කොවිඩ්-19 වසංගත තත්ත්වයට එරෙහි ජාතික ක්‍රියාන්විතයට සහයෝගය දක්වමින් මෙරට අංක එකේ බැංකුව වන ලංකා බැංකුව, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන Dialog Axiata PLC, සෞඛ්‍ය අමාත්‍යාංශය, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා Wavenet International සමාගම් යුගයේ අවශ්‍යතාවක් ඉටු කරමින්, PCR පරීක්ෂණයන්ගෙන් තහවුරු වූ රෝගීන්ගේ ගෘහස්ථ සත්කාර නිසි කළමනාකරණයකින් යුතුව සිදු කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ පළමු වරට 1390 ජාතික ඒකාබද්ධ කොවිඩ්- 19 ගෘහස්ථ සත්කාර ඩිජිටල් මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමේ කර්තව්‍යයට දායක විය.