මෙම ණය කාඩ්පත් අයදුම් පත්‍රය අත්සන් කිරීමෙන්, සහ/හෝ ඔබේ කාඩ්පත ක්‍රියාත්මක කිරීමෙන් සහ/හෝ භාවිත කිරීමෙන් ඔබ මෙහි දක්වා ඇති නියමයන් සහ කොන්දේසිවලට බැඳී සිටීමට එකඟ වේ.
1. නිර්වචනයන් :
පහත සඳහන් නියමයන් සහ කොන්දේසිවල “මෙම ගිවිසුම” යන්නෙන් බැංකුව සහ ණය කාඩ්පත් හිමියා අතර ඇති ගිවිසුම අදහස් වන අතර එහි නියමයන් කලින් කලට වෙනස්වීමට ඉඩ ඇත. “බැංකුව” යනු ලංකා බැංකුව යි. “කාඩ්පත” යනු මූලික, අතිරේක/ අමතර සහ ආදේශන කාඩ්පත් ද ඇතුළුව කාඩ්පත් හිමියකුට බැංකුව විසින් නිකුත් කරනු ලබන බීඕසී ණය කාඩ්පත යි. “කාඩ්පත් ගිණුම” යනු ප්‍රධාන කාඩ්පත් හිමියාට සහ අතිරේක කාඩ්පත් හිමියාට නිකුත් කරන ලද කාඩ්පතෙහි/පත්වල කාඩ්පත් ගනුදෙනු සම්බන්ධයෙන් බැංකුව විසින් පවත්වාගෙන යනු ලබන ගිණුමකි. "කාඩ්පත් හිමියා" යන්නෙන් ලංකා බැංකුව විසින් ණය කාඩ්පතක් නිකුත්කරනු ලබන්නේ යම් අයකුගේ පාවිච්චිය සඳහාද එම පුද්ගලයා අදහස් වේ. “කාඩ්පත් ගනුදෙනුව” යනු භාණ්ඩ/ සේවා සැපයීම වෙනුවෙන් වෙළෙන්දකුට කරනුලබන යම් ගෙවීමක් හෝ කාඩ්පත හෝ කාඩ්පත් අංකය භාවිතයෙන් හෝ ඕනෑම ආකාරයකින් කාඩ්පත් ගිණුම හරකිරීමට කාඩ්පත් හිමියා විසින් අවසර දීමෙන් ලබාගන්නා මුදල් අත්තිකාරම කි. බැංකුව විසින් කලින් කලට තීරණය කර ප්‍රධාන කාඩ්පත් හිමියාට දැනුම්දෙනු ලබන, කාඩ්පත් ගිණුමේ බැරව පැවතීමට අවසර ලබන උපරිම ශේෂය “ණය සීමාව” ලෙස හැඳින්වේ. “රහස්‍ය අංකය” (PIN) යනු කාඩ්පත් හිමියාට ලබාදී ඇති පුද්ගලික හැඳුනුම් අංකයයි. "බලයලත් පරිශීලක" යන්නෙන් අදහස් වන්නේ 10 වගන්තිය යටතේ නම් කර ඇති කාඩ්පත් හිමියා ය; තමාගේ නම යටතේ කාඩ්පත් ගිණුමක් පවත්වාගෙන යනු ලබන පුද්ගලයා "ප්‍රධාන කාඩ්පත් හිමියා" ලෙස හැඳින්වේ. කාඩ්පත භාරගනිමින් භාණ්ඩ විකිණීමට හෝ සේවා සැපයීමට බැංකුව විසින් බලය පවරන ලද පුද්ගලයකු හෝ ආයතනයක් "වෙළෙන්දකු" ලෙස හැඳින්වේ.
2. කාඩ්පත භාවිතය
i. කාඩ්පත ලැබුණු වහාම කාඩ්පත් හිමියා එහි අත්සන් කළ යුතු අතර එය භාවිත කළයුතු වන්නේ,
(අ) කාඩ්පත් හිමියා විසින් පමණි.
(ආ) මෙම ගිවිසුමට සහ කාඩ්පත භාවිත කරන කාලයේදී බලපවත්නා නියමයන්ට මෙන්ම විදේශ විනිමය ගනුදෙනු සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා මහ බැංකුව විසින් නිකුත්කරනු ලබන නියෝග වලට යටත්වය.
(ඇ) ලබා දී ඇති ණය සීමාව තුළ පමණි. (ණය සීමාව ඉක්මවන ඕනෑම මුදලක් වහාම බැංකුවට ආපසු ගෙවිය යුතු අතර ණය සීමාව ඉක්මවා ඇත්ද යන්න ගණනය කිරීමේදී යම් කාඩ්පත් ගිණුමකට තවමත් හරකර නොමැති මුදල් ප‍්‍රමාණය සහ අපේක්ෂිත කාඩ්පත් ගනුදෙනුවක් පිළිබඳව තුන්වන පාර්ශ්වයකට දී ඇති අවසරය පිළිබඳව බැංකුව විසින් සැලකිල්ලට ගනු ලැබේ.)
(ඈ) කාඩ්පත භාවිතයට අදාළව බැංකුව විසින් වරින් වර සලසා දෙන පහසුකම් හා ප‍්‍රතිලාභ ලබා ගැනීම සඳහා සහ
(ඉ) කාඩ්පත භාවිත කිරීමට කාඩ්පත් හිමියාට ඇති අයිතිය පූර්ව දැනුම්දීමකින් තොරව අවලංගුකිරීමට බැංකුව සතු අයිතියට හා පරම අභිමතයට යටත්වල කාඩ්පෙත් මුද්‍රිත වලංගු කාලසීමාව තුළ එය භාවිත කළ යුතුය.
(ii) මෙම කාඩ්පත කිසිවකුට පැවරිය නොහැකි අතර කාඩ්පත් හිමියාට පමණක් භාවිත කළ හැකියග කාඩ්පත් හිමියා විසින් කිසිදු හේතුවක්රැු තත්ත්වයක් මත වෙනත් පුද්ගලයකුට කාඩ්පත සහ/හෝ රහස්‍ය අංකය (PIN) භාවිතකිරීමට ඉඩ නොදිය යුතුය. කුමන හේතුවක් මත හෝ මෙම කාඩ්පත සුරැකුමක් ලෙස ඔඩපනය නොකළ යුතුයග
3. කාඩ්පත් ගිණුම
කාඩ්පත් ගනුදෙනු වල සියලු මුදල් ප‍්‍රමාණයන්, ඇතුළත්වීමේ ගාස්තුල පොළිය හා කාඩ්පත් හිමියාගේ වෙනත් ඕනෑම වගකීමක් මෙන්ම කාඩ්පත භාවිතා කිරීම නිසා බැංකුව හට දැරීමට සිදුවන ලද යම් පාඩුවක් බැංකුව විසින් කාඩ්පත් ගිණුමෙන් හර කරනු ලැබේ. කාඩ්පත්හිමියකු විසින් විකුණුම් හෝ මුදල් අත්තිකාරම් වවුචරයක් අත්සන් කරනු ලැබුවද නොලැබුවද එසේ හර කරනු ලබන සියලු මුදල් ප‍්‍රමාණයන් බැංකුවට ගෙවීමට ප්‍රධාන කාඩ්පත් හිමියා වගකීමෙන් බැෙ`ද්.
(i) බැංකුව ප්‍රධාන කාඩ්පත් හිමියා වෙත මාසික ප‍්‍රකාශයක් යවන අතර එම ප‍්‍රකාශයෙහි දිනයට පසු දින 22 ක් ඇතුළත එම ප‍්‍රකාශයෙහි සඳහන් මුදලෙන් 5% කට නොඅඩු හෝ රු 500/-ක අවම මුදලක් යන දෙකෙන් වැඩි මුදල (ගෙවිය යුතු මුදල රු 500/-ට අඩු නම් මුළු මුදලම ගෙවිය යුතු වේ* ප්‍රධාන කාඩ්පත් හිමියා විසින් ගෙවිය යුතුය. ණය සීමාව ඉක්මවා ගොස් ඇති යම් හිඟ මුදලක්ල කලින් ගෙවීම්වල යම් හිග මුදලක් සහ මෙම ගිවිසුමෙහි නියමයන් උල්ලංඝනය කරමින් සිදු කළ ඕනෑම කාඩ්පත් ගනුදෙනුවක මුදල් ප‍්‍රමාණයක් ද වේ නම් ඒවා ද ප‍්‍රධාන කාඩ්පත් හිමියා වහාම ගෙවිය යුතුය.
(ii) කාඩ්පත් හිමියා මෙම ගිවිසුම උල්ලංඝනය කිරීම මත හෝ කාඩ්පත්හිමියා විසින් සිදුකරන ලබන යම් වස්තු භංගත්ව කි‍්‍රයාවක් මත හෝ කාඩ්පත්හිමියාගේ මරණය මත හෝ පූර්ව දැනුම්දීමකින් තොරව බැංකුවට අවශ්‍ය ඕනෑම මොහොතකදී ඉල්ලීමක් කළ විටල ව්‍යවස්ථාව මගින් පනවා ඇති යම් සීමාවකට යටත්ව මෙම ගිවිසුම යටතේ අයවිය යුතු සියලු මුදල් වහාම ගෙවිය යුතුවේ.
(iii) බැංකුවට සිදුකරනු ලබන යම් ගෙවීමක් බලාත්මක වන්නේ බැංකුව විසින් දන්වා ඇති ලිපිනයට එය ලැබී කාඩ්පත් ගිණුමට බැර කළ විටය. මෙම ගිවිසුම යටතේ කාඩ්පත්හිමියාගේ බැඳීමක් ලෙස බැංකුවට දෙනු ලබන යම් චෙක්පත් ගනුදෙනුවක් අවසන් කිරීමට අදාළ අරමුදල් ගිණුමෙහි තිබෙන බවට ප‍්‍රධාන කාඩ්පත්හිමියා වග බලා ගත යුතුය.
4. ගෙවීම් සහ පොළිය
(i) මුළු මුදල හෝ කාඩ්පත් හිමියාගේ ප‍්‍රකාශයෙහි දිස්වන අනිවාර්ය අවම මුදල නියමිත දින හෝ එදිනට පෙර ගෙවීමේ අවස්ථාව කාඩ්පත් හිමියන්ට ලැබේ.
(ii) නියමිත දිනයේදී මුළු මුදල ගෙවන්නේ නම්ල කිසිදු පොළියක් අයකරනු නොලැබේ.
(iii) මුළු මුදල නොගෙවන්නේ නම් මසකට 2.16% බැගින් පොළියක් අය කරනු ලැබේ.
තවදුරටත් ගෙවීම් ප‍්‍රමාද වුවහොත් දඩ පොළී අනුපාතයක් මත පොළිය ගෙවිය යුතුය.
(iv) කාඩ්පත් හිමියකු විසින් මෙම ගිවිසුම උල්ලංඝනය කිරීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් බැංකුවට දරන්නට සිදුවෙතැයි තීරණය කරනු ලබන යම් පාඩුවක් හෝ පිරිවැයක් සඳහා ප්‍රධාන කාඩ්පත් හිමියා වගකිව යුතුවේ.
(v) මුදල් අත්තිකාරම් සඳහා මුදල් ලබාගත් දින සිට එය පියවූ දිනය දක්වා පොළිය අයකරනු ලැබේ.
(vi) නැතිවූ කාඩ්පත් සම්බන්ධයෙන් වෙළඳ ජාලයට දැනුම් දීම සඳහා සහ නව කාඩ්පතක් නිකුත් කිරීම සඳහා වූ පරිපාලනයමය පිරිවැය ආවරණය කර ගනු පිණිස බැංකුව ගාස්තුවක් අයකරනු ඇත.
(vii) බැංකුවේ අභිමතය පරිදි පොළී අනුපාතය කලින් කලට වෙනස්වනු ඇත.
5. මුදල් ආපසු ලබාගැනීමට කාඩ්පත සහ රහස්‍ය අංකය භාවිත කිරීම
i. රහස්‍ය අංකය හා කාඩ්පත සම්බන්ධ කරගනිමින් කාඩ්පත භාවිත කිරීමෙන් කාඩ්පත් හිමියාට ්ඔඵ යන්ත‍්‍රවලින් මුදල් ලබාගත හැකි අතර කාඩ්පත්හිමියාගේ අනුදැනුම සහ බලය ඇතිව හෝ නොමැතිව කාඩ්පත් භාවිතකර ්ඔඵ යන්ත‍්‍ර මගින් කරනලද සියලු ගනුදෙනු සඳහා කාඩ්පත්හිමියා වගකිව යුතු අතර ඊට බැඳීසිටිය යුතුය.
ii. බැංකුවෙහි ගනුදෙනු කරන වෙලාවන් තුළදී කාඩ්පත ඉදිරිපත් කිරීම මගින් කාඩ්පත් හිමියාට ඕනෑම බැංකු ශාඛාවකින් මුදල් ආපසු ලබාගත හැකිය.
iii. කාඩ්පත් හිමියාට බැංකුව විසින් දෙනු ලබන උපදෙස් හි සඳහන් ර්‍ණමුදල් අත්තිකාරම් සීමාව” ට අනුව මුදල් ආපසු ලබාගැනීම සීමා කෙරේ.
iv. කාඩ්පත භාවිතකිරීම පිළිබඳව සෑම මසකම නිකුත් කරනු ලබන බැංකු ගිණුම් ප‍්‍රකාශය මගින් කාඩ්පත් හිමියා බැඳී සිටින අතර ගිණුම් ප‍්‍රකාශයල කාඩ්පත භාවිතය හා කාඩ්පත් හිමියාගේ ණය පිළිබඳව අවසාන හා තීරණාත්මක සාක්ෂිය වේ.
v. රහස්‍ය අංකය අතිශයින්ම රහසිගත දත්තයක් වන අතර එය වෙනත් කිසිවෙකු නොදනියි. එසේම ්ඔඵ යන්ත‍්‍ර වලින් කරනු ලබන ඕනෑම මුදල් ආපසු ගැනීමක් කාඩ්පත හා රහස්‍ය අංකය සම්බන්ධ කරගෙන පමණක් සිදු විය යුතුය. ඒ ආකාරයට ්ඔඵ මගින් කාඩ්පත් භාවිතයෙන් කරනු ලබන ඕනෑම මුදල් ආපසු ගැනීමක් සියලු කාර්ය සඳහා කාඩ්පත් හිමියාගේ ගනුදෙනුවක් සේ සැලකේ.
6. කාඩ්පත භාවිතය නවතාලීම
i. අඛණ්ඩව බලාත්මකව පවතින කාඩ්පත් හිමියාගේ වගකීම්වලට කිසිදු ආකාරයක බලපෑමක් නොවීල දැනුම්දීමකින් තොරව ඕනෑම මොහොතක මෙම ගිවිසුම යටතේ කාඩ්පත භාවිතයට ඇති අයිතිය සම්පූර්ණයෙන් අවලංගු කිරීමට හෝ අත්හිටුවීමට හෝ යම් යම් පහසුකම් අවලංගු කිරීමට හෝ අත්හිටුවීමට හෝ කාඩ්පතක් නැවත නිකුත් කිරීම හෝ අලුත් කිරීම හෝ යම් කාඩ්පතක් වෙනුවට වෙනත් කාඩ්පතක් ආදේශ කිරීම ප‍්‍රතික්ෂේප කිරීමට බැංකුවට හැකියාව ඇත.
ii. කාඩ්පත බැංකුවට අයත් දේපලක් වන අතර ඉල්ලීමක් කරන සෑම අවස්ථාවකදීම කාඩ්පත් ගිණුමෙන් භාවිතකිරීම සඳහා නිකුත් කරන ලද සියලු හෝ ඕනෑම කාඩ්පත් සංඛ්‍යාවක් බැංකුවට හෝ බැංකුව වෙනුවෙන් කි‍්‍රයාකරන වෙනත් ඕනෑම පුද්ගලයෙකුට වහාම ආපසු ලබාදිය යුතුය.
7. ගිවිසුම අවසන් කිරීම
බැංකුව වෙත කරනු ලබන ලිඛිත දැනුම්දීමක් මගින් ප්‍රධාන කාඩ්පත්හිමියා හට මෙම ගිවිසුම අවසන් කළ හැකි නමුදු එවන් අවසන් කිරීමක් බලාත්මක වන්නේ කාඩ්පත් ගිණුමේ භාවිතය සඳහා නිකුත් කර ඇති සියලු කාඩ්පත් බැංකුවට ආපසු ලබාදීමෙන් සහ මෙම ගිවිසුම යටතේ ප‍්‍රධාන කාඩ්පත් හිමියාගේ වගකීම් සියල්ල ගෙවාදැමීමෙන් පසු පමණි.
8. කාඩ්පත හා රහස්‍ය අංකය ආරක්ෂා කර ගැනීම
i. ප‍්‍රධාන කාඩ්පත් හිමියා කාඩ්පතෙහි ආරක්ෂාව තහවුරු කර ගැනීමට හැකි සෑම පියවරක්ම ගත යුතු අතර රහස්‍ය අංකය අතිශයින්ම රහසිගතව තබා ගත යුතුය. චෙක්පත් ඇපයක් සම්බන්ධයෙන් හෝ කාඩ්පත් ගනුදෙනුවක් සඳහා මුදල් කර ගැනීමට භාවිතා කිරීමේදී හෝ කාඩ්පත සත්‍ය වශයෙන්ම නැතිවීම හෝ සොරාගැනීම වාර්තා කිරීමේදී හැරෙන්නට කාඩ්පත්හිමියා විසින් කිසිම තුන්වන පාර්ශ්වයකට කාඩ්පත් අංකය හෙළි නොකළ යුතුය.
ii. කාඩ්පත නැතිවුවහොත්ල සොරාගනු ලැබුවහොත් හෝ වෙනත් යම් කරුණක් නිසා එය අයුතු ලෙස භාවිත කිරීමට ඉඩ ඇත්නම් හෝ මෙම කොන්දේසිය උල්ලංඝනය කරමින් රහස්‍ය අංකය හෙළිකරනු ලැබුවහොත් කාඩ්පත්හිමියා විසින් ඒ බව කොළඹ 01, ලංකා බැංකු මාවතේ, අංක 4, ප‍්‍රධාන කාර්යාල ගොඩනැගිල්ලෙහි 22 වන මහලෙහි බීඕසී කාඩ්පත් මධ්‍යස්ථානයට හෝ ඕනෑම බැංකු ශාඛාවකට වහාම දැනුම් දිය යුතුය. මෙම දැන්වීම වාචිකව කරනු ලබන්නේ නම්ල එය දින 7 ක් ඇතුළත ඉහත ලිපිනයේ පිහිටි බැංකුවට ලිඛිතව තහවුරු නොකළහොත් එය බලාත්මක නොවේ. බැංකුවට බලාත්මක දැන්වීමක් ලැබෙන තෙක් කාඩ්පතෙහි යම් භාවිතයක් සම්බන්ධයෙන් ප්‍රධාන කාඩ්පත්හිමියා (යම් ව්‍යවස්ථාපිත සීමාවන්ට යටත්ව) වගකිව යුතුවේ. නිසියාකාරව ඒ බව බැංකුවට දැනුම්දීමෙන් පසු ඉන් අනතුරුව සිදුකෙරෙන කාඩ්පතේ භාවිතයන් පිළිබඳව කාඩ්පත්හිමියකු විසින් සිදුකරනු ලබන්නක් හැර ප්‍රධාන කාඩ්පත්හිමියාගේ වගකීම අවසන් වේ.
iii. කාඩ්පත්හිමියා තම කාඩ්පත නැතිවීමට, සොරකම් කිරීමට හෝ කාඩ්පත අයුතු ලෙස භාවිතකිරීමට හෝ රහස්‍ය අංකය හෙළිදරවු කරනු ලැබීමට හේතු වූ සියලු තත්ත්වයන් පිළිබඳව බැංකුවට උපයෝගී කර ගැනීමට අවශ්‍යවේ යැයි අදහස් කරන තමා සතු සියලු තොරතුරු ලබාදිය යුතුය. නොඑසේනම් හෙළිදරවු කිරීම සැක සහිත බැවින් බැංකුවට අදාළ සියලුු තොරතුරු පොලීසිය වෙත සැපයිය හැකිය. කාඩ්පතක් නැතිවීම, සොරාගැනීම හෝ අයුතු ලෙස භාවිතා කිරීමට ඉඩ ඇති ලෙස වාර්තා වන්නේ නම් එවන් කාඩ්පතක් එවන් තත්ත්වයකදී භාවිතා නොකළ යුතු අතර එම කාඩ්පත ඇත්නම් එය දෙකට කපා වහාම බැංකුවට ආපසු ලබාදිය යුතුය.
9. ආපසු ගෙවීම් හා කාඩ්පත් හිමියන්ගේ ඉල්ලීම්
කාඩ්පත් ගනුදෙනුවක් සම්බන්ධයෙන් බැංකුවට කරන ලද ආපසු ගෙවීමක් පිළිබඳ බැංකුව විසින් පිළිගත හැකි තහවුරුවක් ලැබේ නම් පමණක්, ආපසු ගෙවීම කාඩ්පත් ගිණුමට බැර කරනු ලැබේ. බැංකුව විසින් මාසික ප‍්‍රකාශය නිකුත් කිරීමෙන් පසු සති දෙකක් ඉකුත් වීමට පෙර කාඩ්පත් ගනුදෙනු සම්බන්ධ සියලු විෂමතා සහ අයිතිය අත්හැරීම් පිළිබඳව බැංකුව වෙත දැන්වීමට කාඩ්පත් හිමියා බැඳී සිටියි. යම් කාඩ්පත් ගනුදෙනුවක් සම්බන්ධයෙන් යම් අයිතිය අත්හැරීමක් සඳහා වන වගකීම ප‍්‍රධාන කාඩ්පත් හිමියාට ව්‍යවස්ථාවෙන් පැවරෙන අයිතීන්ට යටත්ව තුන්වන පාර්ශ්වයකට විරුද්ධව කරනු ලබන හිමිකම් ඉල්ලීමක් නිදහසට කරුණක් හෝ බැංකුවට එදිරිව කරනු ලබන ප‍්‍රතිවිරුද්ධ ඉල්ලීමක් නොවන්නේය. බැංකුවට එදිරිව කාඩ්පත් හිමියෙකු හට ඇති අයිතීන් පැවරීම හෝ බැහැර කිරීම නොකළ යුතුය.
තුන්වන පාර්ශ්වයක් හෝ යම් බැංකුවක් හෝ වෙළෙන්දකු විසින් කාඩ්පත පිළිනොගතහොත් ඒ සම්බන්ධයෙන් බැංකුව වගකියනු නොලැබේ.
10. බලයලත් භාවිතකරන්නන් - අතිරේක කාඩ්පත්හිමියන්
කාඩ්පත් ගිණුමෙහි බලයලත් පරිශීලකයෙකු ලෙස ප‍්‍රධාන කාඩ්පත්හිමියා විසින් නම්කරනු ලබන ඕනෑම පුද්ගලයෙකුට සිය භාවිතය සඳහා බැංකුව විසින් අතිරේක කාඩ්පතක් නිකුත් කරනු ඇත. බලයලත් කාඩ්පත් පරිශීලකයෙකු විසින් කාඩ්පත භාවිතය සම්බන්ධයෙන් බැංකුවට ඇතිවන සියලු පාඩු හා සියලු මුදල් ප‍්‍රමාණයන් (මෙම ගිවිසුම උල්ලංඝනය කිරීම මගින් සිදුකරනු ලබන බැංකුව විසින් වැළැක්වීම සඳහා වග කියනු නොලබන ඕනෑම භාවිතයක් ඇතුළත්ව) බැංකුවේ වෙනත් බලයන්ට අමතරව කාඩ්පත් ගිණුමෙන් හර කරනු ලැබේ. බැංකුව විසින් ප‍්‍රධාන කාඩ්පත් හිමියාගේ ලිඛිත ඉල්ලීමක් මත හා එම කාඩ්පත බැංකුවට ආපසු බාරදීම හෝ බලයලත් පරිශීලක විසින් එම කාඩ්පත බැංකුවට ආපසු බාරදීම මත ඕනෑම විටක ඕනෑම බලයලත් පරිශීලකයකගේ කාඩ්පත අවලංගු කළ හැකිය.
11. මෙම ගිවිසුම වෙනස් කිරීම
ඕනෑම අවස්ථාවකදී හෝ අවස්ථාවන්හිදී ව්‍යවස්ථාවේ නියමයන්ට යටත්ව වෙනත් කාඩ්පත්හිමියෙකු/හිමියන් සමග ඇති ගිවිසුම/ගිවිසුම්වලට එක හා සමාන වෙනස්කම් කරනු ලැබුවද නොලැබුවද මෙම ගිවිසුම වෙනස් කිරීමේ අයිතිය බැංකුව සතුවේ. එවන් වෙනස් කිරීම් පිළිබඳ දැන්වීම බැංකුව විසින් ලිඛිතව හෝ එය පළ කිරීමෙන් හෝ බැංකුව තෝරා ගන්නා වෙනත් ක‍්‍රමයකින් ප්‍රධාන කාඩ්පත්හිමියා වෙත දියයුතු අතර එසේ දන්වනු ලබන වෙනස් කිරීම්වලට කාඩ්පත්හිමියා බැඳී සිටිය යුතුය.
12. පොදු
i. යම් යාන්ති‍්‍රක දත්ත සැකසුම් පද්ධතියක හෝ විකාශනය කිරීමක ඇනහිටීම හෝ කාර්මික ආරවුල් හෝ බැංකුවේ එහි නියෝජිතයන්ගේ හෝ උප කොන්ත‍්‍රාත්කරුවන්ගේ හෝ පාලනයෙන් පරිබාහිර කිසිවක් හේතුකොට ගෙන බැංකුවට මෙම ගිවිසුම යටතේ එහි බැඳීම් ඉටු කරන්නට නොහැකි වුවහොත් :සාජුව හෝ වක‍්‍රව* ඒ පිළිබඳව වගකීමට බැංකුව බැඳී නොසිටින අතර ප‍්‍රකාශයක් ඉදිරිපත් කිරීමට හෝ එවීමට බැංකුව අපොහොසත් වුවහොත් පොළිය සම්බන්ධව මූලික කාඩ්පත්හිමියාගේ වගකීම එලෙසම පවතින අතර ගෙවීම් ලැබිය යුතු දින තහවුරු කර ගැනීමේ හා පොළිය ගණනය කිරීමේ අරමුණ සඳහා ප‍්‍රකාශයෙහි දිනය ලෙස බැංකුව එක් එක් මාසයෙහි දිනයක් තෝරාගනු ඇත.
ii. නමෙහි හෝ ලිපිනයෙහි යම් වෙනසක් පිළිබඳව ප්‍රධාන කාඩ්පත් හිමියා බීඕසී කාඩ්පත් මධ්‍යස්ථානයට වහාම දැන්විය යුතුය. කාඩ්පත්හිමියා රැුකියාවක් සඳහා රට හැර යන හෝ සංක‍්‍රමණය වන අවස්ථාවකදී කාඩ්පත බැංකුවට ආපසු බාරදිය යුතුය.
iii. කාඩ්පත්හිමියන් හට ලබාදී ඇති සහ මෙම ගිවිසුමෙහි කොටසක් නොවන වෙනත් යම් පහසුකම් හෝ ප‍්‍රතිලාභ කිසිදු දැනුම්දීමකින් තොරව ඕනෑම විටෙක නවතාලිය හැකිය.
iv. ප්‍රධාන කාඩ්පත්හිමියා සම්බන්ධයෙන් වන ණය තොරතුරු ඕනෑම ණය වාර්තා කිරීම් නියෝජ්‍යායතනයක් සහ/හෝ ණය කාර්යාංශය සහ ප්‍රධාන කාඩ්පත්හිමියා මූල්‍ය සම්බන්ධතා පවත්වාගෙන යාමට ප‍්‍රධාන කාඩ්පත්හිමියා පවසන ඕනෑම පුද්ගලයකු, සංස්ථාවක් හෝ වෙළෙන්දෙකුගෙන් ණය තොරතුරු ලබා ගැනීමට හා එම තොරතුරු බෙදා ගැනීමට බැංකුවට හිමිකම ඇත.
v. හදිසි අවස්ථාවකදී පැන නැඟිය හැකිි යම් රෝහල් ගතවීමේ ගාස්තු ගෙවීම සඳහා බැංකුව විසින් කාඩ්පත්හිමියා හට අමතර ණය සීමාවක් ප‍්‍රදානය කරනු ලැබිය හැකිය.
vi. ශී‍්‍ර ලංකාවට අදාළ නීති වලින් සහ ශී‍්‍ර ලංකාවේ අධිකරණවල අධිකරණ බලය මගින් මෙම ගිවිසුම පාලනය වේ.
vii. ශ්‍රී ලංකා නීතිය යටතේ වරදක් ලෙස සලකනු ලබන කිසිදු නීතිවිරෝධී කටයුත්තක් සඳහා ණය කාඩ්පත භාවිත නොකළ යුතුය. කිසියම් කාඩ්පත් හිමියකු එවැනි නීතිවිරෝධී කටයුත්තක් සඳහා ණය කාඩ්පත් භාවිත කර ඇති බව අනාවරණය වුවහොත්, බැංකුව විසින් වහාම කාඩ්පත් පහසුකම අවසන් කර එම ගනුදෙනුව පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකා මහ බැංකුව වෙත දැනුම්දෙනු ලැබේ.