්:
ගනුදෙනුකාර අත්දැකීම් කළමනාකරු (CX Manager),
22 වෙනි මහළ,
BOC Tower,
BOC චතුරස්‍රය,
අංක 01, ලංකා බැංකු මාවත,
කොළඹ 01.
2 ක්‍රමය
අපගේ ඕනෑම ශාඛාවක්, සේවා ඒකකයක්, හෝ සම්බන්ධතා මධ්‍යස්ථානය (1975)
ඔබට අපගේ නිමැවුම් හෝ සේවා ගැන ඕනෑම පැමිණිල්ලක් හෝ ප්‍රශංසාවක් ලබාදීමට අවශ්‍ය නම්, අපේ ඕනෑම අපගේ ඕනෑම ශාඛාවක්, දෙපාර්තමේන්තුවක් හෝ ඇමතුම් මධ්‍යස්ථානය (1975) වෙත යොමුවෙන්න.
මූල්‍ය ඔම්බුඩ්ස්මන් මගින් විමර්ශනය කරවාගැනීම
ඔබේ පැමිණිල්ල පිළිබඳ අපේ ක්‍රියාපටිපාටි නිසි ලෙස සාධාරණව සිදුවෙනු ඇතැයි අපි උදක්ම අපේක්ෂා කරමු. කෙසේවෙතත්, එයින් ඔබ සෑහීමකට පත් නොවන්නේ නම්, ඔබට මූල්‍ය ඔම්බුඩ්ස්මන් වෙත පිවිසීමට හැක. මූල්‍යායතන සමග ඔබට ඇති ආරවුල් තත්ත්වය නිරාකරණය කිරීමට ඔහු විසින්, ස්වාධීන සේවාවක් නොමිලේ ලබාදෙනු ලැබේ.
වීසා කටයුතු සඳහා බැංකු ගිණුමේ ශේෂය නැවත තහවුරු කිරීම
එවැනි ශේෂයන් නැවත තහවුරු කිරීම සඳහා, ඔබට පහත සඳහන් ඕනෑම අයෙකු සම්බන්ධ කර ගත හැක.
ප්‍රධාන කළමනාකරු - තොරතුරු පද්ධති විගණනය ජ්‍යෙෂ්ඨ කළමනාකරු - තොරතුරු පද්ධති විගණනය |
| තොරතුරු පද්ධති විගණන අංශය, 24 වන මහල, ලංකා බැංකුව, අංක 1, BOC චතුරශ්‍රය, ලංකා බැංකු මාවත, කොළඹ 01, ශ්‍රී ලංකාව |

boc@boc.lk
SWIFT code : BCEYLKLX
