- භාණ්ඩාගාර බිල්පත් යනු, ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන කෙටි කාලීන මූල්‍ය උපකරණයකි.
- ශ්‍රී ලංකා මහබැංකුව ඒවා නිකුත්කරන්නේ මුල් පරිණත කාල දින 91, දින 182 හා දින 364 වශයෙනි.
- භාණ්ඩාගාර බිල්පත්, පරිණත වීමේ දී නිශ්චිත මුහුණත වටිනාකම/සාධාරණ වටිනාකම ගෙවනු ලබන ‘වට්ටම් කළ සුරැකුම්පතක්’ වන නිසා, පොලී ගෙවීමක් නොමැත.
- පොලී පදනම දින 364 කි.
ප්‍රතිලාභ
- ආපසු ගෙවීම අක්‍රීය වීමට කිසිදු ඉඩක් නැති ආයෝජනයකි. පොලිය හා පරිණත වටිනාකම, රජය මගින් ම තහවුරු කර ඇත.
- රඳවා ගැනීමේ බදු අය නොකෙරේ.
- භාණ්ඩාගාර බිල්පත් මගින් ද්වීතියික වෙළෙඳපොළේ ගනුදෙනු කළ හැකි අතර, ක්ෂණිකව ඈවර කළ හැකිය.
අවශ්‍ය ලිපි ලේඛන
නව තනි පුද්ගල / ඒකාබද්ධ ආයෝජකයින් සඳහා
- නිසි පරිදි පුරවන ලද අයදුම්පත
- රජයේ සුරැකුම්පත් සඳහා වන පාරිභෝගික ගිවිසුම - පාරිභෝගික ගිවිසුමේ පිටපත් දෙකක් සම්පූර්ණ කර නිසි පරිදි අත්සන් කළ යුතුය.
- ජාතික හැඳුනුම්පත / රියදුරු බලපත්‍රය / විදේශ ගමන් බලපත්‍රයේ පිටපත
- ලිපිනය සනාථ කිරීම සඳහා අවශ්‍ය ලියවිලි. (දී ඇති ලිපිනය ජාතික හැඳුනුම්පතේ සඳහන් ලිපිනයෙන් වෙනස් වන්නේ නම් පමණක්.
නව සමාගමක් / සංවිධානයක් / සංගමයක් සඳහා
- නිසි පරිදි පුරවන ලද අයදුම් පත්‍රය (සමාගම/ සංවිධානය / සංගමය)
- රජයේ සුරැකුම්පත් සඳහා වන පාරිභෝගික ගිවිසුම - පාරිභෝගික ගිවිසුමේ පිටපත් දෙකක් සම්පූර්ණ කර නිසි පරිදි අත්සන් කළ යුතුය.
- ලංකා බැංකුව සමඟ රජයේ සුරැකුම්පත්වල ආයෝජනය කිරීමට අනුමැතිය ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල යෝජනාව
- සංස්ථාපිත සහතිකය.
- බලයලත් අත්සන් කරුවන් ඉදිරිපත් කිරීම.
- සාමාන්‍ය තොරතුරු
- ගනුදෙනු සිදු කරනු ලබන්නේ ලංකා බැංකුව සමඟ පවත්වාගෙන යනු ලබන ජංගම හෝ ඉතුරුම් ගිණුම් හරහා පමණි.
- භාණ්ඩාගාර බිල්පත්වල අවම මුහුණත වටිනාකම රුපියල් 10,000/- කි.
- අයදුම්පත් දහවල් 12.00 ට පෙර භාණ්ඩාගාර අංශය වෙත ලබා දිය යුතුය.
- අයදුම්පත් භාණ්ඩාගාර අංශය වෙත විද්‍යුත් තැපෑල (pdu@boc.lk), ෆැක්ස් (011 2448207) හරහා හෝ ඕනෑ ම ලංකා බැංකු ශාඛාවක් වෙත ගෙනැවිත් භාර දිය හැකිය.
- ඕනෑ ම මුදල් ආපසු ගැනීමක් සඳහා භාණ්ඩාගාර අංශය වෙත විධිමත් ඉල්ලීමක් ඉදිරිපත් කළ යුතු අතර, භාණ්ඩාගාර බිල්පත් වෙළෙඳපොළ පවතින මිල ගණන් යටතේ වට්ටම් කරනු ලැබේ.
අනුපාත
සම්බන්ධතා තොරතුරු
භාණ්ඩාගාර අංශය (ප්‍රාථමික විකුණුම්කරු ඒකකය)
7 වන මහල,
ලංකා බැංකුව, ප්‍රධාන කාර්යාලය,
අංක 1, ලංකා බැංකු චතුරශ්‍රය, ලංකා බැංකු මාවත,
කොළඹ 1.
දුරකථන: 011 220 3607 / 011 244 8830
ෆැක්ස් : 011 244 8207

