2009 දී ලංකා බැංකුව, 1988 අංක 30 දරන බැංකු පනතට 2005 අංක 2 දරන සංශෝධන මගින් හඳුන්වාදුන් ශ්‍රී ලංකාවේ ඉස්ලාමීය බැංකුකරණය පිළිබඳ සංකල්පය යොදාගනිමින්, ඒ සඳහා පුරෝගාමීයා විය. ෂරියා අධීක්ෂණ මණ්ඩලයක් (SSB) විසින් පාලනය කරනු ලබන, රටේ කීර්තිමත් ෂරියා විද්වතුන් සහ සුවිශේෂී භාණ්ඩාගාර මෙහෙයුමකින් සමන්විත - සියලු ඉස්ලාමීය බැංකු නිමැවුම් සහ සේවා සඳහා BOC AN-NOOR (ආලෝකය) සන්නාම සහිතව දැන් ක්‍රියාත්මක වේ.

ෂරියා අධීක්ෂණ මණ්ඩලයේ (SSB) සාමාජිකත්වය

  • අස්-ෂෙයික් එම්.අයි.එම්. රිස්වි මුෆ්ති
  • අස්-ෂෙයික් එම් එච් එම් යූසුෆ් මුෆ්ති
  • අස්-ෂෙයික් මුර්ෂිද් මුලාෆර්
  • අස්-ෂෙයික් ෆාසිල් ෆාරුක්

දශක අටකට අධික කාලයක් පුරා බැංකු ක්‍ෂේත්‍රයේ වෘත්තීයභාවය සහ ප්‍රවීණත්වය යටතේ, ලංකා බැංකුව විසින් මෙම උපායමාර්ගික වශයෙන් වැදගත් ඉස්ලාමීය බැංකුකරණ මෙහෙයුම් සඳහා කණ්ඩායමක් විශේෂයෙන් තෝරාගෙන ඇත. ආයෝජකයින්ගෙන් එක්රැස්කරන අරමුදල්, ඉතා විනිවිද පෙනෙනසුළු ආකාරයෙන් ෂරියා අනුකූල ආයෝජන හරහා කළමනාකරණය කෙරේ. BOC AN-NOOR නිමැවුම් සහ සේවා සාංගමික ආයතන, ආයතන සහ පුද්ගලයන්ට එකසේ ලබාගත හැක.

 

ගිණුම්  හා සේවා නිමැවුම් 

BOC AN-NOOR තැන්පතු සහ ආයෝජන වර්ග සඳහා සේවානිමැවුම් රැසක් ලබාදෙන අතර, ලාභ බෙදාගැනීමේ යාන්ත්‍රණය හරහා නිසිලෙස නියාමනය කරන ලද සදාචාරාත්මක අනුකූලතාව නිසා, ඔබට සැනසිල්ලක් ලබාදෙයි. මෙම සේවා නිමැවුම් සියල්ල, සියලුම ආගම් අදහන ශ්‍රී ලාංකිකයන්ට විවෘත ය.

දිගු කාලයක් පුරා ඉස්ලාමීය බැංකුකරණයෙහි අත්දැකීම් සපිරි ලංකා බැංකුව සියලූ ගනුදෙනුකාර භවතුන්ගේ මූල්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා පරිපූර්ණ ඉස්ලාමීය බැංකු සේවා රැසක් පිරිනමන්නේ මහත් ආඩම්බරයෙනි.

අපගේ සියලූ ලංකා බැංකු ශාඛා වෙතින් AN – NOOR කලඹ යටතේ Shari’ah ක‍්‍රමයට අනුකූල  තැන්පතු සහ මූල්‍ය ස‌ේවාවන් ලබා ගැනීමේ පහසුව සලසා ඇත.

මූල්‍යකරණයේ සුවපහසුව සහ විශ්වාසය මුසු වූ සේවාවන් ලංකා බැංකුව සමඟ අත්විදින්න.

 

මුදල් තැන්පතු සේවා

ආයෝජන සැලසුම්

අමතර සේවාවන්

  • විවිධ මාධ්‍ය ඔස්සේ සම්බන්ධ වීමට හැකිවීම සහ ගනුදෙනු කිරීමේ හැකියාව
  • හලාල් ප‍්‍රතිලාභ පිරිනමන විශ්වාසදායී ඉතුරුම් ක‍්‍රම
  • අරමුදල් හුවමාරු පහසුකම්ල බිල්පත් ගෙවීම් සහ ශේෂ විමසීම් සේවාවන්

 

වැඩි විස්තර  සදහා ඔබට ළඟම ඇති ලංකා බැංකු ශාඛාව සමඟ හෝ 1975 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ අපගේ ඇමතුම් මධ්‍යස්ථානය සමඟ සම්බන්ධ වන්න.

 

අමතන්න

ඉස්ලාමීය බැංකුකරණ ඒකකය
25 වන මහල, ලංකා බංකුව ප්‍රධාන කාර්යාලය 
T:  011 220 5014, 5031, 5035, 5038, 5039

T: +94 11 220 5030
E: ibu@boc.lk

 

* ක‌ොන්දේසි සහිතයි

AN – NOOR Mudaraba ඉතුරුම් ගිණුම් (LKR – ශ්‍රී. ලං.රු.)
  • Mudaraba සංකල්පය යටතේ ක්‍රියාත්මක වෙයි
  • පෞද්ගලික ගිණුම් (තනි හෝ හවුල් ගිණුම්)
  • ඉතුරුම් ගිණුමක් විවෘත කිරීමට සහ පවත්වාගෙන යෑමට සුදුසුකම් ඇති සමිති, සමාජ, සංගම් සමාගම්, තනි හිමිකාරත්වයන්, සහකාරත්වයන්, සීමිත වගකීම් සහිත සමාගම් සහ වෙනත් ආයතනික සංවිධාන වැනි පුද්ගල නොවන ආයතන
  • තැන්පත්කරු සහ බැංකුව අතර ලාභය බෙදීයාමේ අනුපාතය 45:55 (PSR) 
  • වයස අවුරුදු 18ට වැඩි ශ්‍රී ලාංකිකයන් හට ගිණුම් ආරම්භ කළ හැක.
  • ATM/ Debit, අන්තර්ජාල බැංකුකරණ සේවා සහ SMS පහසුව වැනි ප‍්‍රතිලාභ සහිතව
  • ඕනෑම BOC ශාඛාවකින් ගනුදෙනු කිරීමට හැකිවීම 
AN – NOOR Athfal ඉතුරුම් ගිණුම් (ශ්‍රී. ලං.රු. | ළමා ගිණුම්)
  • Mudaraba සංකල්පය යටතේ කුඩා ළමුන් සඳහා ක‍්‍රියාත්මක වන ළමා ගිණුම්
  • අවුරුදු 18ට අඩු ඕනෑම ශ්‍රී ලාංකික දරුවකු වෙනුවෙන් දෙමවුපියන්ට/භාරකරුවන්ට ගිණුම් ආරම්භ කළ හැකිය.
  • තැන්පත්කරු සහ බැංකුව අතර ලාභය බෙදීයාමේ අනුපාතය 50:50 (PSR) 
AN – NOOR විදේශ මුදල් ඉතුරුම් ගිණුම්
  • Mudaraba සංකල්පය යටතේ ක‍්‍රියාත්මක වෙයි
  • දේශීය බැංකුකරණ ඒකකය තුළ නම්කර ඇති විදෙස් මුදල් වර්ග පහත දැක්වේ. 
    USD - ඇමරිකානු ඩොලර්
    GBP - බ්‍රිතාන්‍ය ස්ටර්ලිං පවුම්
    EUR - යුරෝ
  • ශ්‍රී ලාංකික බාල වයස්කාර දරුවකු ඇතුළුව තනි පුද්ගලයෙක්, ශ්‍රී ලංකාවෙන් බැහැරව පදිංචි බාල වයස්කාර දරුවකු ඇතුළුව ශ්‍රී ලාංකික සම්භවයක් ඇති පුද්ගලයෙක්, බාල වයස්කාර දරුවකු ඇතුළුව ශ්‍රී ලංකාවේ පදිංචි විජාතික පුද්ගලයෙක්
  • විදෙස්ගතව රැකියාවේ නිරතවන දෙමව්පියන්ගේ දරුවන් නමින් විවෘත වන ගිණුම්
  • තැන්පත්කරු සහ බැංකුව අතර ලාභය බෙදීයාමේ අනුපාතය 45:55 (PSR), සහ ළමා ගිණුම් සඳහා 50:50(PSR)
  • ATM/ Debit අන්තර්ජාල බැංකුකරණ සේවා සහ SMS පහසුව වැනි ප‍්‍රතිලාභ සහිතව
  • ඕනෑම ලංකා බැංකු ශාඛාවකින් ගනුදෙනු කිරීමට හැකිවීම 
AN – NOOR ජංගම ගිණුම
  • Qard සංකල්පය යටතේ ක‍්‍රියාත්මක වෙයි
  • පෞද්ගලික ගිණුම් (තනි හෝ හවුල් ගිණුම්)
  • ඉතුරුම් ගිණුමක් විවෘත කිරීමට සහ පවත්වාගෙන යෑමට සුදුසුකම් ඇති සමිති, සමාජ, සංගම් සමාගම්, තනි හිමිකාරත්වයන්, සහකාරත්වයන්, සීමිත වගකීම් සහිත සමාගම් සහ වෙනත් ආයතනික සංවිධාන වැනි පුද්ගල නොවන ආයතන
  • ATM/ Debit, අන්තර්ජාල බැංකුකරණ සේවා සහ SMS පහසුව වැනි ප‍්‍රතිලාභ සහිතව ඕනෑම SMS ශාඛාවකින් ගනුදෙනු කිරීමට හැකිවීම 
Waka Bil Istimar: (ආයෝජන නියෝජිතායතන ගිවිසුම)
  • ගනුදෙනුකරු Shari'ah  ක්‍රමයට අනුකූල ගනුදෙනු ආශ්‍රිතව බැංකුවේ ආයෝජන සඳහා නියෝජිතයෙකු ලෙස ක‍්‍රියා කරන නියෝජිතායතන ගිවිසුමක්
    (උදා: කාරක ප‍්‍රාග්ධන අවශ්‍යතාව හෝ ව්‍යාපාර මුදල් ප‍්‍රවාහය සැපිරීමට)
Mudaraba: පිරිවැය සහ විකුණුම් ගිවිසුම
  • කලින් එකඟ වූ ලාභයක් සමඟ පිරිවැය මිලට භාණ්ඩ විකුණන විකුණුම් ගිවිසුමක්
  • ගෙවීම් එකවර හෝ වාරික වශයෙන් සිදුකළ හැකිය
    (උදා: භාණ්ඩ, දේපළ ආදිය මිලට ගැනීම)
Lijara (ලීසිං)
  • මාසික කුලී ගෙවීම් සහිතව වත්කම් කල්බදු ක‍්‍රමයට ලබාගැනීම
  • කුලී කාලසීමාව අවසානයේ අදාළ වත්කම ගනුදෙනුකරුට තෑගි කරනු ලැබේ
    (උදා: වාහන/යන්ත්‍රෝපකරණ)

ඔබේ සහයට

  1975 |    +94 11 2204444