Agri-Power විශේෂ ස්ථාවර තැන්පතු යෝජනාක්‍රමයෙන් ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශයේ උන්නතිය සඳහා දායක වීමට, තිරසර අනාගතයක් නිර්මාණය කිරීමට හා පොලී ආදායමක් උපයා ගැනීමට අපේක්ෂාවෙන් පසුවන දේශප්‍රේමී මෙන්ම සමාජීය වශයෙන් වගකිවයුතු ආයතනවලට හා පුද්ගලයින්ට අද්විතීය අවස්ථාවක් ලබා දෙයි

 

සුදුසුකම්

  • වයස අවුරුදු 18 හෝ ඊට වැඩි ශ්‍රී ලංකාවේ පදිංචිකරුවන්
  • ශ්‍රී ලංකාවේ පදිංචි නොවන-සංක්‍රමණික සේවකයින්
  • ශ්‍රී ලංකාවේ නිසි පරිදි ලියාපදිංචි වී ඇති/සංස්ථාගත කර ඇති ආයතන

විශේෂාංග

අවුරුදු 2 Agri-Power ස්ථාවර තැන්පතුව

කාල සීමාව: අවුරුදු 2
අවම තැන්පතුව: රු. 5,000/-

පොලිය ගෙවීමමාසික පොලිය ගෙවීමකල්පිරීමේදී ගෙවනු ලබන පොලිය
නාමික අනුපාතය (වාර්ෂිකව)5.00%වාර්ෂිකව 5.50%
වාර්ෂික ස.පො. අනුපාතය (AER)5.12%5.36%
පොලිය ගෙවීමජංගම/ඉතුරුම් (CASA) ගිණුමට ප්‍රේෂණයපොලී මුදල  සමඟ තැන්පතුව අලුත් කිරීම හෝ ජංගම/ඉතුරුම් (CASA) ගිණුමට ප්‍රේෂණය

 

අවුරුදු 4 Agri-Power ස්ථාවර තැන්පතුව

කාල සීමාව: අවුරුදු 4   
අවම තැන්පතුව: රු. 5,000/-

පොලිය ගෙවීමමාසික පොලිය ගෙවීමකල්පිරීමේදී ගෙවනු ලබන පොලිය
නාමික අනුපාතය (වාර්ෂිකව) 5.25%6.00%
වාර්ෂික ස.පො. අනුපාතය (AER)5.38%5.53%
පොලිය ගෙවීමජංගම/ඉතුරුම් (CASA) ගිණුමට ප්‍රේෂණයපොලී මුදල  සමඟ  තැන්පතුව අලුත් කිරීම හෝ ජංගම/ඉතුරුම් (CASA) ගිණුමට ප්‍රේෂණය

 

අමතර ප්‍රතිලාභ

  • කෘෂිකාර්මික අංශයට දක්වන දායකත්වය ඇගයීම සඳහා වන විශේෂ ඇගයීම් ලිපිය
  • අන්තර්ජාල බැංකුකරණය හා ස්මාර්ට් පාස්බුක් පහසුකම්
  • කල්පිරීමේදී විද්‍යුත් ප්‍රකාශන හෝ මුද්‍රිත ප්‍රකාශන
  • ස්වයංක්‍රීයව අලුත් කිරීම
  • එක් ගනුදෙනුකරුවකුට Agri-Power ස්ථාවර තැන්පතු ගිණුම් ගණනාවක් විවෘත කළ හැකිය
  • තැන්පතුව මත ණය/අත්තිකාරම් පහසුකම් ලබා ගත හැකිය (බැංකුවේ මාර්ගෝපදේශ අනුව)

ප්‍රධාන කොන්දේසි

  • අවම තැන්පතුව: රු. 5,000/-
  • ශ්‍රී ලංකා රුපියල් වලින් පමණක් ගිණුම් විවෘත කළ හැක
  • කල්පිරීමෙන් පසු මුදල් ආපසු නොගන්නේ නම්, තැන්පතුව සමාන කාලයක් සඳහා ස්වයංක්‍රීයව අලුත් කරනු ලැබේ
  • අලුත් කිරීමේදී පවතින පොලී අනුපාතය අදාළ වේ

 

අදම Agri -Power ස්ථාවර තැන්පතුවෙහි මුදල් ආයෝජනය කර ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අනාගතයට සහාය වෙමින් ඔබේ ඉතුරුම් වර්ධනය කරගන්න

අවශ්‍ය ලියකියවිලි

පදිංචිකරුවන් සඳහා:

  • ජාතික හැඳුනුම්පතේ පිටපතක් (NIC)
  • ජාතික හැඳුනුම්පතේ ඇති ලිපිනය වෙනස් වේ නම්, ලිපිනය තහවුරුකිරීමේ ලේඛන 

ශ්‍රී ලංකාවේ පදිංචි නොවන අය සඳහා:

  • ඉල්ලුම්කරුගේ විදේශ ගමන් බලපත්‍රයේ පිටපතක් (ජීව දත්ත තොරතුරු ඇතුළත් පිටුව)
  • ජාතික හැඳුනුම්පත් අංකය (තහවුරු කළ යුතුය)
  • වලංගු වීසා බලපත්‍රයේ පිටපතක් හෝ රැකියාව තහවුරු කිරීම සඳහා ලේඛනමය සාක්ෂි
  • වලංගු ලිපිනය තහවුරුකිරීමේ ලේඛනවල පිටපතක්

ආයතන සඳහා:

  • ආයතනයේ වර්ගය අනුව අවශ්‍ය සනාථකිරීමේ ලේඛන (ලියාපදිංචි ලේඛන, යෝජනා සම්මතය, හිමිකාරිත්ව විස්තර ආදිය)
නියමයන් හා කොන්දේසි
  • අර්ධ වශයෙන් මුදල් ආපසුගැනීම් සඳහා අවසර නොලැබේ. ස්ථාවර තැන්පතු සඳහා අදාළ වන දඩ නීතිවලට යටත්ව කල්පිරීමට පෙරාතුව ගිණුම් වසාදැමිය හැක.
  • නේවාසික හෝ අනේවාසික යන කාණ්ඩ දෙකෙන් එකම කාණ්ඩයට අයත් පාර්ශ්වයන් සමඟ බද්ධ ගිණුම් විවෘත කළ හැකිය.
  • තැන්පතුවේ මුදල වැඩිකරන අවස්ථාවේදී ස්ථාවර තැන්පතු සහතිකය භාර දිය යුතුය.
  • නැතිවූ තැන්පතු සහතිකය පිළිබඳ වහාම බැංකුවට වාර්තා කළ යුතුය.
  • ගිණුම විවෘත කළ ශාඛාවේදී පමණක් ගිණුම වසාදැමීම කරනු ලැබේ.

ඔබේ සහයට

  1975 |    +94 11 2204444