විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය සහිත රාජ්‍ය විශ්ව විද්‍යාලයක, උසස් අධ්‍යාපන ආයතනයක හෝ පිළිගත් ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයක පශ්චාත් උපාධියක් හැදෑරීමට බලාපොරොත්තු වන ඔබත් මේ අනගි අවස්ථාවෙන් උපරිම ඵල නෙළා ගන්න.

 

සුදුසුකම්   

  • විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ (UGC) අනුමැතිය සහිත රාජ්‍ය විශ්ව විද්‍යාලයක, උසස් අධ්‍යාපන ආයතනයක හෝ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වලට අනුව පිළිගත් ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයක පශ්චාත් උපාධි පාඨමාලාවක් හැදෑරීමට කැමැත්තක් දක්වන , ස්ථිර වැටුපක් සහිත ඕනෑ ම පුද්ගලයකු.  

 

පොලී අනුපාතය    

  • ‘BOC අධ්‍යාපනික ණය යෝජනා ක්‍රමයේ’ වාර්ශික පොලී අනුපාතය ට වඩා  1%  ක් අඩු ය.  
    https://www.boc.lk/rates-tariff#advance-rates  → අධ්‍යාපනික ණය

 

ආපසු ගෙවීමේ උපරිම කාල සීමාව 

  • උපරිම ආපසු ගෙවීමේ කාලය අවුරුදු 5කි. (සහන කාලයක් නොමැත)
     

උපරිම ණය මුදල සහ සුරැකුම්/ ඇපකරය

  • රු. මිලියන 1ක් හෝ පාඨමාලා ගාස්තුවෙන් 80%ක් යන දෙකෙන් අවමය
    බැංකුවට පිළිගත හැකි පුද්ගලයන් දෙදෙනෙකුගේ ඒකාබද්ධ හෝ තනි ඇපකරය.
    අයදුම්කරු ඇපකරයක් ලෙස නිශ්චල දේපළක් උකසක් ලෙස ලබා දෙන්නේ නම්, ණය මුදල පාඨමාලා ගාස්තුවෙන් 90%ක්  ලබා දීම පිළිබඳ සලකා බැලිය හැකි ය.
  • රු. මිලියන 10ක් පාඨමාලා ගාස්තුවෙන් 90%ක් යන දෙකෙන් අවමය
    සුදුසු නිශ්චල දේපළක් 

 

* කොන්දේසි අදාළ වේ

මෙම පහසුකමෙහි ඕනෑ ම නියමයක් සහ කොන්දේසියක් වෙනස් කිරීමට, එකතු කිරීමට හෝ සංශෝධනය කිරීමට ලංකා බැංකුවට බලය ඇත.

 

වැඩි විස්තර සඳහා, කරුණාකර 1975 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ BOC ඇමතුම් මධ්‍යස්ථානය හෝ ඔබගේ ළඟම ඇති BOC ශාඛාව අමතන්න.

ඔබේ සහයට

  1975 |    +94 11 2204444