• වයස අවුරුදු 18ට වැඩි ශ්‍රී ලාංකිකයින් ගිණුමක් විවෘත කිරීමට සුදුසුකම් ලබයි.
  • අවම තැන්පතුව රු. 10,000/-
  • කාලසීමාව - මාස 01, 03, 06 සහ අවුරුදු 01 සිට 05 දක්වා (මාසයක තැන්පතු සඳහා කොන්දේසි අදාළ වේ)

ප්‍රතිලාභ

  • පොලී ගෙවීම - කරුණාකර පොලී හා ගාස්තු බලන්න
  • සියලුම ගිණුම් වර්ග සඳහා පොලිය කල් පිරෙන විට ගෙවනු ලැබේ
  • වසරකට සහ ඊට වැඩි තැන්පතු සඳහා මාසිකව පොලිය ගෙවනු ලැබේ
  • ස්ථාවර තැන්පතු, ණය ඇපකර සඳහා ඇපයක් ලෙස පිළිගනු ලැබේ
  • නාමනය කිරීම - ස්ථාවර තැන්පතු ගිණුම් හිමියාගේ මරණයේදී ශේෂය ලබා දීම සඳහා පුද්ගලයෙකු නාමනය කළ හැක.

වැඩි විස්තර සඳහා ළඟම ඇති ලංකා බැංකු ශාඛාව අමතන්න. නැතිනම්, 1975 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ අපගේ ඇමතුම් මධ්‍යස්ථානය හා සම්බන්ධ වන්න.

නියමයන් සහ කොන්දේසි
  1. ගිණුම විවෘතකරන අවස්ථාවේදී ලබා දුන් උපදෙස්වලට පටහැනිව, තැන්පතු කාලය අවසන් වීමට අවම වශයෙන් දින හතකට පෙර, ගිණුම්හිමියා විසින් බැංකුවට ලිඛිතව උපදෙස් ලබා නොදුන්නේ නම්, බැංකුවේ අභිමතය පරිදි හා ලංකා බැංකුව විසින් කලින් කලට නියම කරනු ලබන කොන්දේසිවලට (පොළී අනුපාතය ඇතුළුව) යටත්ව, තවත් යම් කාලයක් සඳහා සහ අඛණ්ඩ කාලයක් සඳහා පොලිය ඇතුළත්ව හෝ නොමැතිව ස්ථාවර තැන්පතුව අලුත් කිරීමේ බලය මෙයින් බැංකුවට ලබාදේ.
  2. ගිණුම්හිමියා විසින් කල්පිරීමේ දිනයට පෙර (තැන්පතු කාලය අවසන් වීමට පෙර) මුදල් ආපසුගැනීමේදී, ගිණුම්හිමියාට බැංකුව විසින් නියම කරන ලද අඩු අනුපාතයකින් පොලිය ගෙවීමට සිදුවන අතර, තැන්පතුවේ මුල් මුදලට අදාළ මාසික පොළිය තැන්පතුවේ සම්පූර්ණ කාලය සඳහා එකඟ වූ ඉහළ අනුපාතයකින් ලබා දීම හෝ එවැනි මුදල් ආපසුගැනීමකදී ගෙවිය යුතු යම් ශේෂගත පොළියක් ලබා දීම නිසා වැඩිපුර ගෙවන ලද ඕනෑම පොලියක් අඩු කිරීමට බැංකුවට අයිතිය ඇත. 
  3. බැංකුව විසින් ගිණුම්හිමියාට නිකුත් කරන ලද ස්ථාවර තැන්පතු සහතිකය වෙනත් කෙනෙකුට පැවරිය නොහැකි අතර මුල් තැන්පතු සහතිකය බැංකුවට භාර දෙන තුරු බැංකුව විසින් තැන්පතුව නිදහස් නොකෙරේ. කෙසේ වෙතත්, ගිණුම්හිමියාගෙන් අමතර ලියකියවිලි ලබාගෙන ඒවායෙහි අනන්‍යතාව තහවුරු කිරීමෙන් පසු බැංකුවට එහි අභිමතය පරිදි ගිණුම්හිමියාට අරමුදල් ලබාදිය හැකිය.
  4. ස්ථාවර තැන්පතු සහතිකය නැතිවුවහොත් ඒ බව වහාම ලිඛිතව බැංකුවට දැනුම්දිය යුතුය.
  5. අයදුම්පතෙහි සඳහන් යම් තොරතුරක්, එනම්, තැපැල් ලිපිනය, විද්‍යුත් තැපැල් ලිපිනය හා දුරකථන අංකය වැනි විස්තර වෙනස් වුවහොත්, ගිණුම් පවත්වාගෙනයන ශාඛාවට වහාම දැනුම් දිය යුතුය.
  6. උපදෙස් වෙනස් කිරීම සම්බන්ධයෙන් නිසි ලිඛිත දැනුම්දීමක් බැංකුවට ලැබෙන තෙක් පහත දක්වා ඇති ගිණුමේ මෙහෙයුම් උපදෙස් වලංගු ලෙස සැලකේ.
  7. බැංකුවේ වෙබ් අඩවිය (www.boc.lk) හරහා ගිණුම්හිමියන්ට දැනුම්දීමෙන් ගිණුම් පවත්වාගෙනයාමට අදාළ නියමයන් හා කොන්දේසි වෙනස් කිරීම, සංශෝධනය කිරීම හෝ යමක් එකතු කිරීම බැංකුව විසින් කළ හැකිය. මේවා ගිණුම්හිමියා වෙත නිසි ලෙස හා නිසි කලට කරනු ලබන දැනුම්දීමක් ලෙස සැලකේ. එසේ වෙනස් කරන ලද, සංශෝධනය කරන ලද හෝ එකතු කරන ලද නියමයන් හා කොන්දේසි ක්‍රියාත්මක වූ වහාම ගිණුම්හිමියා විසින් ඒවා පිළිපැදිය යුතුය.
  8. නියාමන අවශ්‍යතා සපුරාලීම සඳහා බැංකුව විසින් ගිණුම්හිමියාගෙන් තොරතුරු ඉල්ලා සිටිය හැකිය. ගිණුම්හිමියා එම තොරතුරු ප්‍රමාණවත් ආකාරයෙන් ලබා දිය යුතු අතර ඔහු/ඇය එම තොරතුරු ලබා නොදෙන්නේ නම්, බැංකුවට ගිණුම අත්හිටුවිය හැකිය.
  9. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද උපදෙස් සහ මාර්ගෝපදේශවලට සහ කලින් කලට සංශෝධනය විය හැකි රටේ නීතිවලට ගිණුම යටත් වේ.
  10. ගිණුම්හිමියා විසින් විදේශ විනිමය පනත, විදේශ මුදල් ගිණුම් පවත්වාගෙන යාම පාලනය කරන බැංකුවේ නීති රීති හා විදේශ ගිණුම් බදු අනුකූලතා පනතේ රෙගුලාසිවලට අනුකූල විය යුතුය.
  11. ගිණුම්හිමියා විසින් ලබාදෙන ලිඛිත ඉල්ලීමක් මගින් ගිණුම වසා දැමිය හැකිය.
  12. කිසියම් වංචනික ක්‍රියාකාරකමක් හෝ සැක කටයුතු ගනුදෙනුවක් සහ බැංකුවට අසත්‍ය තොරතුරු සැපයීම සම්බන්ධයෙන් සැකයක් මතුවේ නම්, බැංකුව විසින් කිසිඳු දැනුම්දීමකින් තොරව ගිණුම වසා දැමිය හැකිය.
  13. ගිණුම්හිමියා විසින් විද්‍යුත් බැංකු ප්‍රකාශ ලබාගැනීමේදී සිදුවන යම් පාඩුවක්, හානියක්, පොලී මුදලක්, වියදම්, ගාස්තු යනාදිය නිසා බැංකුවට, එහි අනුප්‍රාප්තිකයන්ට, පැවරුම්ලාභීන්ට, නියෝජිතයන්ට සහ සේවකයන්ට හා ඒ සියලුම අයට සිදුවිය හැකි කුමන ආකාරයේ හෝ හානියකට වන්දිගෙවීමට, ඒවායින් සුරැකීමට, ආරක්ෂා කිරීමට සහ හානියක් නොවන ලෙස තබා ගැනීමට ගිණුම්හිමියා මෙයින් පිළිගෙන එකඟ වේ. 
  14. ගිණුමට අදාළ සේවා ගාස්තු ඇත්නම් ඒවා බැංකුවේ වෙබ් අඩවියේ පළකර ඇති පරිදි බැංකුව විසින් ගිණුමෙන් අඩු කරනු ලැබේ.

ඔබේ සහයට

  1975 |    +94 11 2204444