ලංකා බැංකුවේ ආයෝජන බැංකු අංශය හරහා පුද්ගලයින්, ආයතනික සහ අරමුදල් ඇතුළු ගනුදෙනුකරුවන් රැසක් වෙත ආයෝජන කළඹ කළමනාකරණ සේවා (PMS) පුළුල් කර ඇත. වෙළෙඳපොළේ පවතින සුරැකුම්පත්වල අවදානම් / ප්‍රතිලාභ මත පදනම්ව අපි අපගේ ගනුදෙනුකරුවන්ට ගැළපෙන ආයෝජන විසඳුම් පිරිනමන්නෙමු.
ලංකා බැංකුව ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ බලපත්‍රලාභී ආයෝජන කළමණාකරුවෙකු වන බැවින්, ගනුදෙනුකරුවන්ට සිය අරමුදල්වල උපරිම ආරක්ෂාව සහතික කිරීම සඳහා ගුණාත්මක සහ කාර්යක්ෂම කළඹ කළමනාකරණ සේවා සපයයි. ලංකා බැංකුව ගනුදෙනුකරුවන්ගේ ආයෝජන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා තමා සතු සුදුසුකම් සහිත, පළපුරුදු ආයෝජන කණ්ඩායම හරහා විනිවිද භාවයෙන් යුතු, විශ්වසනීය සේවාවක් ලබා දෙයි.
ලංකා බැංකුව වෙතින් කළඹ කළමනාකරණ සේවාවන් ලබා ගැනීම මගින් ඔබට ලැබෙන ප්‍රතිලාභ :
- රජයේ සුරැකුම්පත්, භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර, ස්ථාවර තැන්පතු, සාමාන්‍ය තැන්පතු, ණයකර, වාණිජ පත්‍රිකා, ඒකක භාර, කොටස් සහ වත්කම් පිටුබලය සහිත භාර සහතික ආදී විවිධ උපාංග ආශ්‍රිතව හොඳ ම විකල්ප ආයෝජන අවස්ථා.
- සාමාන්‍ය ගනුදෙනුකරුවන්ට පුළුල් ලෙස ලබා ගත නොහැකි, වෙනස් වන මූල්‍ය වෙළෙඳපොළ තොරතුරු ලබා ගැනීමේ හැකියාව ලංකා බැංකුව සතුය.
- වඩා පහසු සේවා පරිසරයක්.
- සේවාලාභීන්ගේ වත්කම් විවිධාංගීකරණය කිරීම හරහා, ඉහළ ප්‍රතිලාභ සහ අඩු අවදානමක් සහතික කරයි.
- විවිධ අවදානම් තත්ත්වයන්ට ගැළපෙන පරිදි සකස් කරන ලද ආයෝජන සැලසුම්.