ආයතනික පාලන ප්‍රතිපත්ති


 

ප්‍රතිපත්තියවිස්තරයක්‍රියාත්මක කිරීම
අධ්‍යක්ෂ මණ්ඩලයට අදාළ කරුණු පිළිබඳ ප්‍රතිපත්තිය  
(මණ්ඩල ප්‍රඥප්තිය)
බැංකුවේ උපායමාර්ගය සහ පාලනය අධීක්‍ෂණය කිරීමේදී අධ්‍යක්ෂ මණ්ඩලයේ කාර්යභාරයන් සහ වගකීම් ගෙනහැර දක්වයි.මණ්ඩලය සති දෙකකට වරක් රැස්වේ, කාර්ය සාධනය වාර්ෂිකව සමාලෝචනය කරයි, නීති රෙගුලාසිවලට අනුකූල වීම සහතික කෙරේ.
මණ්ඩල කමිටු පිළිබඳ ප්‍රතිපත්තියඵලදායී පාලනය සහ නියාමන අනුකූලතාව සහතික කිරීම සඳහා විවිධ අධ්‍යක්ෂ මණ්ඩල කමිටුවල කාර්යභාරයන් සහ වගකීම් අර්ථදක්වයි.මණ්ඩල කමිටුවල අදාළ ප්‍රඥප්තීන්ට අනුව කාරක සභා රැස්වී, අධ්‍යක්ෂ මණ්ඩලයට වාර්තා කර, නීති රෙගුලාසි පිළිපැදීම පිළිබඳ සහතික කරයි.

ආයතනික පාලනය, නම්කිරීම සහ තෝරාපත් කරගැනීම පිළිබඳ ප්‍රතිපත්තිය

(ආයතනික පාලන ප්‍රතිපත්තිය)

පාලනයට අදාළ සියලුම ප්‍රතිපත්ති මෙන්ම අධ්‍යක්ෂවරුන් පත්කිරීමේ ප්‍රතිපත්තිය ද මීට ඇතුළත් වේ.ආයතනික පාලන නීති රෙගුලාසි පිළිපැදීම පිළිබඳ සහතික කරයි. තෝරාපත් කරගැනීමේ ක්‍රියාවලිය රජයේ මාර්ගෝපදේශ අනුව කළමනාකරණය කෙරේ.
අධ්‍යක්ෂවරුන්ගේ පාරිශ්‍රමික පිළිබඳ ප්‍රතිපත්තිය 
සහ
ප්‍රධාන කළමනාකරණ පුද්ගලයන්ගේ පාරිශ්‍රමික පිළිබඳ ප්‍රතිපත්තිය

රජයේ ප්‍රතිපත්තිවලට අනුකූලව අධ්‍යක්ෂවරුන්ගේ සහ ප්‍රධාන කළමනාකරණ පුද්ගලයන්ගේ පාරිශ්‍රමික සඳහා මාර්ගෝපදේශ සකස් කරයි.

 

අධ්‍යක්ෂවරුන්ගේ පාරිශ්‍රමික රජයේ මාර්ගෝපදේශ මත පදනම් වේ.

ප්‍රධාන කළමනාකරණ පුද්ගලයන්ගේ පාරිශ්‍රමික වසර තුනකට වරක් මානව සම්පත් හා පාරිශ්‍රමික කමිටුව විසින් සමාලෝචනය කර අධ්‍යක්ෂ මණ්ඩලයට නිර්දේශ කරනු ලැබේ.

අභ්‍යන්තර ව්‍යාපාර ආචාරධර්ම සංග්‍රහය පිළිබඳ ප්‍රතිපත්තිය 

අධ්‍යක්ෂවරුන් හා සේවා නියුක්තයන් සඳහා වෙන වෙනම වූ ප්‍රතිපත්ති දෙකකි.

සියලුම අධ්‍යක්ෂවරුන් සහ සේවා නියුක්තයන් සඳහා සදාචාරාත්මක හැසිරීම සහ අවංකත්වය සඳහා ප්‍රමිතීන් ස්ථාපිත කරයි.


 

අධ්‍යක්ෂවරුන් විසින් අනුකූලතාව පිළිබඳ වාර්ෂික සහතිකකිරීමක් සිදු කරනු ලැබේ.

සේවා නියුක්තයන් සඳහා නිතිපතා පුහුණු වැඩසටහන්, අභ්‍යන්තර විගණන කණ්ඩායම විසින් අනුකූලතාව නිරීක්ෂණය කරනු ලැබේ.

අවදානම් කළමනාකරණය පිළිබඳ ඒකාබද්ධ ප්‍රතිපත්තියඅවදානම් හඳුනාගැනීම සහ කළමනාකරණය කිරීම සඳහා වන රාමුව විස්තර කරයි.අවදානම් තක්සේරුකිරීම් මාසිකව මෙන්ම කාර්තුමය වශයෙන් සිදු කෙරේ.

කොටස්හිමියන් සහ ආයෝජකයන් සමඟ සබඳතා පැවැත්වීම පිළිබඳ ප්‍රතිපත්තිය

(සන්නිවේදන ප්‍රතිපත්තිය)

රජය, තනි කොටස්හිමියා සහ අනෙකුත් පාර්ශ්වකරුවන් සමඟ කටයුතුකිරීමේ ක්‍රියාවලිය අර්ථ දක්වනු ලැබේ.වාර්ෂික වාර්තා නිකුත් කිරීම සහ අනෙකුත් පාර්ශ්වකරුවන්ගේ කටයුතු කළමනාකරණය කිරීම.
පාරිසරික, සමාජීය සහ පාලන (ESG) තිරසාරත්වය පිළිබඳ ප්‍රතිපත්තියතිරසාරත්වය සහ ESG පරිචයන් වෙත බැංකුවේ කැපවීම කෙරෙහි අවධානය යොමු කරයි.නිරන්තර සුපරීක්ෂණ වාර්තා සමග ESG සම්බන්ධ ප්‍රතිපත්තීන් තිරසාර කමිටුව විසින් අධීක්ෂණය කරනු ලබයි, 
සමාගම් වත්කම් පාලනය සහ කළමනාකරණය පිළිබඳ ප්‍රතිපත්තිවත්කම් සහ ආයෝජන පාලනය සහ කළමනාකරණය පිළිබඳ පරිපාලනය කරයි.වත්කම් කළමනාකරණය වාර්ෂිකව සමාලෝචනය කරමින් ආයෝජන තීරණ උපායමාර්ගික අරමුණු සමඟ ගළපනු ලබයි. 
ආයතනික අනාවරණ පිළිබඳ ප්‍රතිපත්තියපාර්ශ්වකරුවන්ට සහ නියාමන ආයතනවලට නිවැරදි හා කාලෝචිත අනාවරණ ලබාදීම සහතික කරයි.ප්‍රතිපත්තියට අනුව අනාවරණයන් සිදු කෙරේ.
බැංකුවේ සිදුවන විෂමාචාර පිළිබඳ ප්‍රතිපත්තියසදාචාර විරෝධී හැසිරීම් නිර්නාමිකව වාර්තා කිරීම දිරිමත් කරයි.විෂමාචාර වාර්තාකිරීමට ක්ෂණික ඇමතුම් අංකය ලබා ගත හැකිය, CIA විසින් ඉදිරිපත් කරන ලද වාර්තා විගණන කමිටුව විසින් සමාලෝචනය කරනු ලබයි.
අල්ලස් හා දූෂණ විරෝධී ප්‍රතිපත්තියසියලු ව්‍යාපාරික කටයුතුවලදී සිදුවන අල්ලස සහ දූෂණය හෙළාදකින බව අවධාරණය කරයි.අල්ලස් විරෝධී පුහුණු වැඩසටහන්, අඛණ්ඩ විගණන, සහ අනුකූලතා අධීක්ෂණය