ගෝලීය වෙළෙඳපොළේ රන් මිල නිරන්තරයෙන් ඉහළ යාම නිසා රත්‍රන් ළඟ තබා ගත යුතු ම සම්පතකි. රත්‍රන් අත ඇති මුදලකට සමාන වේ. ගනුදෙනුකරුවන්ගේ පෞද්ගලික රන් භාණ්ඩ සඳහා මිනිත්තු කිහිපයකින් ණයක් ලබා ගැනීමට ලංකා බැංකුව හඳුන්වා දී ඇති 'රන් සුරැකුම් ණය සේවා' හරහා හැකියාව ලැබේ. මෙය අයිරා පහසුකම සඳහා විකල්පයක් ලෙස ද භාවිත කළ හැකි ය.
රන් සුරැකුම් ණය සේවා - මුදල් හදිස්සියට විශ්වාසවන්ත නෑදෑයා
- විශාලතම රාජ්‍ය බැංකුවේ 100%ක ආරක්ෂාව.
- පෞද්ගලිකත්වය උපරිමයෙන් ආරක්ෂා කිරීම.
- කාර්යක්ෂම සේවාව.
- අවම ලිපි ලේඛන භාවිතය.
- තෝරා ගත් ශාඛාවල මෙම සේවාව ලබා දෙන කාල සීමාව දීර්ඝ කර ඇත.
- අත්තිකාරම් මුදල රන් භාණ්ඩවල කැරට් අගය මත පදනම් වේ.
- කල් පිරෙන කාල සීමාව තුළ අර්ධ වශයෙන් ගෙවිය හැකි විකල්ප.
- සීමා රහිත අලුත් කිරීමේ අවස්ථා.
- වෙළෙඳපොළේ අඩු ම පොලී අනුපාතය
- ආකර්ෂණීය අත්තිකාරම්.
- සැකසුම් ගාස්තු නැත.
ළඟ ම ඇති ලංකා බැංකු ශාඛාවට ගොස් පෞද්ගලික මූල්‍ය අවශ්‍යතා සපුරාලීමේ දී අපගේ නිලධාරීන් ලබා දෙන සුහදශීලී සේවාව අත්විඳින්න.
වත්මන් ගාස්තු, නියම සහ කොන්දේසි සඳහා කරුණාකර ළඟම ඇති ශාඛාව අමතන්න
* පිරිනමන ඕනෑ ම කොන්දේසියක් හෝ පහසුකමක් වෙනස් කිරීමට, එකතු කිරීමට හෝ සංශෝධනය කිරීමට ලංකා බැංකුවට අයිතිය ඇත.
* කොන්දේසි අදාළ වේ
වැඩි විස්තර සඳහා ළඟ ම ඇති ලංකා බැංකු ශාඛාව අමතන්න. නැතිනම් 1975 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ අපගේ ඇමතුම් මධ්‍යස්ථානය අමතන්න.

