director-image

ඩබ්ලිව්. බී. ප්‍රසන්ති රත්නායක මහත්මිය

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය මහා කළමනාකරු / ප්‍රධාන අනුකූලතා නිලධාරි

2020 අගෝස්තු මාසයේදී බැංකුවේ නියෝජ්‍ය මහා කළමනාකාරවරියක් ලෙස පත් කරන ලද ප්‍රසන්ති රත්නායක මහත්මිය ප්‍රධාන අවදානම් නිලධාරි ලෙස වැඩ භාරගත් අතර, ඇය මේ වන විට ප්‍රධාන  අනුකූලතා නිලධාරි / නියෝජ්‍ය මහා කළමනාකරු ලෙස සේවය කරයි. ඇය සිය වසර 25ක වෘත්තීය ජීවිතය තුළ දේශීය හා ජාත්‍යන්තර වශයෙන් වාණිජ බැංකුකරණයේ සෑම අංශයකම පාහේ අත්දැකීම් ලබා ඇත.

නියෝජ්‍ය මහා කළමනාකාරවරියක් ලෙස පත්වීමට පෙර, 2015 අප්‍රේල් මාසයේදී සහකාර මහා කළමනාකාරවරියක් ලෙස උසස්වීම් ලැබීමෙන් පසු ඇය සහකාර මහා කළමනාකාරිණී (ආයතනික ණය) සහ සහකාර මහා කළමනාකාරිණී (බස්නාහිර පළාත - උතුර) ලෙස බැංකුවේ ප්‍රධාන තනතුරු හොබවා ඇත. සහකාර මහා කළමනාකාරිණී (ආයතනික ණය) ලෙස ඇයගේ සේවා කාලය තුළ ඇය වසර තුනකට වැඩි කාලයක් බැංකුවේ ණය කමිටුවේ ලේකම් ලෙසද සේවය කළාය.

1997 දී කළමනාකරණ අභ්‍යාසලාභිනියක ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ ඇය, එම කාලය තුළ ශාඛා බැංකුකරණයෙහි මෙන්ම පුද්ගලික සහ ආයතනික ණය කළඹ හැසිරවීමෙහිද අත්දැකීම් ලබා ගත් අතර, චෙන්නායි ශාඛාවේ සේවය කරමින් ජාත්‍යන්තර අත්දැකීම්ද ලබා ගත්තාය.

රත්නායක මහත්මිය, 2009 වසරේ ස්ථාපිත කරන ලද අවදානම් කළමනාකරණ අංශයේ ආරම්භක කාර්ය මණ්ඩල සාමාජිකාවක් වූවාය. ඇය, එම අංශයේ වසර පහකට වැඩි සේවා කාලය ඇතුළත නියාමන මාර්ගෝපදේශයන්ට අනුව බැංකුවේ අවදානම් කළමනාකරණ ප්‍රතිපත්ති මෙන්ම අවදානම් කළමනාකරණ මෙවලම්ද සංවර්ධනය කිරීමට මූලික වූවාය.

ඇය රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂිකර්මය පිළිබඳ විද්‍යාවේදී (විශේෂ) උපාධියක් ලබා ඇති අතර, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලන පශ්චාත් උපාධිය ද ලබා ඇත. ඇය ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ සාමාජිකාවක් වන අතර, එම ආයතනයේම බැංකු කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි විධායක ඩිප්ලෝමාව සහ ජාත්‍යන්තර අනුකූලතා සංගමය (ICAUK) වෙතින් පාලනය, අවදානම් සහ අනුකූලතා පිළිබඳ ජාත්‍යන්තර ඩිප්ලෝමාව හදාරා ඇත.