ගෙවීම් ඇණවුම් සහ විදේශ බැංකු අණකර නිකුත් කිරීම
- පාරිභෝගිකයින්ට ශ්‍රී ලංකා රුපියල් දේශීය ගෙවීම් සඳහා ගෙවීම් ඇණවුම් සහ ජාත්‍යන්තර ගෙවීම් සඳහා විදේශීය බැංකු අණකර ලබා ගත හැකිය
වැඩි විස්තර සඳහා
දුරකතන : 011 220 3107
දුරකතන : 011 220 3120
විද්‍යුත් තැපැල්: csm660@boc.lk
චෙක්පත් සහ ගෙවීම් ඇණවුම් නිෂ්කාශනය කිරීම
ලංකා බැංකුව හරහා ඉක්මන් චෙක්පත් නිශ්කාෂණය
- ලංකා බැංකුවේ ශාඛාවන් වෙත යොමුකරන ලදුව ලංකා බැංකුවේ ඕනෑම ශාඛාවක තැන්පත් කරන ලද චෙක්පත් එදිනම නිශ්කාෂණය වන අතර, අනෙකුත් බැංකු චෙක්පත් පසු දින නිශ්කාෂණය කෙරෙනු ලැබේ.
වැඩි විස්තර සඳහා අමතන්න
දුරකතන : 011 220 3124
දුරකතන : 011 220 3118
විද්‍යුත් තැපැල්: corp@boc.lk
ලංකා බැංකු i-net පහසුකම
- පාරිභෝගිකයින්ට ඔවුන්ගේ ජංගම ගිණුම් මෙහෙයුම් අන්තර්ජාලය හරහා පිරික්සිය හැකිය
අන්තර්ජාල සහ ජංගම දුරකතන බැංකුකරණ පහසුකම්
BOC Smart Online Banking (ආයතනික අනුවාදය), ආයතනික ගනුදෙනුකරුවන් සඳහා සම්පූර්ණ මාර්ගගත බැංකුකරණ සේවාවක් සපයයි.
සේවාවන්:
- ලංකා බැංකු ගිණුම් වෙත මෙන්ම අනෙකුත් බැංකුවල ගිණුම් වෙත අරමුදල් මාරු කිරීම
- EPF/ETF ගෙවීම්
- ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සහ ශ්‍රී ලංකා රේගුවේ ගෙවීම්
- බිල්පත් ගෙවීම් (ජල/ විදුලි/ දුරකථන)
- ක්‍රෙඩිට් කාඩ් ගෙවීම්
- ශේෂ විමසීම් පහසුකම
- අධිවේග මාර්ග ගාස්තු ගිණුම් ශේෂ ඉහළ දැමීම
- රක්ෂණ ගෙවීම්
- බැංකු ගිණුම් ප්‍රකාශ බාගත කිරීමේ පහසුකම
වැඩි විස්තර සඳහා
දුරකතන : 011 220 3117
විද්‍යුත් තැපැල්: corp@boc.lk
විද්‍යුත් ප්‍රකාශන පහසුකම
- ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ ගිණුම් සැකසුම් සහ විගණන අරමුණු සඳහා විද්‍යුත් බැංකු ගිණුම් ප්‍රකාශන විද්‍යුත් තැපෑල හරහා නොමිලේ ලබා ගැනීමේ පහසුකම
රැස් කිරීමේ ගිණුම්
- ලංකා බැංකුවේ රැස් කිරීමේ ගිණුම් ඔබට නවතම සහ නවෝත්පාදනයෙන් යුත් මෙවලම් සමඟින් කවුන්ටරය හරහා සහ ඩිජිටල් නාලිකා හරහා ගෙවීම් එකතු කිරීමේ පහසුකම සහ ගෙවීම් වඩාත් කාලෝචිත, නිරවද්‍ය සහ කාර්යක්ෂම ලෙස හැසිරවීමේ පහසුකම ලබා දෙයි.
- ආයතනික ගනුදෙනුකරුවන්ගේ ගනුදෙනුකරුවන් විසින් තැන්පත් කරන ලද අරමුදල් එකතු ගැනීමට සහ මාර්ගගතව ගෙවීම් යාවත්කාලීන කිරීමට හැකි වන පරිදි ක්ෂණිකව ගෙවීම් සිදුකිරීම ලංකා බැංකුව හරහා සිදුකළ හැකිය.
වැඩි විස්තර සඳහා
දුරකතන : 011 220 3103
දුරකතන : 011 220 3108
විද්‍යුත් තැපැල්: om660@boc.lk
ස්ථාවර නියෝග
ස්ථාවර නියෝගවල ප්‍රතිලාභ
- ඔබට නිරතුරුව සිදුකෙරෙන මාසික ගෙවීම්, ස්ථාවර අරමුදල් මාරු කිරීම් හෝ වෙනත් ස්ථාවර ගනුදෙනු සිදු කිරීමට ඇත්නම්, ලංකා බැංකුව විසින් එවැනි ගෙවීම් ස්වයංක්‍රීයව සිදු කිරීමට පහසුකම් සපයයි.
- ඕනෑම ගෙවීමක් හෝ බිල්පත් පියවීමක් අවශ්‍ය පරිදි ස්වයංක්‍රීයව ගෙවිය හැක
- කොපමණ මුදලක් ගෙවිය යුතුද යන්න සහ ගෙවිය යුත්තේ කවදාද යන්න බැංකුවට දැනුම් දිය හැකිය
- ඕනෑම අවස්ථාවක ස්ථාවර නියෝගය අවලංගු කිරීමේ හැකියාව
- ස්ථාවර නියෝග ඔබේ කුලී, රක්ෂණ ඔප්පු වාරික, බිල්පත් ගෙවීම්, දායක මුදල් (subscription) ආදිය වැනි ස්ථාවර වියදම් ගෙවීමට ප්‍රයෝජනවත් වේ.
සපුරාලිය යුතු සුදුසුකම්
ලංකා බැංකුවේ ගිණුම් හිමියෙකු විය යුතුය
ලේඛන
- ස්ථාවර නියෝග අයදුම්පත
- අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය
- අදාළ වෙනත් ලියකියවිලි
ගාස්තු (පවත්නා ගාස්තු අනුව කලින් කල වෙනස් විය හැක)
එක්සත් ජනපද ඩොලර් (USD) නිෂ්කාශනය
- ලංකා බැංකු ගනුදෙනුකරුවන්ට තම ගනුදෙනුකරුවන්ගෙන් ලැබෙන විදේශීය බැංකු අණකර නිෂ්කාශනය කිරීමට එක්සත් ජනපද ඩොලර් නිෂ්කාශන පහසුකමක් ලබා ගත හැක. පෙර දැනුම් දී ඇති කාලසීමාවන්ට අනුකූලව අනුව විදේශීය බැංකු අණකර නිෂ්කාශනය කෙරේ.
වැඩි විස්තර සඳහා අමතන්න
දුරකතන : 011 220 3120
විද්‍යුත් තැපැල්: csm660@boc.lk
අරමුදල් කළමනාකරණය
- දෛනික ජංගම ගිණුම්වල ඇති අතිරික්ත මුදල් විශේෂ අරමුදල් කළමනාකරණ ගිණුමක ආයෝජනය කිරීමට හෝ අරමුදල් කළමනාකරණ ගිණුමක ඇති අතිරික්ත මුදල් ජංගම ගිණුමකට හුවමාරු කිරීමට ලබා දෙන සේවාව හරහා ලංකා බැංකුව ඔබට අතිරික්ත අරමුදල් මත ආදායමක් උපයා ගැනීමට හා අයිරා පොලී කළමනාකරණයට අවස්ථාව ලබා දෙයි.
වැඩි විස්තර සඳහා
දුරකතන : 011 220 3107
දුරකතන : 011 220 3104
විද්‍යුත් තැපැල්: csm660@boc.lk

