Flex Saver යනු ලංකා බැංකුවේ නව ගනුදෙනුකරුවන් සඳහාම විශේෂයෙන් හඳුන්වා දුන්, පහසු ඩිජිටල් ඉතුරුම් ගිණුමකි. බැංකු ශාඛාවකට නොගොස්, Flex ජංගම බැංකුකරණ යෙදුම හරහා වීඩියෝ KYC (VKYC) තාක්ෂණය භාවිතයෙන් ලියාපදිංචි (Sign Up) වී, ඩිජිටල් පාරිභෝගික ලියාපදිංචි වීමේ ක්රියාවලිය (Digital Customer Onboarding Process) මඟින් ඔබට මෙම ගිණුම ඩිජිටල් ක්රමයට විවෘත කළ හැක. එමඟින් ඔබේ බැංකු කටයුතු පැය 24 පුරාම ආරක්ෂිතව සිදු කළ හැක.
විශේෂාංග
- මුදල් තැන්පත් නොකර ඩිජිටල් ක්රමයට (අන්තර්ජාලය හරහා) ඔබගේ ගිණුම ආරම්භ කළ හැක.
- සාමාන්ය ඉතුරුම් පොලී අනුපාතය හිමිවේ
- Flex ජංගම බැංකුකරණ යෙදුම හරහා සතියේ දින 7ම පැය 24 පුරාම ගිණුම පරිශීලනය කළ හැක.
- අනෙකුත් බැංකු ගිණුම් වෙත සහ එම ගිණුම්වලින් ඔබගේ ගිණුමට පහසුවෙන්ම මුදල් හුවමාරු කළ හැක.
- ඇප් එක හරහා, වෙළඳසැල්වල කාඩ්පත් මඟින් (POS), අන්තර්ජාලය හරහා භාණ්ඩ මිලදී ගැනීම් (E-commerce) සහ ATM යන්ත්ර මඟින් ගනුදෙනු කළ හැක.
- ක්ෂණිකව මුදල් හුවමාරු කරමින්, අන්තර්ජාලය හරහා ස්ථාවර තැන්පතු ආරම්භ කළ හැක.
- ස්ථාවර නියෝග සහ බිල්පත් ගෙවීම් තනිවම සකස් කරගත හැක.
- විද්යුත් ගිණුම් ප්රකාශන (E-statements) සහ සිදුකරන ගනුදෙනු පිළිබඳව කෙටි පණිවිඩ (SMS) මඟින් දැනුම්දීම.
- ගෙවීම් මතක් කිරීම් (Reminders), වියදම් නිරීක්ෂණය කිරීම් (Expense tracking) සහ විදේශයන්ගෙන් ලැබෙන මුදල් නිරීක්ෂණය කිරීමේ පහසුකම් ඇත.
- ATM යන්ත්ර මඟින්, කාඩ්පතක් නොමැතිව (Cardless) හා බැංකු කවුන්ටරයෙන් මුදල් ලබාගැනීමේ පහසුකම් පවතී.

ඔබේ සහයට

1975 |  +94 11 2204444