• BOC අධ්‍යාපනික ණය මඟින්, දේශීය හෝ විදේශීය විශ්වවිද්‍යාලවල ඔබේ උසස් අධ්‍යාපන ඉලක්ක සපුරා ගැනීමට අවශ්‍ය මූල්‍ය ආධාර සපයයි.
  • උපාධිය සම්පූර්ණ කරන තුරු පොලිය පමණක් ගෙවීමට හැක. (උපරිම සහන  කාලය අවුරුදු 4ක් දක්වා හෝ උපාධිය සම්පුර්ණ වනතුරු යන්නෙන් අඩු කාලය)
  • ඔබගේ අවශ්‍යතාව සඳහා අවශ්‍ය උපරිම ණය මුදල ලබාගන්න
  • කඩිනම් සේවය
  • සැඟවුණු වියදම් නැත
ණය මුදල
  • උපරිම රු. මිලියන 10.0 (හෝ පාඨමාලා ගාස්තුවෙන් 80% යන්නෙන් අඩු අගය)
ආපසු ගෙවීමේ කාලය
  • වසර 04ක සහන කාලයක් සහිතව, උපරිම වසර 7කි.
ඇපකරය
  • රු. 500,000/- වැඩි මූල්‍ය පහසුකම් සඳහා දේපල උකසක් 
ණය මුදල යොදවාගැනීම
  • ලියාපදිංචි ගාස්තු සඳහා
  • පාඨමාලා ගාස්තු සඳහා
  • විභාග ගාස්තු සඳහා
  • විදේශ විශ්වවිද්‍යාල සඳහා ගමන් වියදම් ගෙවීම සඳහා, සලකා බැලිය හැක.
සුදුසුකම්

මීට අයදුම් කිරීම සඳහා, ලංකා බැංකුවේ ගනුදෙනුකරුවන් හා සිසුන්:

  • උපාධි පාඨමාලා හැදෑරීමට, අ.පො.ස. (උ/පෙළ) අවම වශයෙන් සාමාර්ථ 3ක් තිබිය යුතුය.
  • වත්මන් රැකියාවට අදාළ පශ්චාත් උපාධි විභාග සහ ඩිප්ලෝමා හැදෑරිය යුතුය.
  • දේශීය/විදේශීය අධ්‍යාපන ආයතනය, විශ්වවිද්‍යාල සහ පාඨමාලා සඳහා, ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය හිමි වී තිබිය යුතුය.
අවශ්‍ය ලේඛන
  • ණය අයදුම්පත
  • විශ්වවිද්‍යාලයේ ලිපිය
  • හඳුනාගැනීමේ සාක්ෂි (ජා.හැ.ප./ විදේශ ගමන් බලපත්‍රය)