අපේ කතාව...
අපගේ කතාව ආරම්භ වන්නේ, 1939 අගෝස්තු 01 වැනි දින එවකට ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා වූ ශ්‍රීමත් ඇන්ඩෘ කැල්ඩිකොට් මහතා විසින් කොළඹ කොටුවේ දී ප්‍රථම දේශීය රාජ්‍ය වාණිජ බැංකුව ලෙස ලංකා බැංකුව විවෘත කිරීමෙනි.
අපි ආරම්භයේ සිට ම ගනුදෙනුකරුවන්ගේ වඩාත් කැමැත්ත දිනා ගත් මුල්‍ය සහකරු බවට පත් වීමේ අරමුණ ඇති ව අඛණ්ඩව ක්‍රියාත්මක වන්නෙමු. එමෙන්ම අපි අපගේ සියලු පාර්ශවකරුවන් සඳහා වටිනාකම් නිර්මාණය කරමින් සැමට තිරසාර ප්‍රතිඵල ලබාදීම වෙනුවෙන් නිරන්තරයෙන් කැප වන අතර, නව්‍ය අදහස් හා සියලු ශක්තීන් ඒකරාශී කරගනිමින්, සෑම තරාතිරමක ම ශ්‍රී ලාංකිකයින් වෙත සමානව සලකමින් ඔවුන්ගේ සියලු මූල්‍ය අවශ්‍යතා සඳහා අඛණ්ඩව හා සමානාත්මතාවයෙන් යුතුව සේවා සපයන්නෙමු.
දිවයින පුරා ස්ථාපිත විශාලතම ශාඛා හා සේවා මධ්‍යස්ථාන ජාලය සමගින් ලොව නවීනතම තාක්ෂණික ක්‍රම වේදයන් අප හඳුන්වා දෙන අතර, ගනුදෙනුකරුවන්ට ඉතා පහසුවෙන් අපගේ මූල්‍ය සේවා වෙත ප්‍රවේශ වීමේ උපරිම පහසුව උදා කර දිමට අපි නිති වෙහෙසෙන්නෙමු.
එමෙන්ම විදේශීය ශාඛා ස්ථාපනය කිරීම මගින් අපි අපගේ ජාත්‍යන්තර ගමන් මග ශක්තිමත් කර ගැනීමට සමත් වීමු. මාලදිවයිනේ මාලේ සහ හුල්හුමාලේ, ඉන්දියාවේ චෙන්නායි, සීෂෙල්ස් සහ එක්සත් රාජධානයේ ලන්ඩන් නුවර ස්ථාපිත අනුබද්ධිත ආයතනය අපගේ විදේශීය ශාඛා ජාලයයි. එමෙන්ම 870කට අධික විදේශිය බැංකු සහ ප්‍රේශණ ආයතන ජාලයක් සමඟ අපගේ සම්බන්ධතා ජාලය සවිමත් ය.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සේවා සංවිධානය ලෙස ශ්‍රී ලාංකේය ජාතියට සහ අපගේ පාර්ශවකරුවන්ට ගෝලිය ප්‍රමිතීන්ට අනුකූල මූල්‍ය සේවා ලබා දීමේහි ලා දශක අටකට අධික කාලයක සිට නායකත්වය ලබා දෙන අප, මෙරට අංක එකේ බැංකුව බවට පත්වීමට හැකි වීම පිළිබඳ ව සිහිපත් කරන්නේ මහත් අභිමානයෙනි.
අපගේ ගනුදෙනුකරුවන්ගේ දිනෙන් දින වෙනස් වන අවශ්‍යතා පිළිබඳව ඉතා හොඳින් අවබෝධ කර ගනිමින්, එම අවශ්‍යතා සඳහා නිසි විසඳුම් ලබා දීම සඳහා අපි නව තාක්ෂණය වෙනුවෙන් නිරන්තරයෙන් ආයෝජනය කරන අතර, කාර්යක්ෂම හා ගුණාත්මක සේවාවක් ලබා දීම සඳහා දක්ෂ වෘත්තිකයින් සේවයේ පිහිටුවීමට කටයුතු කර ඇත්තෙමු.
ප්‍රමුඛතම රාජ්‍ය බැංකුව ලෙස අපි මෙරට යටිතල පහසුකම් සහ මහා පරිමාණ ජාතික ව්‍යාපෘති සඳහා ආයෝජනය කරන්නෙමු. මෙරට මෙන්ම විදෙස් ගත ශ්‍රී ලාංකිකයින්ගේ ද උන්නතිය වෙනුවෙන් අද මෙන්ම හෙටත් අඛණ්ඩව කැප වන බවට ප්‍රතිඥා දෙන්නෙමු.

අපගේ දැක්ම
ශ්‍රී ලංකාවේ මුල්‍ය ප්‍රගතියේ පෙර ගමන්කරු වශයෙන් නව්‍ය ඩිජිටල් ක්‍රම වේදයන්ට අනුගතව සවිමත් ගෝලීය ප්‍රවේශයකින් යුතුව ගනුදෙනුකාර භවතුන් අතර නිබඳව රැඳෙන බැංකුව බවට පත් වීම.
මෙහෙවර
නවීන තාක්ෂණය මුසු වූ මූල්‍ය සේවාවන් සුරක්ෂිත ප්‍රවේශයන් ඔස්සේ ප්‍රදානය කරමින්
පුද්ගල, ව්‍යාපාර සහ සියලු සමාජ ස්ථරයන් බලගැන්වීම සමඟින්
අපගේ ගනුදෙනුකාර භවතුන්,කාර්ය මණ්ඩලය සහ සියලු පාර්ශ්ව කරුවන් සඳහා
තිරසර වටිනාකමක් නිර්මාණය කිරීම මෙන්ම
අපගේ ජාතික සහ ජාත්‍යන්තරව පැතිරුණු සේවා විශිෂ්ටත්වය තීව්‍ර කිරීම.
අපගේ වටිනාකම්
ගෝලීය බැංකුකරණයේ ශ්‍රී ලාංකීය සලකුණ බවට පත්වීමේ අපගේ දැක්ම කරා යන ගමනේදී පහත දැක්වෙන පංචවිධ වූ මූලික හරයන් මත බැංකුව ක්‍රියාත්මක වෙයි.
» ගනුදෙනුකාර කේන්ද්‍රීය වීම.
» අප ආයතනය හා බැඳුනු විවිධ ජන කණ්ඩායම්හි විවිධත්වයට ගරු කිරීම.
» ඉතා උසස් තත්ත්වයේ ආචාර ධර්ම පිළිපැදීම සහ වෘත්තීමය පරිසරයක් ස්ථාපනය සඳහා කැපවීම.
» නම්‍යශීලි සහ නවෝත්පාදන පරිසරයක් ප්‍රවර්ධනය කිරීම.
» අපගේ සෑම ක්‍රියාකාරකමක් සඳහාම වගවීම.
1939 අගෝස්තු 1 වැනි දින බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර ශ්‍රීමත් ඇන්ඩෘ කැල්ඩෙකොට් විසින්, කොළඹ වාණිජ අගනගරයේ, කොටුව බ්‍රිස්ටල් වීදියේ අංක 41 දරන ස්ථානයේ පිහිටි ලංකා බැංකුව, උත්සවාකාරයෙන් විවෘතකරන ලදී. විනිමය බැංකු සහ අවිධිමත් මුදල් ණය දෙන්නන්ගේ දැඩි තරගයට එරෙහිව, ජනතාව සඳහා වූ පළමු දේශීය බැංකුව ලෙස එය දිනෙන් දින වර්ධනය වන්නට විය.
සේවා ස්ථාන 2500+
ශාඛා 663 | ATM යන්ත්‍ර 517 | CRM යන්ත්‍ර 1001 | BOC Connect | SME/RLC
විදේශීය ශාඛා 4 ක්
බැංකු සහ විනිමය සමාගම් සමග
870 ට අධික විදේශ සබඳතා
අනුබද්ධ සමාගම් 10ක් සහ ආශ්‍රිත සමාගම් 3ක්
රු. බිලියන 57.40 ක් වන සන්නාම වටිනාකමක් ලබා ගැනීමට අමතරව Brand Finance Lanka විසින් 2025 දී සන්නාම ශක්තිය දර්ශකය AAA- ලෙසත්, Fitch Ratings Limited විසින් ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරීම AA-(lka)/Stable outlook ලෙස ද, ණයකර ශ්‍රේණිගත කිරීම Fitch Ratings Lanka Ltd විසින් BBB+ (lka) ලෙසද ශ්‍රේණිගත කර ඇත.
ලංකා බැංකුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අධීක්ෂණය කරනු ලබන බලපත්‍රලාභී වාණිජ බැංකුවකි.
නායකත්වය සහ ආයතනික යහපාලනය
මෙරට ප්‍රමුඛතම රාජ්‍ය බැංකුව ලෙස ලංකා බැංකුව, දැනටමත් බැංකු ක්ෂේත්‍රය තුළ හිමි කරගෙන ඇති ස්ථානය අඛණ්ඩව පවත්වා ගනිමින්, සිය සමස්ත පාර්ශ්වකරුවන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා තිරසාර භාවය සහතික කිරීම වෙනුවෙන් ආයතනික යහපාලනය, ව්‍යාපාරික විනිවිදභාවය මෙන් ම වෘත්තීයමය බව පිළිබඳ ඉහළ ප්‍රමිතීන් ආරක්ෂා කිරීමට කැප වී සිටියි.
ඉතා ශක්තිමත් ආයතනික යහපාලන රාමුවක් ලංකා බැංකුව සතු ය. එමෙන් ම විනිවිදභාවය, වගවීම සහ වාර්ෂිකව එම පාලන රාමුව තව තවත් සංවර්ධනය වන ආයතනික සංස්කෘතියක් නිර්මාණය කිරීමට ද ලංකා බැංකුව කටයුතු කර ඇත. තමා හා සම්බන්ධ සියලු ම පාර්ශ්වකරුවන්ගේ ‘නිරන්තරයෙන් වෙනස් වන අවශ්‍යතා’ සපුරාලීම වෙනුවෙන් සිය පරිණතභාවය, කළමනාකරණ භාවිතයන් සහ ආයතනික වටිනාකම්වලින් සමන්විත ආයතනික යහපාලන ප්‍රතිපත්ති රැසක් ක්‍රියාවට නැංවීමට ලංකා බැංකුව කටයුතු කරයි.
මෙරට ප්‍රමුඛතම රාජ්‍ය ආයතනයක් වන ලංකා බැංකුව හරහා දේශීය ආර්ථිකය වෙත ප්‍රතිපත්තිමය බලපෑමක් සිදු කරමින්, එය ගොඩනැංවීමට කටයුතු කරන අතර, ඒ සඳහා ලංකා බැංකුව කෙරෙහි පවතින මහජන විශ්වාසය වර්ධනය කර ගැනීම අතිශයින් වැදගත් ය. ආයතනික යහපාලනය සම්බන්ධයෙන් ප්‍රශස්ථ භාවිතයන්ට අනුකූල වෙමින්, ආයතනයේ ප්‍රතිරූපය ඉහළ නංවන ප්‍රබල පාලන පරිසරයක් හා කාර්‍යක්ෂම මෙහෙයුම් ක්‍රියාවලියක් ගොඩනැංවීම වෙනුවෙන් ලංකා බැංකුව ආයතනික යහපාලන නීති හා රෙගුලාසි මාලාවක් ක්‍රියාවට නංවා ඇත.
දිනාගත් සම්මාන හා ජයසංකේත
තිරසරභාවය
ලංකා බැංකුව සතුව පූර්ණ පරිපූර්ණ තිරසාර ප්‍රතිපත්තියක් ඇති අතර එය තිරසර ඒකකය, තිරසාර කමිටුව සහ බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් වාර්ෂිකව සමාලෝචනය කෙරේ.
මූල්‍ය තතු