කොවිඩ්-19 සහන පහසුකම (COVID-19 CRF)
සංස්ථාපිත සමාගම් සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (SMEs) සඳහා කාරක ප්‍රාග්ධන ණය යෝජනා ක්‍රමය
අරමුණ
- COVID-19 වසංගතයෙන් පීඩාවට පත් වූ ණය ගැතියන්ගේ ස්ථිර කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා අරමුදල් සැපයීම.
සුදුසුකම්
- සංස්ථාපිත සමාගම් - වාර්ෂික පිරිවැටුම රුපියල් මිලියන 750.0 ට වැඩි.
- කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය - වාර්ෂික පිරිවැටුම රුපියල් මිලියන 750.0 ට අඩු හෝ නිෂ්පාදන අංශයේ නම් සේවකයින් 300 ට අඩු හෝ සේවා අංශයේ නම් සේවකයින් 200 කට අඩු.
- ලියාපදිංචි ව්‍යාපාරයක් විය යුතුය.
- මෙම යෝජනා ක්‍රමය යටතේ එක් ආයතනයකට ලබාගත හැක්කේ එක් ණයක් පමණි.
සුදුසුකම් ලබන කර්මාන්ත
- කෘෂිකර්මය සහ ධීවර කර්මාන්තය
- නිෂ්පාදන
- විදුලිය, ගෑස් වාෂ්ප, වායු සමීකරණ
- ජල සැපයුම (මලාපවහන, අපජලය, පිළියම් කිරීම)
- ඉදිකිරීම්
- තොග සහ සිල්ලර වෙළඳාම
- ප්‍රවාහන සහ ගබඩා කිරීම්
- නවාතැන්
- තොරතුරු හා සන්නිවේදන
- වෘත්තීය, විද්‍යාත්මක හා තාක්ෂණික ක්‍රියාකාරකම්
- පරිපාලන සහ සහාය සේවා කටයුතු
- අධ්‍යාපන
- මානව සෞඛ්‍ය හා සමාජ වැඩ කටයුතු
උපරිම ණය මුදල
- රුපියල් මිලියන 100.0
කොවිඩ්-19 අර්බුද ප්‍රතිචාර පහසුකම පාරිසරික සහ සමාජ කළමනාකරණ පද්ධති ප්‍රතිපත්තිය »

