- ඉදිරි විනිමය අනුපාතය යනු අනාගතයේ දී යම් විදේශ මුදල් ප්‍රමාණයක් මිල දී ගැනීමට හෝ විකිණීමට එකඟ වන ඉදිරි ගිවිසුමකට එළඹීමේ දී බැංකුව සහ සේවාදායකයා අතර වර්තමානයේ සාකච්ඡා කරන විනිමය අනුපාතයකි.
- ඉදිරි විනිමය ගිවිසුම් භාවිත කිරීමෙන් විදේශ විනිමය අවදානම අවම කර ගැනීමට හෝ මග හැරීමට හැකි වේ.
අනුපාත
- ඉදිරි විනිමය ගිවිසුම් සඳහා, විනිමය අනුපාත පිළිබඳව ආයතනික නියෝජිතයින් සමග සාකච්ඡා කර තීරණය කළ හැකිය.
ක්‍රියාවලිය
- ආනයනකරුවෙකු හෝ අපනයන කරුවෙකු; නිශ්චිත ගනුදෙනුවක් සඳහා ගිවිසුම් පදනම් මත, ඉදිරි විනිමය අනුපාතය කේවල්කර තීරණය කරගත හැකිය.
- ගනුදෙනුකරුවා, විනිමය අනුපාතය සමග එකඟ වේ නම්, එවිට අදාළ ශාඛාව සමග ඉදිරි විනිමය ගිවිසුමක් අත්සන් කළයුතු වන අතර, ඉන්පසු ගනුදෙනුව ක්‍රියාත්මක කළහැකිය.
සම්බන්ධතා තොරතුරු:
භාණ්ඩාගාර අංශය (ආයතනික අංශය),
7 වෙනි මහල,
ලංකා බැංකු මූලස්ථානය,
ලංකා බැංකු චතුරස්‍රය,
අංක 01, ලංකා බැංකු මාවත,
කොළඹ -01.
දුරකථන: 011 2203650 / 011 2445785 / 011 2203651
ෆැක්ස්: 011 2445788

