• මාසික විශ්‍රාම ප්‍රතිලාභ රු. 10,000/- ගුණාකාර ලෙස ලබා ගැනීමේ හැකියාව.
  • එකවර ගෙවීමක් ලෙස හෝ මාසික වශයෙන් හෝ ගෙවීමේ හැකියාව.
  • විශ්‍රාම සැලසුම තෝරා ගැනීමේ හැකියාව.

විශ්‍රාම සැලසුම් ක්‍රමය

විශ්‍රාම ප්‍රතිලාභ ආරම්භ වන වයස 

විශ්‍රාම ප්‍රතිලාභ හිමි වන කාලය 

1අවු. 55වසර 10 (වාරික 120)
2අවු. 55වසර 15 (වාරික 180)
3අවු. 60වසර 10 (වාරික 120)
4අවු. 60වසර 15 (වාරික 180)
5අවු. 55ජීවිත කාලයට ම
6අවු. 60ජීවිත කාලයට ම
7අවු. 55 හෝ වැඩිඊළඟ මාසයේ සිට වසර 10 (වාරික 120)
8අවු. 55 හෝ වැඩිඊළඟ මාසයේ සිට වසර 15(වාරික 180)
9අවු. 55 හෝ වැඩිඊළඟ මාසයේ සිට ජීවිත කාලයට ම

බදු සහ කොන්දේසි අදාළ වේ.

ගිණුම විවෘත කිරීම සඳහා සුදුසුකම්
  • වයස අවුරුදු 18ට වැඩි ශ්‍රී ලාංකික නේවාසික පුද්ගලයෙකු වීම
  • පෞද්ගලික අංශයේ සේවකයෙකු වීම
  • අර්ධ රාජ්‍ය සේවකයෙකු වීම (රජයේ සංස්ථා / මණ්ඩල / අධිකාරි)
  • ස්වයං රැකියාවක නියුතු අයකු වීම
  • විශ්‍රාමික පුද්ගලයෙකු වීම (අර්ථසාධක අරමුදලින් හෝ ඉතුරුම්වලින් එකවර ගෙවීමට හැක)
  • පෞද්ගලික අංශයේ සේවායෝජකයෙකු වීම (සේවකයින් සමඟ බද්ධව හෝ තනි තනිව තම සේවකයන් වෙනුවෙන් විශ්‍රාම සැලසුම් සඳහා ගෙවීම් කිරීම)
නියමයන් සහ කොන්දේසි
  • මාසික වාරික 12ක් එකවර හෝ කඩින් කඩ නොගෙවීමෙන් විශ්‍රාම ප්‍රතිලාභ සහ සැලසුම් නතර වන අතර, ඉතිරි ශේෂය සහ ඒ සඳහා ගෙවන පොලී අනුපාතය බැංකුව විසින් තීරණය කරනු ලැබේ.
  • ගිණුම් හිමියාගේ මරණයකදී, නාමනය කළ පුද්ගලයාට බැංකුවේ කලින් දන්වා ඇති නියමයන් හා කොන්දේසි මත ගෙවීම් සිදුකරනු ලැබේ.
  • ගිණුම සඳහා ලබා දී ඇති ඕනෑම කොන්දේසියක් සහ පහසුකමක් වෙනස් කිරීමේ, එකතු කිරීමේ හෝ සංශෝධනය කිරීමේ අයිතිය ලංකා බැංකුව සතුය.
  • නවතම තොරතුරු, පවතින නියමයන් හා කොන්දේසි පිළිබඳව දැනගැනීම සඳහා ඔබට ළඟම ඇති ලංකා බැංකු ශාඛාව හෝ 1975 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ අපගේ ඇමතුම් මධ්‍යස්ථානය හා සම්බන්ධ වන්න.

ඔබේ සහයට

  1975 |    +94 11 2204444