| ප්‍රතිපත්තිය | විස්තරය | ක්‍රියාත්මක කිරීම |
|---|---|---|
| අධ්යක්ෂ මණ්ඩලයට අදාළ කරුණු පිළිබඳ ප්‍රතිපත්තිය (මණ්ඩල ප්රඥප්තිය) | බැංකුවේ උපායමාර්ගය සහ පාලනය අධීක්ෂණය කිරීමේදී අධ්යක්ෂ මණ්ඩලයේ කාර්යභාරයන් සහ වගකීම් ගෙනහැර දක්වයි. | මණ්ඩලය සති දෙකකට වරක් රැස්වේ, කාර්ය සාධනය වාර්ෂිකව සමාලෝචනය කරයි, නීති රෙගුලාසිවලට අනුකූල වීම සහතික කෙරේ. |
| මණ්ඩල කමිටු පිළිබඳ ප්‍රතිපත්තිය | ඵලදායී පාලනය සහ නියාමන අනුකූලතාව සහතික කිරීම සඳහා විවිධ අධ්යක්ෂ මණ්ඩල කමිටුවල කාර්යභාරයන් සහ වගකීම් අර්ථදක්වයි. | මණ්ඩල කමිටුවල අදාළ ප්රඥප්තීන්ට අනුව කාරක සභා රැස්වී, අධ්යක්ෂ මණ්ඩලයට වාර්තා කර, නීති රෙගුලාසි පිළිපැදීම පිළිබඳ සහතික කරයි. |
ආයතනික පාලනය, නම්කිරීම සහ තෝරාපත් කරගැනීම පිළිබඳ ප්‍රතිපත්තිය (ආයතනික පාලන ප්‍රතිපත්තිය) | පාලනයට අදාළ සියලුම ප්‍රතිපත්ති මෙන්ම අධ්යක්ෂවරුන් පත්කිරීමේ ප්‍රතිපත්තිය ද මීට ඇතුළත් වේ. | ආයතනික පාලන නීති රෙගුලාසි පිළිපැදීම පිළිබඳ සහතික කරයි. තෝරාපත් කරගැනීමේ ක්‍රියාවලිය රජයේ මාර්ගෝපදේශ අනුව කළමනාකරණය කෙරේ. |
| අධ්‍යක්ෂවරුන්ගේ පාරිශ්‍රමික පිළිබඳ ප්‍රතිපත්තිය සහ ප්‍රධාන කළමනාකරණ පුද්ගලයන්ගේ පාරිශ්‍රමික පිළිබඳ ප්‍රතිපත්තිය | රජයේ ප්‍රතිපත්තිවලට අනුකූලව අධ්‍යක්ෂවරුන්ගේ සහ ප්‍රධාන කළමනාකරණ පුද්ගලයන්ගේ පාරිශ්‍රමික සඳහා මාර්ගෝපදේශ සකස් කරයි.
| අධ්‍යක්ෂවරුන්ගේ පාරිශ්‍රමික රජයේ මාර්ගෝපදේශ මත පදනම් වේ. ප්‍රධාන කළමනාකරණ පුද්ගලයන්ගේ පාරිශ්‍රමික වසර තුනකට වරක් මානව සම්පත් හා පාරිශ්‍රමික කමිටුව විසින් සමාලෝචනය කර අධ්යක්ෂ මණ්ඩලයට නිර්දේශ කරනු ලැබේ. |
අභ්‍යන්තර ව්‍යාපාර ආචාරධර්ම සංග්‍රහය පිළිබඳ ප්‍රතිපත්තිය අධ්යක්ෂවරුන් හා සේවා නියුක්තයන් සඳහා වෙන වෙනම වූ ප්‍රතිපත්ති දෙකකි. | සියලුම අධ්යක්ෂවරුන් සහ සේවා නියුක්තයන් සඳහා සදාචාරාත්මක හැසිරීම සහ අවංකත්වය සඳහා ප්රමිතීන් ස්ථාපිත කරයි.
| අධ්යක්ෂවරුන් විසින් අනුකූලතාව පිළිබඳ වාර්ෂික සහතිකකිරීමක් සිදු කරනු ලැබේ. සේවා නියුක්තයන් සඳහා නිතිපතා පුහුණු වැඩසටහන්, අභ්‍යන්තර විගණන කණ්ඩායම විසින් අනුකූලතාව නිරීක්ෂණය කරනු ලැබේ. |
| අවදානම් කළමනාකරණය පිළිබඳ ඒකාබද්ධ ප්‍රතිපත්තිය | අවදානම් හඳුනාගැනීම සහ කළමනාකරණය කිරීම සඳහා වන රාමුව විස්තර කරයි. | අවදානම් තක්සේරුකිරීම් මාසිකව මෙන්ම කාර්තුමය වශයෙන් සිදු කෙරේ. |
කොටස්හිමියන් සහ ආයෝජකයන් සමඟ සබඳතා පැවැත්වීම පිළිබඳ ප්‍රතිපත්තිය (සන්නිවේදන ප්‍රතිපත්තිය) | රජය, තනි කොටස්හිමියා සහ අනෙකුත් පාර්ශ්වකරුවන් සමඟ කටයුතුකිරීමේ ක්‍රියාවලිය අර්ථ දක්වනු ලැබේ. | වාර්ෂික වාර්තා නිකුත් කිරීම සහ අනෙකුත් පාර්ශ්වකරුවන්ගේ කටයුතු කළමනාකරණය කිරීම. |
| පාරිසරික, සමාජීය සහ පාලන (ESG) තිරසාරත්වය පිළිබඳ ප්‍රතිපත්තිය | තිරසාරත්වය සහ ESG පරිචයන් වෙත බැංකුවේ කැපවීම කෙරෙහි අවධානය යොමු කරයි. | නිරන්තර සුපරීක්ෂණ වාර්තා සමග ESG සම්බන්ධ ප්රතිපත්තීන් තිරසාර කමිටුව විසින් අධීක්ෂණය කරනු ලබයි, |
| සමාගම් වත්කම් පාලනය සහ කළමනාකරණය පිළිබඳ ප්‍රතිපත්ති | වත්කම් සහ ආයෝජන පාලනය සහ කළමනාකරණය පිළිබඳ පරිපාලනය කරයි. | වත්කම් කළමනාකරණය වාර්ෂිකව සමාලෝචනය කරමින් ආයෝජන තීරණ උපායමාර්ගික අරමුණු සමඟ ගළපනු ලබයි. |
| ආයතනික අනාවරණ පිළිබඳ ප්‍රතිපත්තිය | පාර්ශ්වකරුවන්ට සහ නියාමන ආයතනවලට නිවැරදි හා කාලෝචිත අනාවරණ ලබාදීම සහතික කරයි. | ප්‍රතිපත්තියට අනුව අනාවරණයන් සිදු කෙරේ. |
| බැංකුවේ සිදුවන විෂමාචාර පිළිබඳ ප්‍රතිපත්තිය | සදාචාර විරෝධී හැසිරීම් නිර්නාමිකව වාර්තා කිරීම දිරිමත් කරයි. | විෂමාචාර වාර්තාකිරීමට ක්ෂණික ඇමතුම් අංකය ලබා ගත හැකිය, CIA විසින් ඉදිරිපත් කරන ලද වාර්තා විගණන කමිටුව විසින් සමාලෝචනය කරනු ලබයි. |
| අල්ලස් හා දූෂණ විරෝධී ප්‍රතිපත්තිය | සියලු ව්‍යාපාරික කටයුතුවලදී සිදුවන අල්ලස සහ දූෂණය හෙළාදකින බව අවධාරණය කරයි. | අල්ලස් විරෝධී පුහුණු වැඩසටහන්, අඛණ්ඩ විගණන, සහ අනුකූලතා අධීක්ෂණය |