ශ්‍රී ලාංකේය කෘෂි කර්මාන්තයට සවිමත් අත්වැලක්

BOC Agri Banking Unit දේශයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය නැංවීම සඳහාම සැකසුණු වැඩසටහනකි. 

මෙම බැංකු ඒකකය මඟින්;

  • නව තාක්ෂණය වෙත ප්‍රවේශය
  • කෘෂි නිෂ්පාදනවලට වටිනාකමක් එකතු කිරීම
  • ශක්තිමත් කෘෂිකාර්මික වටිනාකම් දාමයන් ගොඩනැගීම
  • ජාත්‍යන්තර වෙළඳපොළවල් වෙත පිවිසීම 

සඳහා විශේෂ මූල්‍ය විසඳුම් පිරිනමමින් ගොවි ජනතාවට, කෘෂි ව්‍යවසායකයින්ට සහ කෘෂි ක්ෂේත්‍රයේ කොටස්කරුවන්ට විශේෂ සහයෝගයක් ලබා දේ.

කෘෂි ව්‍යාපාර සඳහා මූල්‍ය විසඳුම් 

ලංකා බැංකුව විසින් පුළුල් පරාසයක විහිදුණු කෘෂි ව්‍යාපාර ණය යෝජනා හා කෘෂිකාර්මික මූල්‍ය විසඳුම් රැසක් නිර්මාණය කර ඇත.
මෙම විසඳුම් මඟින්;

  • ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර
  • තරුණ ව්‍යවසායකයන්
  • කාන්තා ව්‍යවසායකයන්
  • සමස්ත වටිනාකම් දාමයේ ඇති කෘෂි ව්‍යාපාර

සඳහා සහයෝගය දක්වනු ලැබේ. 

තිරසර වර්ධනය උදෙසා....

අප විසින් විශේෂිතව නිමවූ කෘෂිකාර්මික මූල්‍ය විසඳුම් පහත අරමුණු සඳහා සැලසුම් කර ඇත.

  • ඵලදායීතාව හා මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීම 
  • ශක්තිමත් කෘෂිව්‍යාපාර වටිනාකම් දාමයන් නිර්මාණය කිරීම 
  • නවෝත්පාදනය හා තිරසාර භාවය ප්‍රවර්ධනය කිරීම 
  • කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ දිගු කාලීන වර්ධනයක් ඇතිකිරීම

අපගේ  ප්‍රධාන ණය යෝජනාක්‍රමයන්

  • Re-MSME Plus ණය යෝජනාක්‍රමය
  • BOC DairyPlus ණය යෝජනාක්‍රමය
  • නව විස්තීරණ ග්‍රාමීය ණය යෝජනාක්‍රමය (NCRCS)
  • කප්රුක - පොල් සංවර්ධන ණය යෝජනාක්‍රමය
  • කුඩා හා මධ්‍ය පරිමාණ (SME) වී මෝල් හිමිකරුවන් සහ සමූපකාර සමිති (2025/26 මහ කන්නය) සඳහා සහනදායී පොලී සහිත අත්තිකාරම් ණය යෝජනා ක්‍රමය 
  • කෘෂිකාර්මික හා කාර්මික ක්ෂේත්‍රයන්හි තරුණ ව්‍යවසායකයින් සංවර්ධනය සඳහා වන ණය යෝජනාක්‍රමය

 

BOC Agri Power විශේෂ ස්ථාවර තැන්පතු යෝජනාක්‍රමය 

  • BOC Agri Power විශේෂ ස්ථාවර තැන්පතු යෝජනාක්‍රමය ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශයේ සංවර්ධනයට දායකවෙමින් ආකර්ෂණීය ප්‍රතිලාභ භුක්තිවිඳීමට ආයෝජකයන්ට විශේෂ අවස්ථාවක් ලබා දේ. මෙම තැන්පතු ක්‍රමය ගොවීන් බලගැන්වීම හා රට පුරා කෘෂි ව්‍යාපාර ශක්තිමත් කිරීම මඟින් තිරසාර ග්‍රාමීය සංවර්ධනයට සහාය වීමට නිර්මාණය කර ඇත.

 

කෘෂිකාර්මික ණය කෘෂි ව්‍යාපාර මූල්‍යකරණය හෝ ආයෝජන අවස්ථා පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා අපගේ BOC Agri Banking Unit සමඟ සම්බන්ධ වීමට ඔබට ළඟම ලංකා බැංකු ශාඛාවට පැමිණීමට හෝ 1975 අංකය හරහා 24/7 අපගේ ඇමතුම් අධ්‍යස්ථානය අමතන්න.

ඔබගේ අවශ්‍යතා සපුරාලන වඩාත් සුදුසු මූල්‍ය විසඳුම් තෝරා ගැනීමට ඔබට සහාය වීමට අප කණ්ඩායම සූදානම්ව සිටි.

BOC Agri Banking Unit 

T : 011 220 4555
T : 011 220 4575
E : agri@boc.lk

ඔබේ සහයට

  1975 |    +94 11 2204444