
ලංකාවේ හොඳම “පුංචි පිකාසෝ” ඔබද?
ලංකා බැංකුවේ 85 සංවත්සරයට සමගාමීව පැවැත්වෙන
“පුංචි පිකාසෝ” චිත්‍ර තරගය
'පුංචි පිකාසෝ' දීප ව්‍යාප්ත චිත්‍ර තරගය වයස අවුරුදු 2 ½ සිට අ.පො.ස. උසස් පෙළ දක්වා පෙරපාසල් /පාසල් සිසුන් සහ පාසල් ගුරුවරුන් සඳහා පැවැත්වෙන අතර අයදුම්කරුවන්ට ගැලපෙන තේමාවක් ඔස්සේ චිත්‍ර නිර්මාණ ඉදිරිපත් කළ හැකිය.
තරග කාණ්ඩ පහත පරිදි වේ.
| කාණ්ඩය සහ ශ්‍රේණිය | වයස් කාණ්ඩය | |
|---|---|---|
| I. | පෙර පාසල් | අවුරුදු 2 1/2 සිට 5 දක්වා |
| II. | 1 සහ 2 ශ්‍රේණි | අවුරුදු 6 සිට 7 දක්වා |
| III. | 3 සිට 5 ශ්‍රේණි | අවුරුදු 8 සිට 10 දක්වා |
| IV. | 6 සිට 9 ශ්‍රේණි | අවුරුදු 11 සිට 14 දක්වා |
| V. | 10 සිට 13 ශ්‍රේණි | අවුරුදු 15 සිට 19 දක්වා |
| VI. | ගුරුවරුන් | වයස් සීමාවක් නැත |
(ජාත්‍යන්තර/පෞද්ගලික පාසල් දරුවන් වයස අනුව අදාළ වයස් කාණ්ඩය තෝරාගත යුතුය.)
ගුරුවරුන්ගේ අංශය: ජාතික මට්ටම
| පළමු ස්ථානය | රු. 150,000/- සමඟ පදක්කමක් සහ සහතික පතක් |
| දෙවන ස්ථානය | රු. 125,000/- සමඟ පදක්කමක් සහ සහතික පතක් |
| තෙවන ස්ථානය | රු. 100,000/- සමඟ පදක්කමක් සහ සහතික පතක් |
| කුසලතා තෑගි 5ක් | රු. 50,000/- සමඟ සහතික පතක් |
ත්‍යාග සහ සහතික
ජයග්‍රාහකයන්ට පමණක් නොව ඔවුන් අයත් පාසල් සඳහා ද ත්‍යාග පිරිනැමීමට අප සූදානම්.
| ශිෂ්‍ය අංශ : ජාතික සහ පළාත් මට්ටම් | පළාත් මට්ටමේ ත්‍යාග | ||
|---|---|---|---|
| ස්ථානය | ජාතික මට්ටමේ ත්‍යාග | ජයග්‍රාහකයාගේ පාසල සඳහා ජාතික මට්ටමේ ත්‍යාග | |
| පළමු | රු. 100,000/- සමඟ පදක්කමක්, සහතික පතක් සහ වෙනත් තෑගි | රු. 25,000/- (ලංකා බැංකු පාසල් සංසදයක් ඇත්නම් රු. 35,000/-) | රු. 25,000/- සමඟ සහතික පතක්. ජයග්‍රාහකයාගේ පාසලට රු. 12,500/- (ලංකා බැංකු පාසල් සංසදයක් ඇත්නම් රු. 22,500/-) |
| දෙවන | රු. 75,000/- සමඟ පදක්කමක්, සහතික පතක් සහ වෙනත් තෑගි | රු. 15,000/- (ලංකා බැංකු පාසල් සංසදයක් ඇත්නම් රු. 25,000/-) | රු. 15,000/- සමඟ සහතික පතක් |
| තෙවන | රු. 50,000/- පදක්කමක්, සහතික පතක් සහ වෙනත් තෑගි | රු. 10,000/- (ලංකා බැංකු පාසල් සංසදයක් ඇත්නම් රු. 20,000/-) | රු. 10,000/- සමඟ සහතික පතක් |
| කුසලතා තෑගි 10ක් | රු. 10,000/- සමඟ සහතික පතක් | - | රු. 5,000/- සමඟ සහතික පතක් |
නියමයන් සහ කොන්දේසි
- එක් අයකුට තරගය සඳහා ඉදිරිපත් කළ හැක්කේ එක් චිත්‍රයක් පමණි.
- සිතුවම් කිරීමට පළල 18 X උස 14 ප්‍රමාණයේ සුදු කඩදාසි භාවිත කළ යුතුය. (6 ශ්‍රේණියේ සිට ඉහල ශ්‍රේණිවල දරුවන් සහ ගුරුවරුන් සඳහා)
වයස අවුරුදු 10න් පහළ දරුවන්ට අවශ්‍ය නම්, A3 (පළල 17 x උස 11) ප්‍රමාණයේ කඩදාසියක් භාවිත කළ හැකිය. - ඕනෑම වර්ණ මාධ්‍යයක් (පැස්ටල්/දියසායම්/පෝස්ටර් සායම් හෝ සුදුසු මාධ්‍යයක්) භාවිතා කළ හැකිය.
- සිතුවම වටා බෝඩරයක් නොතැබිය යුතුය.
- නියමිත අයදුම් පතක් නිසි ලෙස සම්පූර්ණ කර චිත්‍රය පිටුපස නොගැලවෙන සේ ඇලවිය යුතුය.
- සිතුවම රෝල් කිරීම හෝ නැවීම නොකළ යුතුය.
- විනිශ්චය සහ තරග කොන්දේසි පිළිබඳ අවසාන තීරණය ලංකා බැංකුව සතුය.
- ජයග්‍රාහකයන් තම වයස තහවුරු කිරීමට අවශ්‍ය ලිපිලේඛන ඉදිරිපත් කිරීමට කටයුතු කළ යුතුය.
තරගයට ඇතුළත් වීමට සුදුසුකම්
- ලංකා බැංකුවේ ඕනෑම වර්ගයක ගිණුමක් හිමි දරුවන්ට සහ ගුරුවරුන්ට (පෙරපාසල්/පාසල්) තරගයට සහභාගි විය හැකිය.
- ලංකා බැංකුවේ ගිණුමක් නොමැති නම්, නිර්මාණ භාරදෙන අවස්ථාවේ නව ගිණුමක් ආරම්භ කිරීමෙන් තරගයට ඇතුළත් විය හැක.
- ඔබේ නිර්මාණය ළඟම ඇති ලංකා බැංකු ශාඛාවට භාර දී පුංචි පිකාසෝ සහතික පත්‍රය එවෙලේම ලබාගන්න.
- චිත්‍ර භාරගැනීම 2024 ඔක්තෝබර් 30 වැනිදා දක්වා සියලුම ලංකා බැංකු ශාඛාවන් හිදී සිදු කෙරේ.
- වැඩිදුර විස්තර ළඟම ලංකා බැංකු ශාඛාවෙන් හෝ දුරකථන අංක 1975 මඟින් ලංකා බැංකු ඇමතුම් මධ්‍යස්ථානයෙන්.
අයදුම්පත බාගත කිරීමට ⇣⇣
දුරකථන අංක :
ප්‍රධාන කාර්යාලය - 076 533 1600 / 011 220 4538
කොන්දේසි අදාළ වේ.