ලංකා බැංකුවේ 'මුදල් සහ බැංකු කෞතුකාගාරය’ ලංකා බැංකුව විසින් ආරම්භ කරන ලද මෙන්ම සංවර්ධනය වන කෞතුකාගාරයකි. මෙය කොළඹ කොටුවේ ලංකා බැංකු ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ලේ 28 වැනි මහලේ පිහිටා ඇත. සියවස් ගණනාවක් ආවරණය කරන ශ්‍රී ලංකාවේ මුදල් සහ වාණිජ ඉතිහාසය සහ නුතන බැංකුකරණය ක්ෂේත්‍රයේ දක්වා ආ ගමන් මඟ පිලිබඳ ජනතාව දැනුමින් පෝෂණය කිරිම ලංකා බැංකුවේ මුදල් සහ බැංකුකරණ කෞතුකාගාරයේ අපේක්ෂාවයි. පුරාණ භාණඩ හුවමාරු ක්‍රමවේද, වෙළඳ සබඳතා ක්ෂේත්‍රයේ දිර්ඝ ඉතිහාසය සහ බැංකු ක්‍රමවේදයන් තුළ එහි කාර්යාභාරය පිලිබඳ තොරතුරු ගවේෂණය සඳහා මෙය අගනා මුලාශ්‍රයකි.
ලංකා බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ පාසල් ළමුන් නැරඹීම සඳහා ආකර්ශනීය මෙන්ම අධ්‍යාපනික වටිනාකමක් ඇති ස්ථාන කිහිපයක්ම ඇති අතර, කෞතුකාගාරයට අමතරව, එම මහලේම ඇති කොළඹ නගරය නැරඹීමේ විවෘත ගැලරිය, පළමුවෙනි මහලේ ඇති කාසි තොරණ සහ විදේශ විනිමය ගනුදෙනු සිදුකෙරෙන ලංකා බැංකු භාණ්ඩාගාර අංශයේ ගනුදෙනු කාමරය යනාදිය ස්ථානයන් ය.
කෞතුකාගාරය සහ එහි වටපිටාව පහත සඳහන් කොටස් වලින් සමන්විත වේ
කෞතුකාගාරය නැරඹීම
කෞතුකාගාරය සාමාන්‍යයෙන් විවෘතව තබා නොමැති නමුත් පූර්ව දැනුම්දීමකින් හා ලිඛිත අවසරයක් මගින් නැරඹීමට අවස්ථාව හිමිවේ. ඒ ඉල්ලීම පහත ලිපිනයට ලිපියක් මගින් යොමුකළ යුතුය.
කෞතුකාගාර භාරකරු,
කෞතුකාගාර කාර්යාලය, 30 වන මහල, ලංකා බැංකු ප්‍රධාන කාර්යාලය,
"BOC චතුරශ්‍රය", අංක 1, ලංකා බැංකු මාවත, කොළඹ 1
සංචාරයේ අපේක්ෂිත දිනයට පෙර ලිපිය එවිය යුතුය. පාසල් කණ්ඩායම් සම්බන්ධයෙන් ගත් කල, සංචාරයට අවසර ලබා දී ඇති බව තහවුරු වූ පසු පැමිණෙන පාසල් දරුවන්ගේ සම්පූර්ණ නම් ඇතුළත් ලැයිස්තුවක් පාසල විසින් එවිය යුතුය. මෙහි අරමුණ, දරුවන් බැංකුවට පැමිණි විට ලංකා බැංකුවේ විවිධ යෝජනා ක්‍රම යටතේ පිරිනැමෙන විශේෂ ත්‍යාගයක් එම දරුවන්ට ලබාදීමට බැංකුවට හැකියාව ලබාදීමයි.
විවෘත නැරඹුම් ගැලරිය/බැල්කනියේ සිට බැලීම සඳහා ඉල්ලීමක් එකී ලිඛිත ඉල්ලීමට ඇතුළත් වන්නේ නම් මිස, එම නැරඹුම් ගැලරිය/බැල්කනිය සාමාන්‍යයෙන් විවෘත නොකෙරේ. කෞතුකාගාරය සහ නැරඹුම් ගැලරිය/බැල්කනිය අධි ආරක්ෂිත ප්‍රදේශයක කොටසක් ලෙස සලකනු ලබන බැවින්, අවසර ලබාදීම සම්පූර්ණයෙන්ම ලංකා බැංකුවේ අභිමතය පරිදි වන අතර කිසිදු හේතුවක් ප්‍රකාශ නොකර, පෙර දැනුම්දීමකින් තොරව අවසරය ප්‍රතික්ෂේප කිරීමට ඉඩ ඇත.
අපහසුතාවකින් තොරව කෞතුකාගාරය නැරඹීමට අවස්ථාව ලබාදිය හැකි උපරිම නරඹන්නන් සංඛ්‍යාව 50 දෙනෙකු ලෙස සලකනු ලබන අතර එම සංඛ්‍යාව 55 දෙනෙකු නොඉක්මවිය යුතුය. මෙයට වඩා විශාල ඕනෑම කණ්ඩායමක්, 55 දෙනෙකු හෝ ඊට අඩු කුඩා කණ්ඩායම් ලෙස බෙදීම මගින් නැරඹීමට වෙනමම අවසර ලබාගත යුතුය. අවසරය ඉල්ලා සිටින අය මතක තබාගත යුතු කරුණක් නම්, බොහෝවිට බැංකුව ඉතා විශාල කණ්ඩායම් සඳහා ප්‍රවේශය ප්‍රතික්ෂේප කළහැකි බව ය.
පැමිණෙන ළමුන්, ගුරුවරුන්/භාරකරුවන් විසින් ප්‍රමාණවත් ලෙස අධීක්ෂණය කර පාලනය කළයුතු බව බැංකුව තරයේ විශ්වාස කරන බැවින් අවසර ඉල්ලා සිටින පාසල් කණ්ඩායම් පාසල් දරුවන් සමඟ පැමිණෙන ගුරුවරුන්/ භාරකරුවන් සංඛ්‍යාව ද සඳහන් කළයුතුය.
කෞතුකාගාරය නැරඹීමට අයදුම් කිරීම
සම්බන්ධ කරගැනීම
කෞතුකාගාර භාරකරු,
කෞතුකාගාර කාර්යාලය,
30 වෙනි මහල,
ලංකා බැංකු ප්‍රධාන කාර්යාලය,
BOC චතුරස්‍රය,
නො.01; ලංකා බැංකු මාවත,
කොළඹ 01.
දුරකථන: 011 220 5335 / 011 220 5336
ෆැක්ස්: 0112321160
ඊ-මේල්: museum@boc.lk