ඔබ ඔබගේ ඩිජිටල් කන්ටෙන්ට් නිර්මාණකරණය ආශ්‍රිත ව්‍යාපාරය පුළුල් කිරීමට සිහින දකින අයෙක් ද? නැතහොත් සමාජ මාධ්‍ය, YouTuber හෝ ඩිජිටල් සේවා ආශ්‍රිත ව්‍යවසායකයෙකු ලෙස ඔබේ ගමන ආරම්භ කිරීමට සැලසුම් කරන කෙනෙක් ද ?

එසේ නම් ලංකා බැංකුව ශ්‍රී ලාංකේය සමාජ මාධ්‍ය ආශ්‍රිත නිර්මාණකරුවන් ඇතුළු ඩිජිටල් ව්‍යවසායකයින්ට මූල්‍යමය සහයෝගය ලබා දීම වෙනුවෙන් ම නිර්මාණය කර ඇති BOC e-Creator ණය යෝජනා ක්‍රමය සමඟ අද ම එක් වන්න.

BOC e-Creator ණය යෝජනා ක්‍රමය

BOC e-Creator යනු සමාජ මාධ්‍ය ආශ්‍රිත නිර්මාණයේ නියැලී සිටින පුද්ගලයින් හා YouTube, Instagram, TikTok, Facebook, ඇතුළු වෙනත් පිළිගත් මාර්ග  ගත ක්‍රමවේද ඔස්සේ කන්ටෙන්ට් නිර්මාණකරණයේ යෙදෙන ව්‍යවසායකයින් මූල්‍යමය වශයෙන් බල ගැන්වීම අරමුණු කරමින් නිර්මාණය කර ඇති සුවිශේෂී ණය යෝජනා ක්‍රමයකි. මෙම ණය පහසුකම කන්ටෙන්ට් නිර්මාණය, නිෂ්පාදන උපකරණ මිල දී ගැනීම, අලෙවිකරණය සහ අදාළ ව්‍යාපෘති ආශ්‍රිත අනෙකුත් වියදම් ආවරණය කර ගැනීම යන අවශ්‍යතා සඳහා  මූල්‍ය සහයෝගය ලබා දෙයි.

ඔබ BOC e-Creator ණය යෝජනා ක්‍රමය තෝරා ගත යුත්තේ ඇයි?

  • මෙම ණය යෝජනා ක්‍රමය ඩිජිටල් ව්‍යවසායකයින් සහ සමාජ මාධ්‍ය කන්ටෙන්ට් නිර්මාණකරුවන් වෙනුවෙන් විශේෂයෙන් නිර්මාණය කර ඇත.
  • ආකර්ෂණීය මෙන් ම ස්ථාවර පොලී අනුපාතයක්.
  • සහන කාලයක් සහිත නම්‍යශීලී ආපසු ගෙවීමේ ක්‍රමවේද.
  • දිවයින පුරා පිහිටා ඇති ලංකා බැංකු ශාඛා ජාලය හරහා පහසුවෙන් ලබා ගත හැකි වීම. 
සුදුසුකම්

පහත සඳහන් සුදුසුකම් සපුරා ඇත්නම් ඔබට BOC e-Creator ණයක් ලබා ගත හැකි ය.  

  • දැනට සමාජ මාධ්‍ය කන්ටෙන්ට් නිර්මාණකරණයෙහි නිරත වීම.
  • කන්ටෙන්ට් නිර්මාණකරණය වෙත අවතීර්ණ වීමට කැමැත්තක් දක්වන්නේ නම්  පිළිගත හැකි ව්‍යාපාර සැලැස්මක් ඉදිරිපත් කළ හැකි වීම.
  • නීත්‍යනුකූල ව පිළිගත හැකි සමාජ මාධ්‍ය ක්‍රියාකාරකම්වල නිරත වීම.
  • අයදුම්කරුවන් BOC Smart Freelancer ගිණුම් හිමියකු විය යුතු අතර, ව්‍යාපාරවලින් ලැබෙන ආදායම එක ම ගිණුමක් වෙත යොමු කළ යුතුය.

සමාජ මාධ්‍ය කන්ටෙන්ට් නිර්මාණ ව්‍යාපෘතිවලට අදාළ ආයෝජන සහ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා BOC e-Creator ණයක් ලබා ගත හැකිය.

විශේෂාංග

උපරිම ණය මුදල 

  • රු.500,000/-ක් හෝ ව්‍යාපෘති පිරිවැයෙන් 80% (මේ අතරින් අඩු ම අගය)

ආපසු ගෙවීමේ කාලය

  • වසර 5 ක් දක්වා. (මාස 6 ක විකල්ප  සහන කාලයක් ද ඇතුලත්ව) 

පොළී අනුපාතය 

  •  9.50% ක ස්ථාවර වාර්ෂික පොලී  අනුපාතයක්.

සුරැකුම් / ඇප 

  • බැංකුවට පිළිගත හැකි ඕනෑ ම සුරැකුමක්.
නියමයන් සහ කොන්දේසි
  • අයදුම්කරුවන් BOC Smart Freelancer ගිණුම් හිමියකු විය යුතු ය.
  • අදාළ ණය මුදල අනුමත ව්‍යාපෘති අරමුණු සඳහා පමණක්  භාවිත කළ යුතු ය.
  • එක් ගනුදෙනුකරුවෙකුට එක් BOC e-Creator ණයක් පමණක් අනුමත කරනු ලැබේ.
  • මෙම ණය යෝජනා ක්‍රමය යටතේ පවතින ණය පියවීම් හෝ ප්‍රතිමූල්‍යකරණයට අවසර ලබා දෙනු නොලැබේ.
  • අයදුම්කරුවන් හිතාමතා ණය ආපසු ගෙවීම පැහැර හැරීම සිදු නොකළ යුතු ය. 
  • ව්‍යාපෘති ශක්‍යතාව සහ ආපසු ගෙවීමේ හැකියාව ලංකා බැංකුව විසින් ඇගයීමට ලක් කරනු ලැබේ.
අමතන්න

ඔබගේ කනෙන්ට් නිර්මාණකරණ ව්‍යාපාරය විශ්වාසයෙන් යුතු ව ආරම්භ කරන්න.

ඔබේ නිර්මාණාත්මක ගමනට සහාය වීමට ලංකා බැංකුව සූදානමින් සිටී. BOC e-Creator ණයක් සඳහා අයැදුම් කර, ඔබේ කන්ටෙන්ට් නිර්මාණකරණ ව්‍යාපාරය මීළඟ අදියර කරා රැගෙන යන්න. 

වැඩිදුර තොරතුරු සඳහා, ඔබේ ළඟ ම ඇති ලංකා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 1975 අංකයෙන් ලංකා බැංකු ඇමතුම් මධ්‍යස්ථානය අමතන්න.

*නියමයන් සහ කොන්දේසි අදාළ වේ.

BOC e-Creator ණය යෝජනා ක්‍රමය

ඔබේ සහයට

  1975 |    +94 11 2204444

ඔබේ විමසීම

ඔබගේ විමසීම් සඳහා ඔබට සහාය වීමට අපි සූදානම්.
සම්පූර්ණ කර පහත පෝරමය ඉදිරිපත් කරන්න.

ඔබේ විමසීම 

ඔබේ තොරතුරු