BOC Cards  ශ්‍රී ලංකාවේ වෙළඳ ආයතන  6000 කට වැඩි ප්‍රමාණයකට සහ ලොව පුරා ආයතන මිලියන 20 කට වැඩි ප්‍රමාණයක සාප්පු සවාරි සඳහා භාවිතා කළ හැකිය.

අවශ්‍ය ලේඛණ

  • නිසි ලෙස සම්පූර්ණ කළ අයදුම්පත
  • ජා.හැ.ප./වලංගු පාස්පෝට්/ රියදුරු බලපත්‍රයේ සහතික කළ පිටපතක්
  • වැටුප/ආදායම  සනාථකරන ලියවිල්ලක්
  • නේවාසික ලීපිනය තහවුරු කිරීම සඳහා ජල/විදුලි/දුරකථන බිල්පතක් (අවශ්‍ය නම් පමණක්)

 

බිල් සැකසීම

  • බිල්පත් කාලය අවසානයේදී, මාසික ප්‍රකාශනය දින වනවිට - කාඩ්පත් ගිණුමේ ගෙවියයුතු ශේෂය පිළිබඳ තොරතුරු ඇතුළත් කර මාසික ප්‍රකාශනයක් කාඩ්පත් හිමියා වෙත නිකුත්කරනු ලැබේ. 
  • ගෙවියයුතු අවම මුදල (එනම්; ගෙවියයුතු මුළු මුදලෙන් 5% හෝ රු.500/- යන දෙකෙන් වැඩි අගය). 
  • ඔබ විසින් මුලට නොගත් කිසියම් දෙයක් වෙනුවෙන් අයකර ඇත්දැයි පරීක්ෂා කිරීමට, බිල්පත් ප්‍රකාශනය හොඳින් කියවන්න. 
  • එවැනි අයකිරීමක් ඇත්නම්, නොපමාව ඒ බව බැංකුවට දැනුම්දෙන්න. 
  • Sample monthly Statement & Instructions

 

ගෙවීම්

  • කාඩ්පත් හිමියන්ට අවම නියමිත මුදල පියවීමට උපදෙස් දෙනු ලැබේ
  • අවශ්‍ය මුදල (අවම ගෙවීමට වඩා වැඩි) හෝ
  • නියමිත දිනට හෝ ඊට පෙර, සම්පූර්ණ මුදල.

 

ගෙවීම් ක්‍රම

  • කාඩ්පත් ශේෂයෙන් 5% සිට 100% දක්වා අයකරගැනීමට ස්ථාවර නියෝග උපදෙස් (ස්වයංක්‍රීය පියවීම් ක්‍රමය)
  • BOC අන්තර්ජාල බැංකුකරණය හරහා ගෙවන්න (කාඩ් ගිණුම, අන්තර්ජාල බැංකු පහසුකමට එක්කරන ලෙස ඔබේ BOC ශාඛාවෙන් ඉල්ලා සිටින්න)
  • ඕනෑම ලංකා බැංකුවේ ශාඛාවකින්, මුදල් හෝ චෙක්පත් මගින් ගෙවන්න
  • ATM හරහා ගෙවන්න (ATM පියවීම් සඳහා, කාඩ්පත් ගිණුම එක්කරන ලෙස, ඔබේ BOC ශාඛාවෙන් ඉල්ලා සිටින්න)
  • මුදල් තැන්පතු යන්ත්‍ර හරහා ගෙවන්න

 

ලේඛණ

කාලීනව ආදායම් උපයන්නන්

  • නිසි පරිදි සම්පුර්ණ කරන ලද අයදුම්පත
  • ජාතික හැඳුනුම්පත/ වලංගු ගමන් බලපත්‍රය/ රියදුරු බලපත්‍රය
  • වැටුප් / ආදායම සනාථකිරීම්
  • නේවාසික ලීපිනය තහවුරු කිරීම සඳහා ජල/විදුලි/දුරකථන බිල්පතක් (අවශ්‍ය නම් පමණක්)

 

 ස්වයං රැකියාවක නියුක්ත අය

  • නිසි පරිදි සම්පුර්ණ කරන ලද අයදුම් පත්‍රය
  • ජාතික හැඳුනුම්පත/ වලංගු විදේශ ගමන් බලපත්‍රය/ රියදුරු බලපත්‍රය
  • ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ සහතිකයේ පිටපත
  • බදු රිසිට්පත් (තිබේ නම්)
  • නේවාසික ලීපිනය තහවුරු කිරීම සඳහා ජල/විදුලි/දුරකථන බිල්පතක් 

 

ආයතනික විධායකයින් (අදාළ ආයතනික විසින් තහවුරු කරන ලද)

  • නිසි පරිදි සම්පුර්ණ කරන ලද අයදුම් පත්‍රය
  • ජාතික හැඳුනුම්පතේ/ වලංගු විදේශ ගමන් බලපත්‍රයේ/ රියදුරු බලපත්‍රයේ පිටපත (සටහන : සමාගම් ලේකම් විසින් ලේඛන සහතික කළයුතු ය)
  • අයදුම්කරුවන්ට ක්‍රෙඩිට් කාඩ්පත් නිකුත්කරන ලෙස සමාගමෙන් ඉල්ලීමක් කළ ලිපිය
  • අධ්‍යක්ෂ මණ්ඩල යෝජනාව
  • හානිරක්ෂක ලිපිය
  • පියවීම් ලිපිය
  • පෝරමය 20
  • සංස්ථාපිත සහතිකයේ සහතික කළ පිටපත

 

මුදල් ඇපයට තබා ඉල්ලීම කරන ඕනෑම පාර්ශ්වයක්

  • නිසි පරිදි සම්පුර්ණ කරන ලද අයදුම් පත්‍රය
  • ජාතික හැඳුනුම්පතේ/ වලංගු විදේශ ගමන් බලපත්‍රයේ/ රියදුරු බලපත්‍රයේ පිටපතක්
  • පියවීම් ලිපිය
  • නේවාසික ලීපිනය තහවුරු කිරීම සඳහා ජල/විදුලි/දුරකථන බිල්පතක් (අවශ්‍ය නම් පමණක්)
ක්‍රෙඩිට් කාඩ් පොලී ගණනය කරන ආකාරය

 

Statement Date31.08.2020Due date22.09.2020
Statement Period31.07.2020- 31.08.2020Minimum PaymentRs. 1250.00
Posting DateDescriptionBilling AmountBalance
31.07.2020Opening Balance 0
15.08.2020Purchases10,000.0010,000.00
25.08.2020Cash Advance15,000.0025,000.00
25.08.2020Cash Advanced Fee600.0025,600.00
31.08.2020Interest Charged81.6725,681.67
31.08.2020Closing Balance
 
25,681.67
Statement Date30.09.2020  
Statement Period01.09.2020- 30.09.2020  
Posting DateDescriptionBilling AmountBalance
01.09.2020Opening Balance 25,681.67
22.09.2020Payment5,000.0020,681.67
30.09.2020Interest Charged698.3921,380.06
30.09.2020Closing Balance 21,380.06
Interest Calculation
Date RangeAmountRateNo of DaysInterest
01.09.2020-21.09.202015,000.0028%21/360245.00
25.08.2020-21.09.2020600.0028%28/36013.07
15.08.2020 - 21.09.202010,000.0028%38/360295.56
     
22.09.2020 - 30.09.202020,681.6728%9/360144.77
     698.39 
ඔබගේ කාඩ්පත ආරක්ෂිතව භාවිතා කරන්නේ කෙසේද?

ඔන්ලයින් සාප්පු සවාරි සහ වෙනත් විවිධ ගෙවීම් ක්‍රම හඳුන්වාදීමත් සමඟ ඔබේ ක්‍රෙඩිට් කාඩ් තොරතුරු ආරක්ෂා කිරීමේ වැදගත්කම, දැන් දැන් වඩාත් ප්‍රබලව ඉස්මතු වී ඇත. එනිසා, ඔබ ඉලක්ක කරගත් කාඩ්පත් වංචාවන් වැළැක්වීම සඳහා, කල්ඇතුව කටයුතු කිරීම නුවණට හුරුය. තවද, තමන්ගේ ක්‍රෙඩිට් කාඩ්පත ආරක්ෂා කරගැනීමේ වගකීම, සෑමවිටම ක්‍රෙඩිට් කාඩ් හිමියා වෙත පැවරෙන කාර්යය කි. ඔබගේ ක්‍රෙඩිට් කාඩ්පත ආරක්ෂා කරගන්නේ කෙසේද යන්න පිළිබඳ වැදගත් ‘කළයුතු’ සහ ‘නොකළ යුතු’ දෑ කිහිපයක් මෙසේය.

කළයුතු දේ

  • කාඩ්පතේ පිටුපස ලබා දී ඇති ස්ථානයේ ඔබේ අත්සන යොදන්න.
  • ඔබගේ කාඩ්පත් අංකය රහසිගතව තබාගන්න.
  • ඔබ මිලදීගැනීමක් සිදුකරන සෑම අවස්ථාවකම, ගනුදෙනුව ඔබ ඉදිරියේ ක්‍රියාත්මක වන බවට සහතික වන්න.
  • ඔබේ කාඩ්පත, මුදල් අයකැමි විසින් ඔබ වෙත ආපසු ලබාදෙන විට එය ඔබගේ බව සහ එය විකෘති වී නොමැති බව සහතික කරගන්න.
  • ඔබේ රිසිට්පත්, ඔබේ ප්‍රකාශය සමග සසඳා පරීක්ෂා කිරීමට හැකිවන පරිදි තබාගන්න.
  • ඔබගේ ප්‍රකාශයේ සැකකටයුතු ගනුදෙනු ඇත්නම් හෝ ඔබ නොකළ ගනුදෙනුවක් සඳහා කෙටි පණිවිඩයක් ලැබුනේ නම් වහාම අප වෙත දන්වන්න.
  • සංවේදී තොරතුරු අඩංගු බැවින්, ඔබේ ප්‍රකාශ ආරක්ෂිත ස්ථානයක තබාගන්න.
  • ඔබ විදේශයක සංචාරය කරන්නේ නම් සහ කාඩ්පත භාවිතා කිරීමට අදහස් කරන්නේ නම්, ඒ බව කාඩ්පත් මධ්‍යස්ථානයට කල්ඇතුව දන්වන්න.
  • ඔබගේ ප්‍රකාශ සහ SMS දැනුම්දීම් නිවැරදිව ලැබීමට, ඔබේ ලිපිනයේ හෝ දුරකථන අංකවල යම් වෙනසක් සිදු වුවහොත් අපට වහාම දන්වන්න.
  • ඔබගේ කාඩ්පත සොරකම් කර ඇත්නම් හෝ නැතිවුවහොත් වහාම අපට දන්වන්න.(1975 ඔස්සේ)
  • කාඩ්පත් හිමියා, කාඩ්පතේ ආරක්ෂාව සහතික කිරීමට සහ රහස්‍ය අංකය හෙළිනොවන සේ තබාගැනීමට හැකි සෑම පියවරක්ම ගතයුතුය.
  • ගනුදෙනු කිරීමේදී නිසි ආරක්ෂාවක් ලබාගැනීම සඳහා, කාඩ්පත් හිමියාට සිය ජංගම දුරකථන අංකයට ගනුදෙනු පිළිබඳ දැනුම්දීම ලබාගැනීම සඳහා, නොමිලේ SMS දැනුම්දීමේ සේවාව සඳහා ලියාපදිංචි විය හැක.

නොකළයුතු දේ

  • ඔබේ කාඩ්පතේ PIN අංකය, CVV අංකය සහ කල් ඉකුත්වීමේ දිනය කිසිම තුන්වන පාරශ්වයකට හෙළිනොවන සේ තබාගන්න. 
ක්‍රෙඩිට් කාඩ්පතක් භාවිතාකරන විට දැනගත යුතු වෙනත් වැදගත් කාරණා

ණය සීමාව 

  • කාඩ්පත සමඟ ඇති ආවරණ ලිපියේ මෙන්ම ප්‍රකාශයේ ද, බැංකුව විසින් කාඩ්පත් හිමියාට ලබාදී ඇති මූලික ණය සීමාව දක්වා ඇත. එය දැඩි ලෙස අවධානයට ගත යුතුය. මාස 6ක භාවිතයෙන් පසු ඕනෑම අවස්ථාවක දී, ක්‍රෙඩිට් කාඩ්පත සම්බන්ධ ගිණුමේ ඔහුගේ/ඇයගේ ණය සීමාව වැඩිකිරීම සඳහා කාඩ්පත් හිමියාට ඉල්ලුම් කළහැක.

කාඩ්පත් ගිණුම

  • කාඞ්පත් දරන්නාගේ සියලුම කාඩ්පත් ගනුදෙනුවල වටිනාකම්, බඳවාගැනීමේ ගාස්තු, පොලී සහ වෙනත් ඕනෑම වගකීමක් සහ කාඩ්පත භාවිතාකිරීමෙන් සිදුවන පාඩු, බැංකුව විසින් කාඩ්පත් ගිණුමට  හර කළහැක.

කාඩ්පත ජාත්‍යන්තරව භාවිතා කිරීම

  • කාඞ්පත, සේවා ආයතනවල ජාත්‍යන්තර ගනුදෙනු සඳහා වලංගු වන අතර, එහි භාවිතය මහ බැංකුවේ මාර්ගෝපදේශයන්ට අනුව ‘හිමිකම් ඉක්මවා ගියහොත්’, CBSL අවශ්‍යතාවලට අනුකූලව CBSL වෙතින් අවශ්‍ය අවසරය ලබාගැනීමට කාඩ්පත් හිමියා කටයුතු කළයුතුය. කෙසේවෙතත්, අතිරික්ත මුදල් ආපසු ගැනීම් හේතුවෙන් - මොනම හේතුවක් නිසාවත් ප්‍රකාශනය ගෙවීම ප්‍රමාද කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම නොකළ යුතුය.

මුදල් අත්තිකාරම්

  • මුදල් ආපසුගැනීම, ණය සීමාවෙන් 50%කට සීමාකර ඇති අතර කිසිම තත්ත්වයක් යටතේ එම සීමාව නොඉක්මවිය යුතුය.

කාඩ්පත් හිමියා විදේශගත වීම

  • කාඩ්පත් හිමියෙකු සංක්‍රමණය වීම සහ/හෝ ස්ථීර පදනමින් විදේශයකට යාම, හෝ ඒ වනවිට බලපවත්වන විනිමය පාලන රෙගුලාසිවලට අනුව ‘නේවාසික-නොවන’ තත්ත්වයට පත්වීම යන අවස්ථාවන්හි දී, ඒ බව ලිඛිතව බැංකුවට දැනුම් දියයුතු අතර, සියලුම බිල්පත් සහ බිල් නොකළ ගාස්තු පියවිය යුතුය. මූලික කාඩ්පත සහ ඕනෑම අතිරේක කාඩ්පතක් බැංකුවට භාරදීමට කටයුතු කළයුතුය.

PIN

  • කාඩ්පත් හිමියාට, කාඩ්පත සමග PIN අංකය භාවිතාකර ATM යන්ත්‍රවලින් මුදල් ලබාගත හැක. විදේශයන්හි සමහර වෙළඳ අලෙවිසැල්වල ගනුදෙනුව සම්පූර්ණ කිරීමට, PIN අංකය අවශ්‍ය වේ.

කාඩ්පත නැතිවීම / සොරකම් කිරීම

  • කාඩ්පත නැතිවුණහොත් හෝ සොරකම් කර ඇත්නම්, කාඩ්පත් හිමියා ඒ බව වහාම ඇමතුම් මධ්‍යස්ථානයට 1975 අංකය ඔස්සේ දැනුම් දියයුතුය. ඔහු/ඇය නැතිවූ/සොරකම් සිදු වූ ප්‍රාදේශීය පොලිසියට  ඒ බව පැමිණිළි කළයුතුය. කාඞ්පත් හිමියා විසින් ලංකා බැංකුවේ කාඩ්පත් මධ්‍යස්ථානයට නිසි ලෙස දැනුම්දෙන තුරු සිදුවන - අනවසර ගනුදෙනු හේතුවෙන් කාඩ්පත් ගිණුමට හරවන/හර වී තිබූ ණය ගෙවීමට කාඩ්පත් හිමියා බැඳී සිටී.
  • එසේ නැතිවූ හෝ සොරකම් කළ කාඩ්පතක් වෙනුවෙන්, කාඩ්පත් හිමියාට අලුත් කාඩ්පතක් නිකුත් කිරීමට බැංකුව කිසිදු වගකීමක් යටතේ බැඳී නැත. එවැනි ඕනෑම අලුත් කාඩ්පතක් ‘හැසිරවීමේ ගාස්තුවකට’ යටත් වන අතර, එය බැංකුව විසින් තීරණය කරන වටිනාකමකට කාඩ්පත් ගිණුමට හර කරයි. සුදුසු යැයි බැංකුව සලකන නීතිරීති සහ කොන්දේසි මත බැංකුවේ අභිමතය පරිදි වෙනස් අංකයක් සහිතව කාඩ්පත් නිකුත් කරනු ලැබේ.

අවසන් කිරීම

  • කාඩ්පත් හිමියා බැංකුවට ලිඛිත දැනුම්දීමකින් ගිවිසුම අවසන් කළහැකිය. නමුත් එවැනි අවසන් කිරීමක් බලාත්මක වන්නේ, නිකුත්කරන ලද සියලුම කාඩ්පත් ආපසු ලබාදී සහ කාඩ්පත් හිමියාගේ සියලු වගකීම් බැංකුවට ගෙවීමේ දී පමණි.පූර්ව දැනුම්දීමක් ඇතිව හෝ නැතිව, සහ හේතුවක් ඇතිව හෝ නැතිව; කාඩ්පත අවලංගු කිරීමෙන් හෝ අලුත්කිරීම ප්‍රතික්ෂේප කිරීමෙන් - බැංකුවට ඕනෑම අවස්ථාවක ගිවිසුම අවසන් කළහැකිය. එවැනි අවසන් කිරීමක් සිදුනොවනතාක් කල් බැංකුව විසින් වරින්වර කාඩ්පත් හිමියාට නව කාඩ්පතක් (අලුත්කිරීමේ කාඩ්පතක්) ලබාදිය හැකිය.

වෙනත්

  • ඕනෑම ණය වාර්තාකරණ ආයතනයක් සහ/හෝ ණය කාර්යාංශයක් සහ කාඩ්පත් හිමියා මූල්‍ය සබඳතා පැවැත්වීමට යෝජනාකරන ඕනෑම පුද්ගලයෙකු, සංස්ථාවක් හෝ වෙළෙන්දෙක් සමඟ කාඩ්පත් හිමියා සම්බන්ධ ණය තොරතුරු ලබාගැනීමට සහ බෙදා ගැනීමට බැංකුවට අයිතියක් ඇත.
  • කාඩ්පත් හිමියාට PIN අංකය ලැබුණු පසු, එය කාඩ්පත් හිමියාගේ හිමිකමක් වේ. එබැවින්, එම අංකය සුරක්ෂිතව තබාගැනීමට සහ කිසිදු ආකාරයකින් හෙළිනොවන බව සහතික කිරීමට කාඩ්පත් හිමියා කළහැකි සෑම පියවරක් ම ගතයුතුය. කාඩ්පත් හිමියාගේ මුදල් පසුම්බියේ හෝ මුදල් සමග PIN අංකය රැගෙන නොයන්න. එය, ක්‍රෙඩිට් කාඩ්පතේ ලියන්න එපා. PIN එක මතක තියාගන්න. කිසිවිට එය, ලියා තබන්න එපා.
  • ගනුදෙනුවක් කිරීමෙන් පසු, කාඩ්පත් හිමියාට හිමි රිසිට්පත ලබාගන්න. හැකි ඉක්මනින් සියලුම රිසිට්පත්, ඔබේ බැංකු ප්‍රකාශනය සමඟ සසඳා පරීක්ෂා කරන්න.
  • කාඞ් හිමියා විසින්, ‘විකිණීමේ හෝ මුදල් අත්තිකාරම් වවුචරයක්’ අත්සන් කළත් නැතත්; එසේ හර කරන ලද සියලුම මුදල් බැංකුවට ගෙවීමට කාඩ්පත් හිමියා බැඳී සිටී.
  • බැංකුවට ඕනෑම ගෙවීමක් පිළිගත හැකිවන්නේ, එය කාඩ්පත් ගිණුමට ලැබී - බැර කළවිට පමණි. කාඩ්පත් හිමියාගේ වගකීම් වෙනුවෙන් බැංකුවට ලබාදෙන ඕනෑම චෙක්පතක් ගෙවීමට ගිණුමේ මුදල් තිබෙන බවට කාඩ්පත් හිමියා වගබලාගත යුතුය.
  • මුදල් ආපසුගෙවීමක් කාඩ්පත් ගිණුමට ‘බැර’ කරන්නේ - එම ගනුදෙනුවක් සම්බන්ධයෙන් බැංකුවට පිළිගත හැකි මුදල් ආපසුගෙවීමේ තහවුරුවක් ලැබුණොත් පමණි. බැංකුව විසින් මාසික ප්‍රකාශය නිකුත් කිරීමෙන් සති දෙකකට නොඅඩු කාලයක් තුළ, කාඩ්පත් ගනුදෙනු සම්බන්ධයෙන් ඇති ‘සියලුම නොඑකඟතා හෝ නොසැසඳෙන කාරණා’ බැංකුව වෙත දැනුම්දීමට කාඩ්පත් හිමියා බැඳී සිටී.
  • කාඩ්පත නැතිවීම හෝ සොරකම් කිරීම, රහස්‍ය අංකය සහ/හෝ කාඩ්පත් සත්‍යාපන අංකය නැතිවීම/සොරකම් කිරීම පිළිබඳ දැනගත් වහාම; දුරකථන, ඊ-මේල්, ෆැක්ස් හෝ ටෙලෙක්ස් මගින් ලංකා බැංකු කාඩ්පත් මධ්‍යස්ථානයට වාර්තා කළයුතුය.
  • කිසිදු නීතිවිරෝධී හෝ නීතියට අනුචිත කටයුත්තක් සඳහා කාඩ්පත භාවිතා නොකළ යුතුය.
  • ‘කාඩ්පත් ගිණුමේ බලයලත් පරිශීලකයෙකු’ ලෙස කාඩ්පත් හිමියා විසින් නම්කරන ලද ඕනෑම පුද්ගලයෙකුගේ භාවිතය සඳහා, බැංකුව විසින් අතිරේක කාඩ්පතක් නිකුත් කළහැක. එම බලයලත් පරිශීලකයා විසින් කාඩ්පත භාවිතාකිරීම නිසා - බැංකුව විසින් දරන ලද පාඩු හෝ එම කාඩ්පත් ගිණුමට හර කරනු ලබන සියලුම මුදල් වටිනාකම් සඳහා, කාඩ්පත් හිමියන් වගකිව යුතුය.
  • කාඩ්පත් හිමියා නම හෝ ලිපිනය වෙනස්කිරීම ගැන වහාම ලංකා බැංකුවේ කාඩ්පත් මධ්‍යස්ථානයට ලිඛිතව දැනුම් දියයුතුය.
  • කාඩ්පත් හිමියා විදේශගත වීමක දී, එම රටවලදී ක්‍රෙඩිට් කාඩ්පත භාවිතාකිරීමට අදහස් කරන්නේ නම්, සංචාරය කරන දිනයන් සහ රටවල් පිළිබඳව කාඩ්පත් මධ්‍යස්ථානයට කල්ඇතුව දැනුම් දෙන්න.
  • ඉඩමක් හෝ වෙනත් දේපලක් මිලගගැනීම සඳහා, ගනුදෙනුකරු හෝ තුන්වන පාර්ශ්වයක් විසින් අත්පත් කරගන්නා ලද යම් දේපලක මාසික වාරික ගෙවීම සහ/හෝ විනිමය පාලන පනතේ දක්වා ඇති කිසියම් ප්‍රාග්ධන ගිණුම් ගනුදෙනුවක් සඳහා ‘ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කිරීමට’ බැංකුව ගනුදෙනුකරුවන් දිරිමත් කිරීම/පොළඹවන්නේ නැත.
  • ක්‍රෙඩිට් කාඩ්පතට අදාළ නීතිරීති සහ කොන්දේසි, ශ්‍රී ලංකාවේ අදාළ වන නීති සහ ශ්‍රී ලංකාවේ අධිකරණවල පූර්ණ අධිකරණ බලය මගින් පාලනය වේ.
  • ඉන්ධන, මත්පැන් සහ සිගරට් සඳහා 1% අධිභාරයක් අදාළ වේ.
නිතර අසන ප්‍රශ්න
  • BOC ක්‍රෙඩිට් කාඩ්පතක් ලබාගැනීමට අවශ්‍ය අවම අවශ්‍යතාව කුමක්ද?
    වයස අවුරුදු 18ට වැඩි සහ අවම වශයෙන් මසකට රු. 15,000/- ශුද්ධ ආදායමක් ඇති අයෙකු වීම.
  • මට මගේ BOC ක්‍රෙඩිට් කාඩ්පත ලැබුණු වහාම, එය භාවිතා කළහැකිද?
    ඔබගේ කාඩ්පතේ පිටුපස ඇති දුරකථන අංකයට අමතා, අප හා සම්බන්ධ වී ඔබගේ කාඩ්පත සක්‍රිය කරගත යුතුය.
  • මා සතුව ක්‍රෙඩිට් කාඩ්පතට PIN අංකයක් තිබිය යුත්තේ ඇයි?
    ATM යන්ත්‍ර හරහා මුදල් ලබාගැනීම සඳහා ය. විදේශයන්හි ක්‍රෙඩිට් කාඩ්පත භාවිතා කරනවිට, සමහර රටවලටදී ක්‍රෙඩිට් කාඩ් ගනුදෙනු සඳහා PIN අංකය අවශ්‍ය වේ.
  • මට මගේ PIN අංකය වෙනස් කළ හැකිද?
    ඔබට ඕනෑම BOC ATM යන්ත්‍රයකින්, ඔබගේ PIN අංකය වෙනස් කළහැක. එසේ කිරීමට අපි ඔබට සැමවිටම නිර්දේශ කරමු.
  • ක්‍රෙඩිට් කාඩ්පතේ කල්ඉකුත් වීමට පෙර, නව BOC ක්‍රෙඩිට් කාඩ්පතක් මට ස්වයංක්‍රීයවම ලැබේද?
    කල් ඉකුත්වන දිනට දින 30කට පෙර ඔබට නව ක්‍රෙඩිට් කාඩ්පතක් ලැබෙනු ඇත.
  • මට මගේ BOC ක්‍රෙඩිට් කාඩ්පත භාවිතා කළහැක්කේ කුමන ස්ථානවලදී ද?
    Visa/MasterCard/Amex පිළිගන්නා ඕනෑම වෙළෙඳ ස්ථානයක (POS) දී, ඔන්ලයින් මිලදීගැනීම්වලදී සහ මුදල් ආපසුගැනීම සඳහා ATM යන්ත්‍රවලින් (දේශීයව හෝ ජාත්‍යන්තරව)
  • වෙනත් බැංකුවලට අයත් POS යන්ත්‍රවල මගේ BOC ක්‍රෙඩිට් කාඩ්පත භාවිතාකළ හැකිද?
    ඔව්
  • CVV අංකය යනු කුමක්ද සහ එහි අරමුණ කුමක්ද?
    CVV යනු ඔබේ ක්‍රෙඩිට් කාඩ්පතේ පිටුපස මුද්‍රණය කර ඇති, ඉලක්කම් 3කින් යුත් අංකයයි. එම CVV අංකය, අන්තර්ජාල මිලදීගැනීම් සඳහා ප්‍රයෝජනවත් වේ.
  • මගේ ක්‍රෙඩිට් කාඩ් ගිණුමේ ශේෂය පරීක්ෂා කරන්නේ කෙසේද?
    ලංකා බැංකුවෙන් අන්තර්ජාල බැංකුකරණ (ඊ-බැංකු) පහසුකම ලබාගෙන කාඩ්පත් ගිණුමේ ශේෂය අන්තර්ජාලයෙන් බැලිය හැක. ඕනෑම BOC ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයක් හරහා ඒ සඳහා ඉල්ලීමක් කළහැක. නැතිනම්, ඔබගේ ක්‍රෙඩිට් කාඩ්පතේ පිටුපස ඇති දුරකථන අංකය ඔස්සේ අප අමතන්න.
  • මගේ ණය සීමාව වැඩි හෝ අඩු කරන්නේ කෙසේද?
    වැඩිකිරීමට : නවතම ආදායම් ප්‍රකාශ සමඟ ඔබේ ලිඛිත ඉල්ලීම, ක්‍රෙඩිට් කාඩ් නිකුත්කිරීමේ අංශයට ඉදිරිපත් කරන්න.
    අඩුකිරීමට : ක්‍රෙඩිට් කාඩ් නිකුත්කිරීමේ අංශයට ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කරන්න.
  • මගේ BOC ක්‍රෙඩිට් කාඩ් ගිණුම වසා දැමිය හැක්කේ කෙසේද?
    අපගේ ශාඛාවකට ලිඛිත ඉල්ලීමක් භාරදෙන්න. නැතහොත්, ගෙවිය යුතු සියලුම මුදල්, පොලී සමඟ ගෙවා - කාඩ්පත සිදුරුකර හෝ කොටස් දෙකකට කඩා, අප වෙත තැපැල් කරන්න.
  • මගේ පුද්ගලික තොරතුරු වෙනස් කරන්නේ කෙසේද?
    වෙනස්කම් පිළිබඳ විස්තර සහිතව නිසි ලෙස අත්සන් කරන ලද ලිපියක් ඉදිරිපත් කරන්න.
  • මගේ BOC ක්‍රෙඩිට් කාඩ්පත් ප්‍රකාශ ලබාගන්නේ කෙසේද?
    මාසික ප්‍රකාශනය, තැපෑලෙන් හෝ ඊ-මේල් මගින් ඔබ වෙත එවනු ලැබේ.
  • SMS දැනුම්දීම්වල වාසිය කුමක්ද?
    සෑම ගනුදෙනුවක් සඳහාම SMS දැනුම්දීමක් ගෙන්වාගැනීමට, ඔබගේ ජංගම දුරකථන අංකය අපට ලබාදිය හැකි අතර, එමඟින් ගනුදෙනුවල සත්‍යතාව තහවුරු කරගැනීමට ඔබට ඉඩසැලසේ.
  • මගේ ක්‍රෙඩිට් කාඩ්පත නැති වුවහොත් හෝ සොරකම් කළහොත් මා කළයුත්තේ කුමක්ද?
    ඒ බව වහාම කාඩ්පත් මධ්‍යස්ථානයට හෝ එසේ නැතිනම් 1975 හෝ 011-2204444  ඔස්සේ ඇමතුම් මධ්‍යස්ථානයට වාර්තා කළයුතුය. කාඩ්පතක් නැතිවූ විට හෝ සොරකම් කළවිට - වහාම ඒ බව දනුම්දීම සඳහා, කල්ඇතුව ඔබේ ක්‍රෙඩිට් කාඩ් අංක සහ දැනුම්දියයුතු දුරකථන පිළිබඳ තොරතුරු ආරක්ෂිත ස්ථානයක තබාගන්න. 
  • මගේ ක්‍රෙඩිට් කාඩ්පතෙන් වංචනික ක්‍රියාකාරකමක් සිදුවී ඇතැයි මට සැකයක් ඇත්නම් මා කළයුත්තේ කුමක්ද?
    ඔබගේ ක්‍රෙඩිට් කාඩ්පතේ පිටුපස ඇති අපගේ ඇමතුම් මධ්‍යස්ථාන අංකයට වහාම ඇමතුමක් දී, ඔබ සැකකරන ගනුදෙනුව පිළිබඳ අපට දනුම්දෙන්න.
  • මගේ ක්‍රෙඩිට් කාඩ් ගිණුම ගෙවීමට ස්ථාවර නියෝගයක් ලබාදෙන්නේ කෙසේද?
    ඔබට අපගේ ඕනෑම ශාඛාවකට ගොස් ගිණුමක් විවෘතකළ හැකිය (BOC හි ගිණුම් හිමියෙකු නොවේ නම්). ඉන්පසු, ඔබට ඔබගේ ගිණුමට - ස්ථාවර නියෝග ලබාදීමට ‘ස්ථාවර නියෝග ඉල්ලීමක්’ ඉදිරිපත් කරන්න.
  • මගේ BOC ක්‍රෙඩිට් කාඩ්පතට හානිවුවහොත් මා කළයුත්තේ කුමක්ද?
    ඔබගේ ක්‍රෙඩිට් කාඩ්පතේ පිටුපස ඇති අංකය ඔස්සේ අපගේ ඇමතුම් මධ්‍යස්ථානයට දන්වා හෝ නිකුත්කිරීමේ දෙපාර්තමේන්තුවට දන්වා, ආදේශක ක්‍රෙඩිට් කාඩ්පතක් සඳහා ඉල්ලීමක් කරන්න. 
  • මට මගේ BOC ක්‍රෙඩිට් කාඩ්පත විදේශයකදී භාවිතා කළ හැකිද?
    ඔව්. Visa සහ MasterCard ගෙවීම් ජාලයන් ලෙස පිළිගන්නා ඕනෑම ගෙවීම් ස්ථානයකදී ඔබට ඔබේ BOC ක්‍රෙඩිට් කාඩ්පත භාවිතා කළහැක.
  • මට ඕනෑම ATM යන්ත්‍රයකින් මුදල් ලබාගැනීමට, මගේ BOC ක්‍රෙඩිට් කාඩ්පත භාවිතා කළහැකිද?
    ඔව්. ඔබට මුදල් ආපසුගැනීම සඳහා වීසා සහ මාස්ටර් කාඩ් පිළිගන්නා ඕනෑම ATM යන්ත්‍රයකින් ඔබේ BOC ක්‍රෙඩිට් කාඩ්පත භාවිතා කළහැක.
  • යමෙකු මගේ මුරපදය සොරකම් කර ඇති බව හෝ වංචනික ලෙස මිලදීගැනීමක් සඳහා කාඩ්පත යොදාගෙන ඇතිබව මා සැකකරන්නේ නම්, එවිට මා කළයුත්තේ කුමක්ද?
    ඔබගේ ක්‍රෙඩිට් කාඩ්පතේ පිටුපස ඇති අංකය ඔස්සේ වහාම අපගේ ඇමතුම් මධ්‍යස්ථානයට දන්වා මුරපදය වෙනස් කළයුතුය.
සම්බන්ධ කරගන්න

වැඩි විස්තර සඳහා, පහත දැක්වෙන අංකවලට අමතන්න.

  • පැය 24 පුරාම පාරිභෝගික සේවා ක්ෂණික ඇමතුම් :1975 / 0112 204444
  • කාඩ් නිකුත්කිරීම් : 0112 205635-37
  • ශේෂය විමසීම/ කාඩ්පත් සක්‍රීය කිරීම: 1975 / 0112 204444
  • PIN අංකය විමසීම් : 0112 205644
  • ණය සීමාව වැඩිකිරීම : 0112 205638
  • ලිපිනය/මොබයිල් අංකය වෙනස්කිරීම : 0112 205642
  • බිල්පත් පිළිබඳ විමසීම : 0112 204760-62
  • කාඩ් නිකුත්කිරීම් : 0112 205635-37
  • ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා වීසා ලිපි නිකුත්කිරීම: 0112 205644
  • කාඩ්පත් වසාදැමීම : 0112 205661
  • කාඩ්පත් හා PIN අංක ගෙන්වාගැනීමට : 0112 205634
  • විදේශ ගමන් රක්ෂණාවරණය : 0112 205635
  • අයකරගැනීම් : 0112 205650/5677
  • වාරික/ පහසු ගෙවීම් සැලසුම් : 0112 204764

BOC කාඩ්පත් මධ්‍යස්ථානය, 
පළමු මහල,
බටහිර කුළුණ - ලෝක වෙළඳ මධ්‍යස්ථානය,
ඇචිලන් චතුරස්‍රය,
කොළඹ 01

කාඩ්පත් ගෙවීම් පිළිබඳ ආරවුල් / පැමිණිලි / දුක්ගැනවිලි

ඔබේ සහයට

  1975 |    +94 11 2204444