අරමුණු 

  • පොල් නිෂ්පාදනය සහ පොල් ඉඩම්වල ඵලදායිතාව වැඩි කිරීම
  • පොල් ගොවීන්ගේ ආදායම් සහ ජීවන තත්ත්වය ඉහළ නැංවීම
  • රැකියා අවස්ථා වැඩි කිරීම 
  • අන්තර් භෝග සමඟ අලුත් පොල් සිටුවීම
  • අන්තර් භෝග සමඟ පොල් නැවත වගා කිරීම
  • පොල්වතු ප්‍රතිසංස්කරණය කිරීම සහ අන්තර් භෝග වගා කිරීම
  • පොල්වතු ප්‍රතිසංස්කරණය කිරීම
  • පොල් පමණක් වගා  කිරීමට 
  • පොල් ඉඩම් වාරිමාර්ග - බිංදු ජල සම්පාදන පද්ධතිය, නම්යශීලී නල පද්ධතිය
  • පොල් ඉඩම් සඳහා ගොවි උපකරණ මිලදී ගැනීම
  • අන්තර් භෝග වගාව සඳහා තවාන්
  • පොල් ඉඩම් වල සත්ව පාලනය
  • විදුලි වැට, අනෙකුත් ආරක්ෂක වැටවල් සවි කිරීම සහ නඩත්තු කිරීම
  • නවීන තාක්ෂණික ආරක්ෂණ උපාංග (එනම් CCTV, අනතුරු ඇඟවීමේ පද්ධති) සවි කිරීම
  • පොල් පැල සඳහා සෙවන සවි කිරීම

සුදුසුකම්

  • ශ්‍රී ලාංකික පුරවැසියෙකු වීම
  • ණය ගැනුම්කරු ව්‍යාපෘතියේ පිරිවැයෙන් 20%ක් කොටස් වශයෙන් දායක විය යුතුය
  • හිතාමතා පැහැර හැර ඇති  අයෙක් නොවිය යුතුය
  • බැංකුවට අවශ්‍ය ඇපකරය සැපයීමට හැකි වීම
  • සංවර්ධනය කිරීමට නියමිත පොල් ඉඩමේ හිමිකරු/බදුකරු විය යුතුය
  • ඉඩම් ප්‍රමාණය - එක් ගොවියෙකුට අවම වශයෙන් අක්කර ½ ක් සහ උපරිම වශයෙන් අක්කර 50 ක් 

ඇපකර

  • ව්‍යාපෘති වත්කම් මත උකස් තැබීම
  • අදාළ රක්ෂණ ඔප්පු පැවරීම
  • හිමිකම් ඔප්පු තැන්පත් කිරීම
  • පුද්ගලයන් දෙදෙනෙකුගේ හෝ බැංකුවට පිළිගත හැකි වෙනත් ඇපකරයක්

ණය ප්‍රමාණය

  • උපරිම රු. මිලියන 7.0
  • පොලී අනුපාතය (වා.පො) 8.00%

ආපසු ගෙවීමේ කාලය

  • මාස 60 (මාස 12 ක විකල්ප සහන කාලයක් ඇතුළුව)

මෙහෙයුම් ප්‍රදේශය

  • දීප ව්‍යාප්තව 

 

* කොන්දේසි අදාළ වේ

(මෙම පහසුකමෙහි ඕනෑම කොන්දේසියක්, නියමයක් හෝ ප්‍රකාශයක් වෙනස් කිරීමට, එකතු කිරීමට හෝ සංශෝධනය කිරීමට ලංකා බැංකුවට බලය ඇත)

වැඩි විස්තර සඳහා, කරුණාකර ඔබගේ ළඟම ඇති ලංකා බැංකුවේ ශාඛාවේ කළමනාකරු හෝ 1975 ඇමතුම් මධ්‍යස්ථානය  අමතන්න