RTGS සහ SLIPS
ඔබේ පහසුව සලසන අරමුදල් හුවමාරු කිරීම්
අරමුදල් මාරු කිරීමේ පහසුකම්වල ප්‍රතිලාභ
- අවම ලිපි ලේඛන කටයුතු
- වඩාත් ඉක්මන් පියවීම්
- අඩු පිරිවැය
- ඉහළ ඵලදායිතාව
- අඩු ශ්‍රම දායකත්වය
- ඉහළ නම්‍යශීලීභාවය සහ පහසුව
- මතභේද, විමසීම්, පියවීම් ප්‍රමාද, ගිණුම් කටයුතු සහ සමාගම් ගිණුම් සැසඳීමේ අවශ්‍යතාව අවම කිරීම
තත් කාලීන දළ පියවීම් පද්ධතිය (Real-Time Gross Settlement System - RTGS), ගනුදෙනුකරුවන්ගේ ඉල්ලීම් අනුව වෙනත් බැංකු වෙත අරමුදල් මාරු කිරීම සඳහා අපගේ ශාඛා ජාලය විසින් බහුලව භාවිතා කරයි. RTGS යනු තත් කාල පදනමින් බැංකු අතර අරමුදල් හුවමාරු කිරීමට හැකියාව ලබාදෙන යාන්ත්‍රණයකි. RTGS පද්ධතිය, අවදානම් පාලනය සඳහා බොහෝ ආරක්ෂක විශේෂාංග සහිතව ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සකස් කර ඇත.
ප්‍රතිලාභ
- පරිගණක පාදක, විද්‍යුත් අරමුදල් හුවමාරු සහ පියවීම් පද්ධතිය
- කඩිනම් සහ ආරක්ෂිත අරමුදල් සහ සුරැකුම්පත් හුවමාරු යාන්ත්‍රණය
- වෙනත් පාර්ශ්වයකට ඉක්මන් ගෙවීමක් කිරීමට අවශ්‍ය ඕනෑම පුද්ගලයෙකු හෝ ව්‍යවසායක් සඳහා
- තත් කාල දළ පදනම මත ගනුදෙනු පියවනු ලබයි
ක්‍රියා පටිපාටිය
- ලංකා බැංකුව විසින් හඳුන්වා දෙන ලද ආදර්ශ ආකෘතිය හරහා ඉල්ලීම ඉදිරිපත් කළ යුතුය
අයකිරීම් සහ ගාස්තු
- ගනුදෙනුවකට රු. 400/-
වැඩි විස්තර සඳහා
✆ 011 220 3106
✉ ft@boc.lk
ලංකා බැංකුව විසින් SLIPS (Sri Lanka Interbank Payment System - ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධතිය) ගෙවීමේ පහසුකම මඟින් ශ්‍රී ලංකා රුපියල් වලින් සිදු කෙරෙන සේවක වැටුප් ගෙවීම්, ලාභාංශ ගෙවීම්, අනෙකුත් බැංකුවල ණය ආපසු ගෙවීම්, අරමුදල් හුවමාරු කිරීම් සහ වෙනත් ගෙවීම් ලංකා බැංකුවේම හෝ වෙනත් ඕනෑම බැංකුවක ශ්‍රී ලංකා රුපියල් වලින් පවත්වාගෙන යන ගිණුමකට ආරක්ෂිතව මාරු කිරීමට අවස්ථාව සලසා දෙයි.
ප්‍රතිලාභ
- බැංකුවල තැන්පත් කිරීම සඳහා භෞතික මුදල් රැගෙන යාම අවශ්‍ය නොවන බැවින් අවදානම අවම වීම.
- ලංකා බැංකුවේ අන්තර්ජාල බැංකු පහසුකම හරහා ගනුදෙනුව සිදු කළ හැක.
- උපරිම ගනුදෙනු සීමාව ශ්‍රී ලංකා රුපියල් මිලියන 5.00 (එක් ගනුදෙනුවකට).
- ගනුදෙනුව පෙරවරු 11.30ට පෙර සිදු කළහොත් එදිනම මුදල් හුවමාරුව සිදු කෙරේ.
- ගනුදෙනුව පස්වරු 5.00ට පෙර සිදු කරන ලද්දේ නම්, ඊළඟ වැඩ කරන දිනයේදී මුදල් හුවමාරුව සිදු කෙරේ.
ක්‍රියා පටිපාටිය
- ඉල්ලීම් ලිපිය ඉදිරිපත් කළ යුතුය
- ලබා දී ඇති ආකෘතියට අනුව ගොනුව (SLIPS File) ඉදිරිපත් කළ යුතුය
අයකිරීම් සහ ගාස්තු
- බහු හුවමාරු කිරීම් සඳහා (Text file)
- ලැයිස්තුවේ එක් අයිතමයක් සඳහා රු. 15/-
(අවම වශයෙන් text file එකකට රු. 75/-ක් සහ ගනුදෙනු 05ක් ඇතුළත් විය යුතුය)
තනි හුවමාරු කිරීමක් සඳහා
- අන්තර්ජාල බැංකුකරණය හරහා - ගනුදෙනුවකට රු. 20/-
- බැංකුව හරහා සිදුකෙරෙන ඉල්ලීමක් හරහා - ගනුදෙනුවකට රු. 50/-
(බැංකුව හරහා සිදුකෙරෙන ගනුදෙනු සඳහා, දිනකට එක් ඉල්ලීමක් උපරිම අයිතම 05කට සීමා වේ)
වැඩි විස්තර සඳහා
✆ 011 220 3116
✆ 011 220 3124
✉ pbo660@boc.lk
ගනුදෙනුකරුවන්ට දේශීයව හෝ ජාත්‍යන්තරව නම් කරන ලද විදේශ මුදල්වලින් අරමුදල් මාරු කළ හැකිය.
වැඩි විස්තර සඳහා:
✆ 011 220 3120
✉ csm660@boc.lk
ඔබ වෙනුවෙන් ම වූ අපගේ නිමවුම් හා සේවාවන්
වෙළඳ සේවා පිළිබඳ සැකෙවින්
ලංකා බැංකුවේ වෙළඳ සේවා සමඟ වඩාත් පහසුවෙන් ඔබගේ ව්‍යාපාරය හසුරුවන්න
වැඩිදුර කියවන්න
ප්‍රාග්ධන වියදම් සහ කාරක ප්‍රාග්ධන මුල්‍යකරණය සමඟින් පරිපූර්ණ ණය පැකේජ
ඔබේ ව්‍යාපාරයේ දියුණුව සඳහා
වැඩිදුර කියවන්න

