ඔබේ සමිතියේ හෝ සමාජයේ අරමුණු කරා ළඟාවීමට අවශ්‍ය වන ප්‍රධානම දේ නම්, එහි නිසි මූල්‍ය කළමනාකරණය යි. 
මෙම අරමුණු සාර්ථක කරගැනීමට ඔබට සහාය වීම සඳහා, ලංකා බැංකුව "BOC සංසද" සමිති සහ සමාජ ගිණුම හඳුන්වාදෙයි.

සුදුසුකම් ලත් ආයතන සමිති 

  • සමාජ
  • පුණ්‍යායතන සමිති
  • සංගම්
  • සුභසාධක සමිති
  • ආගමික සමිති
  • වෘත්තීය සමිති
  • ග්‍රාමීය සමිති
  • මරණාධාර සමිති
  • වෙළඳ සංගම්
  • පාසල්වල සුදුසුකම් ලත් සමිති
  • සහාධිපත්‍ය සමිති
විශේෂ ප්‍රතිලාභ
  • "BOC සංසද" ඉතුරුම් ගිණුමේ අවම ශේෂය මත මාසික සේවා ගාස්තු නොමැත
  • නව "BOC සංසද" ජංගම ගිණුම් සඳහා පළමු චෙක්පොත නොමිලේ (චෙක්පත් කොළ 25)
  • සංවිධානයටම ගැළපෙන සේ ලබාදෙන ගනුදෙනුකාර සේවාව
  • සංවිධානයට/එහි සාමාජිකයින් සඳහා විශේෂ බැංකු පහසුකම් සහ වරප්‍රසාද
  • රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය 
  • කලින් කලට විශේෂ ප්‍රවර්ධන හරහා පිරිනැමෙන ප්‍රතිලාභ
  • ගිණුම කළමනාකරණය කිරීමට සහාය සහ මගපෙන්වීම
අවශ්‍ය ලිපි ලේඛන
  • ගිණුම් විවෘතකිරීමේ අයදුම්පත
  • සභාපති සහ ලේකම් විසින් සහතික කරන ලද රීති සහ රෙගුලාසි (සංගමයේ ව්‍යවස්ථාව) පිටපත
  • ගිණුම් විවෘතකිරීමට අවසර දෙන මණ්ඩලයේ/කමිටු යෝජනාවේ සහතික කළ පිටපත. (ගිණුම් විවෘත කිරීමේ අයදුම්පතෙහි සඳහන් ආකෘතිය අනුව)
  • වත්මන් නිලධාරී මණ්ඩලය තේරී පත් වූ රැස්වීමේ වාර්තාවල සහතික කළ උධෘතය
  • වෘත්තීය සමිති සඳහා - වෘත්තීය සමිති රෙජිස්ට්‍රාර් විසින් නිකුත් කළ ලියාපදිංචි සහතිකය. නිලධාරී මණ්ඩලය වෙනස්කිරීම වෘත්තීය සමිති රෙජිස්ට්‍රාර්වරයා සහ කලින් සිටි නිලධාරීන් විසින් තහවුරු කළයුතු ය.
  • අදාළ අධිකාරිය විසින් නිකුත්කළ ලියාපදිංචි සහතිකයේ, සහතික කළ පිටපතක්
  • වෙනත් සම්බන්ධිත ආයතන/සංගම්/සංවිධාන ලැයිස්තුව
  • ඇටෝර්නි බලයේ සහතික කළ පිටපතක් හෝ මණ්ඩලයේ/කමිටු යෝජනාවේ හෝ ගිණුම ක්‍රියාත්මක කිරීමට පුද්ගලයින් නම්කළ රැස්වීම්වල වාර්තාවල සහතික කළ පිටපතක් සමඟ ගනුදෙනු සඳහා උපදෙස් දීමට බලයලත් පුද්ගලයන්ගේ නම්.
  • නිලධාරී මණ්ඩලයේ ජාතික හැඳුනුම්පත්වල පිටපත්
  • ගිණුම ක්‍රියාත්මක කිරීමට බලයලත් පුද්ගලයන්ගේ ආදර්ශ අත්සන්
  • සංවිධානයේ ස්වභාවය සහ වර්ගය මත පදනම් වූ වෙනත් ලේඛන/අනුමත කිරීම් 

 

කොන්දේසි අදාළ වේ

නවතම තොරතුරු සහ පවතින නියමයන් හා කොන්දේසි සඳහා ඔබට ළඟම ඇති BOC ශාඛාව සම්බන්ධ කරගන්න. නැතහොත් 1975 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ අපගේ ඇමතුම් මධ්‍යස්ථානය හා සම්බන්ධ වන්න.

ඔබේ සහයට

  1975 |    +94 11 2204444