- BOC මිතුරු කුඩා කණ්ඩායම් සාමාජිකයින්ගේ ජීවන තත්ත්වය නංවාලීමට
- ගම තුල ඇති අවධානය යොමු නොවූ සම්පත් උපයෝගී කර ගැනීමට
- ‘BOC මිතුරු’ කණ්ඩායම් සාමාජිකයන් අතර ආදායම් උත්පාදන අවස්ථා වැඩි කිරීම
- සාමාජිකයින් සඳහා පිරිවැය-ඵලදායී සහ තිරසාර ක්ෂුද්‍ර ණය බෙදා හැරීමේ පද්ධතියක් ස්ථාපිත කිරීම
- කුඩා කණ්ඩායම් සාමාජිකයන් අතර ඉතුරුම් පුරුදු සහ අරපිරිමැස්ම ඇති කිරීම
සුදුසුකම්
ණය ගැණුම්කරු (BOC මිතුරු කුඩා කණ්ඩායම් සාමාජික)
- පාරිභෝගික හා සංවර්ධන බැංකු අංශයේ ලියාපදිංචි වූ කුඩා කණ්ඩායම් සාමාජිකයෙකු විය යුතුය (ශාඛා මගින් BOC මිතුරු කණ්ඩායම් නිර්මාණය කළ යුතුය)
- ස්ථිර පදිංචිකරුවෙකු වීම සහ කිසිදු මූල්‍ය ආයතනයකට හිතාමතා ණය පැහැර හැර නොතිබිය යුතුය. ව්‍යපෘති පිරිවැයෙන් 10% ට නොඅඩු ගනුදෙනුකරුගේ දායකත්වයක් සැපයීමට හැකි විය යුතු අතර යෝජිත ව්‍යාපෘතියට හොඳ මුදල් ප්‍රවාහයක් තිබිය යුතුය
BOC මිතුරු සමිතිය (මිතුරු කුඩා කණ්ඩායම් සමුහයක එකතුව)
- සමාගම් රෙජිස්ට්‍රාර්වරයා යටතේ සමිති ආඥාපනත අනුව ලියාපදිංචි සමිතියක් විය යුතුය
- බැංකුව විසින් ලබා දී ඇති මාර්ගෝපදේශ යටතේ පිහිටුවන ලද සංවර්ධන සමිතියක් විය යුතුය
- සමිතියේ නිලධාරී මණ්ඩලය සහ සාමාජිකයන් හිතාමතා ණය පැහැර හැර නොතිබිය යුතුය
උපරිම ණය මුදල
| ණය වර්ගය | BOC මිතුරු සාමාජික | BOC මිතුරු සමිතිය |
| උපරිම ණය මුදල | උපරිම ණය මුදල | |
| පළමු ණය | 100,000/- | 500,000/- |
| දෙවන ණය | 200,000/- | 750,000/- |
| තෙවන ණය | 300,000/- | 1,000,000/- |
| සිව්වන ණය | 500,000/- | - |
ආපසු ගෙවීමේ කාලය
‘BOC මිතුරු’ සාමාජිකයන් සඳහා ලබාදෙන ණය මුදල් වලට අදාලව
- ණය මුදල 200,000/- උපරිම මාස 36 දක්වා
- 200,000/- ට වැඩි ණය මුදල් සඳහා උපරිම මාස 60 කි
‘BOC මිතුරු’ සමිති සඳහා ලබාදෙන ණය මුදල් වලට අදාලව
- උපරිම මාස 60 යි

