ඔබේ ආදරණීයයන් සමඟ ජීවත්වීමට ඔබේම කැදැල්ලක් හිමිකරගැනීම, ඔබේ සිහිනයයි. නිවසක් ඔබට උරුමයෙන් ලැබී නැත්නම්, නිවසක් මිලදී ගැනීමට හෝ ගොඩනැගීමට ඔබට සිදුවේ. එය යථාර්ථයක් කිරීමට ඔබට මූල්‍ය උපකාර අවශ්‍ය වේ.

BOC සිරිමැදුර නිවාස ණය, ඔබේ පදිංචි ස්ථානයට ආසන්නතම BOC බැංකු ශාඛාවෙන් - සති 2ක් ඇතුළත දෙවරක් පැමිණීමෙන් පමණක් - නිවාස ණයක් ලබාදීමට අපි සූදානම්! ඔබේ හිසට ඉහළින් ඔබේම වහලක් ඇතිවීමට වැඩි කාලයක් ගත නොවේ.

 සිරි මැදුර නිවාස ණය පහසුකමේ ලක්ෂණ

  • පළමු පැමිණීම අයැදුම් කිරීමට වන අතර, දෙවන පැමිණීම ඔබේ ණය මුදල ලබාගැනීමට යි. 
  • ඔබේ ණය ලබාගැනීමට ගත වන්නේ, උපරිම වශයෙන් දින 15කි.
  • අවශ්‍ය ලියකියවිලි සහ ලියාපදිංචිය ලබාගැනීමට ලංකා බැංකුවේ සහාය
  • ණය සැකසීමේ සෑම අදියරක දී ම SMS මගින් දැනුම්දීම
  • ණය මුදලේ තත්ත්වය පිළිබඳ තොරතුරු පහසුවෙන් ඔන්ලයින් මගින් ලබාගැනීමේ පහසුකම්
  • ආපසු ගෙවීමේ කාලය වසර 25 ක් දක්වා

ඔබට හිමි වන අමතර ප්‍රතිලාභ

  • කඩිනම් සේවය
  • අවම සේවා ගාස්තු
  • අඩු පොලී අනුපාතය
සුරැකුම
  • අදාළ දේපළ උකස් කිරීම මත
සුදුසුකම්
  • අවුරුදු 18ත් 60ත් අතර ශ්‍රී ලාංකිකයෙකු වීම.
  • වෘත්තිකයෙකු වීම (රාජ්‍ය, අර්ධ රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ සේවයේ නියුතු)
  • ස්ථිර හෝ ස්ථිර නොවන ආදායම් ලබන වෘත්තිකයකු සහ ස්වයං රැකියා ලාභියෙකු වීම.
  • කෘෂිකාර්මික අංශයේ කාලීන ව ආදායම් උපයන්නෙකු වීම.
  • නැවත විකිණීම සඳහා නිවාස ඉදි කරන්නන්.

* කොන්දේසි අදාළ වේ

මෙම පහසුකමෙහි ඕනෑ ම කොන්දේසියක්, නියමයක් හෝ ප්‍රකාශයක් වෙනස් කිරීමට, එකතු කිරීමට හෝ සංශෝධනය කිරීමට ලංකා බැංකුවට බලය ඇත.

වැඩි විස්තර සඳහා ළඟම ඇති ලංකා බැංකු ශාඛාව හෝ 1975 ඇමතුම් මධ්‍යස්ථානය අමතන්න