- භාණ්ඩාගාර බැඳුම්කර යනු, ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ශ්‍රී ලංකා මහබැංකුව විසින් නිකුත්කරන දිගුකාලීන මූල්‍ය උපකරණයකි.
- එහි පරිණත කාල සීමාව අවු.2 සිට 30 දක්වා වේ.
- භාණ්ඩාගාර බැඳුම්කර, රුපියල් 100/- ක මූණත වටිනාකමක් මත නිකුත් කරන කූපන් සුරැකුම්පතකි.
- අර්ධ වාර්ෂික පදනමක් යටතේ කූපන් ගෙවීම් සිදු කරයි
අවශ්‍ය ලිපි ලේඛන
නව තනි පුද්ගල / ඒකාබද්ධ ආයෝජකයින් සඳහා
- නිසි පරිදි පුරවන ලද අයදුම්පත
- රජයේ සුරැකුම්පත් සඳහා වන පාරිභෝගික ගිවිසුම - පාරිභෝගික ගිවිසුමේ පිටපත් දෙකක් සම්පූර්ණ කර නිසි පරිදි අත්සන් කළ යුතුය.
- ජාතික හැඳුනුම්පත / රියදුරු බලපත්‍රය / විදේශ ගමන් බලපත්‍රයේ පිටපත
- ලිපිනය සනාථ කිරීම සඳහා අවශ්‍ය ලියවිලි. (දී ඇති ලිපිනය ජාතික හැඳුනුම්පතේ සඳහන් ලිපිනයෙන් වෙනස් වන්නේ නම් පමණක්.)
නව සමාගමක් / සංවිධානයක් / සංගමයක් සඳහා
- නිසි පරිදි පුරවන ලද අයදුම්පත.
- රජයේ සුරැකුම්පත් සඳහා වන පාරිභෝගික ගිවිසුම - පාරිභෝගික ගිවිසුමේ පිටපත් දෙකක් සම්පූර්ණ කර නිසි පරිදි අත්සන් කළ යුතුය.
- ලංකා බැංකුව සමඟ රජයේ සුරැකුම්පත්වල ආයෝජනය කිරීමට අනුමැතිය ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල යෝජනාව.
- සංස්ථාපිත සහතිකය.
- බලයලත් අත්සන්කරුවන් ඉදිරිපත් කිරීම.
සාමාන්‍ය තොරතුරු
- ගනුදෙනු සිදු කරනු ලබන්නේ ලංකා බැංකුවේ පවත්වාගෙන යනු ලබන ජංගම ගිණුමක් හෝ ඉතුරුම් ගිණුමක් මගිනි.
- භාණ්ඩාගාර බැඳුම්කරයක අවම මුහුණත වටිනාකම රුපියල් 1,000,000/- කි.
- අයදුම්පත් පෙරවරු 10.30ට පෙර භාණ්ඩාගාර අංශය වෙත ලබා දිය යුතුය.
- ඕනෑ ම මුදල් ආපසු ගැනීමක් සඳහා භාණ්ඩාගාර අංශය වෙත විධිමත් ඉල්ලීමක් ඉදිරිපත් කළ යුතු අතර, ඔබගේ භාණ්ඩාගාර බැඳුම්කර පවතින වෙළෙඳපොළ මිල අනුව වට්ටම් ලබා දෙයි.
අනුපාත
- කරුණාකර ස්ථාවර ආදායම් සුරැකුම්පත් (FIS) නියෝජිතයා අමතන්න.
සම්බන්ධතා තොරතුරු
භාණ්ඩාගාර අංශය
7 වන මහල,
ලංකා බැංකුව, ප්‍රධාන කාර්යාලය,
අංක 1, ලංකා බැංකු චතුරශ්‍රය, ලංකා බැංකු මාවත,
කොළඹ 1.
දුරකථන: 011 220 3650
දුරකථන: 011 220 3607
ෆැක්ස් : 011 244 5788

