PIEZE - තනි ගෙවීම් අතුරුමුහුණත (Interface)

PIEZE යනු e-වාණිජ වෙළඳුන් සඳහා බාධාවකින් තොරව ගෙවීම් සිදුකිරීමේ පහසුකම සපයන ගෙවීම් ක්‍රමයකි. මෙමගින් රාජ්‍ය ආයතන සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ඇතුළු e-වාණිජ වෙළඳුන්ට පහසුකම් සපයයි.

e-වාණිජ වෙළඳුන් සඳහා වන ප්‍රතිලාභ

  • PIEZE යනු සාම්ප්‍රදායික අන්තර්ජාල ගෙවීම් ක්‍රම සඳහා වන විකල්පයකි. එමගින් බහු IPGs, QR ගෙවීම්, ගෙවීම් යෙදවුම්, සහ බැංකු ගිණුම්වලින් සෘජුවම තනි අතුරු මුහුණතකින් ගෙවීම් සිදුකළ හැකිය.
  • PIEZE නමින් හඳුන්වන වෙළඳ ව්‍යාපාරික ගෙවීම් ක්‍රමය හරහා ව්‍යාපාරවලට ඔවුන්ගේ මුදල් ගනුදෙනු පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා ගත හැකි අතර, පැහැදිලි තීරණ ගැනීමට සහ දියුණුව කරායාමට ඔවුන්ව බල ගන්වයි.
  • තම ගනුදෙනුකරුවන්ට සේවයකිරීමේ පරම අභිලාෂයෙන් වෙළඳුන්ට ඒ සඳහා කටයුතු කිරීමට ඉඩ සලසන PIEZE කිසිඳු බාධාවකින් තොරව ගනුදෙනුකිරීමේ හැකියාව ලබාදේ. 
  • PIEZE යනු විශාල ව්‍යවසායන් සඳහා පමණක් නොව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා ද සංකීර්ණත්වයෙන් තොරව අති නවීන ගෙවීම් ක්‍රම යොදාගැනීමට පහසුකම් සලසන්නකි.

සුදුසුකම

  • භාණ්ඩ හෝ සේවා සපයන වලංගු සහ නීත්‍යානුකූලව පිළිගත හැකි ව්‍යාපාරයක නියැලී සිටින වෙළඳුන්.

 

 

Pieze.lk සමග බාධා නැති මුදල් ගනුදෙනුකිරීමක් විඳගන්න.

ඒ සම්බන්ධව තව ගැටළු තිබේනම්,
අපේ Pieze සහාය කණ්ඩායම සමග සම්බන්ධ වන්න.

දුරකතන අංකය: 011 220 5608

නිතර අසන ප්‍රශ්න
  1. ඔන්ලයින් ගෙවීම් සඳහා Pieze විශ්වාසදායක වන්නේ ඇයි?
    Pieze යනු ලංකා බැංකුවේ අනුග්‍රහයෙන් සකසන ලද විශ්වාසනීය බහු-ගෙවීම් ක්‍රමයකි. එමගින් ලංකා බැංකුව විසින් පිරිනමනු ලබන විවිධ ගෙවීම් ක්‍රම උපයෝගී කරගනිමින් ඔබේ ගනුදෙනුකරුවන් හා සම්බන්ධ ගනුදෙනුවල ආරක්ෂාව, පිරිවැය-ඵලදායීතාවය සහ විශ්වසනීයත්වය සහතික කරයි.
     
  2. ඔබේ ව්‍යාපාරයට අදාළ ගෙවීම් සිදුකිරීමට Pieze අවශ්‍ය වන්නේ ඇයි?
    Pieze යනු තනි ගෙවීම් මාර්ගයක් හරහා ව්‍යාපාරවලට විවිධ මාර්ගගත ගෙවීම් ක්‍රම සිදුකිරීමට හැකියාව ලබාදෙන මෙවලමකි. ඔබේ ව්‍යාපාරවලට තවදුරටත් තනි තනිව ගෙවීම් ක්‍රම භාවිතකිරීමට හෝ විවිධ ගාස්තු යටතේ ගෙවීම් ක්‍රම කළමනාකරණය කිරීමට අවශ්‍ය නොවන බැවින් ඔබට කරදරයකින් තොරව ගනුදෙනු සිදුකළ හැකිය.
     
  3. Pieze පවත්වාගෙන යන්නේ කවුරුන් විසින් ද?
    Pieze යනු ශ්‍රී ලංකාව පුරා සහ විදේශ රටවල පාරිභෝගික සේවා මධ්‍යස්ථාන 2,000කට අධික සංඛ්‍යාවක් පවතින ප්‍රමුඛතම මූල්‍ය ආයතනයක් වන ලංකා බැංකුව විසින් කළමනාකරණය කරනු ලබන ව්‍යාපාරික මාධ්‍යයකි.
     
  4. Pieze විසින් ලබාදෙන ගෙවීම් ක්‍රම මොනවාද?
    Pieze වෙතින් දැනට Visa, Mastercard, UnionPay, Lanka QR, Union QR, සහ BOC Smart Pay වැනි ජනප්‍රිය ගෙවීම් ක්‍රම ඔබ වෙත ලබාදෙයි. අමතර ගෙවීම් මාධ්‍යයන් ද Pieze වෙත ඇතුළත් කර ඇති බැවින්, වෙළඳුන්ට අමතර වියදමකින් තොරව ඒවාට ප්‍රවේශ විය හැකිය.
     
  5. Pieze හි සේවාවන්ට අදාළ ගාස්තු මොනවාද?
    Pieze වෙත අයදුම් කිරීමේ ක්‍රියාවලිය හෝ සැකසුම සඳහා ගාස්තු අයනොකරන අතර එය සම්පූර්ණයෙන්ම නොමිලේ බැවින් ඊට අයදුම් කිරීමට පසුබට නොවන්න. එය භාවිතකිරීමට පමණක් ගාස්තු අයකරන අතර එක් එක් ගෙවීම් මාධ්‍යයන්ට වෙන්වූ ගනුදෙනු ගාස්තු ද ඇත.
     
  6. Pieze මගින් ලබාගත හැකි මුදල් ඒකකය කුමක්ද?
    Pieze ශ්‍රී ලංකා රුපියල්වලින් (LKR) ඔබට ගනුදෙනු සිදුකිරීමට හැකියාව ලබා දෙයි.
     
  7. Pieze හා සම්බන්ධ වීමට සුදුසුකම් ලබන්නේ කවුද?
    තනි පුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, සමාගම් පනත යටතේ ලියාපදිංචි සමාගම්, මෙන්ම රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතන ඇතුළු ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන සියලුම ආකාරයේ ව්‍යාපාර සඳහා සුමටව සහ කරදරයකින් තොරව Pieze වෙත ප්‍රවේශ වියහැකිය.
     
  8. නිදහස් රැකියා නියුක්තිකයන්ට වෙළඳුන් ලෙස Pieze හා සම්බන්ධ විය හැකිද?
    ඔව්, නිදහස් රැකියා නියුක්තිකයන්ට ද මුදල් ලබාගැනීම සඳහා Pieze භාවිත කළ හැකිය. ඔබේ ව්‍යාපාරය තනි පුද්ගල ව්‍යාපාරයක් ලෙස ලියාපදිංචි කර එම ව්‍යාපාර නාමය යටතේ ලංකා බැංකු ගිණුමක් විවෘත කරන්න. එවිට ඔබට ඔබගේ Pieze ගිණුම නොමිලේ සැකසීමට හෝ අපගේ සහය අවශ්‍ය නම් අප හා සම්බන්ධ විය හැකිය.
     
  9. Pieze වෙළඳ ගිණුමක් සඳහා අයදුම් කිරීමට ඇති පියවර මොනවාද?
    මාර්ගගතව අයදුම් කිරීමේ ක්‍රියාවලිය හරහා Pieze ඔබ වෙත වැඩි පහසුවක් සලසන අතර මේ සඳහා සුදුසුකම් ලබන වෙළඳුන්ට Pieze වෙළඳ මෙවලම හරහා පිවිසුමක් (login) නිර්මාණය කිරීමෙන් එම ක්‍රියාවලිය ආරම්භ කළහැකි අතර පසුව පහත පියවර අනුගමනය කිරීමෙන් එය ඉදිරියට කරගෙන යා හැකිය:
    පියවර 1: පරිශීලක ගිණුමක් සාදා ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය නිවැරදි දැයි බලන්න.
    පියවර 2: ඔබගේ ජංගම දුරකථන අංකය නිවැරදි දැයි බලන්න.
    පියවර 3: KYC සම්පූර්ණ කරන්න.
    පියවර 4: ලේඛන ඉදිරිපත් කරන්න.

     
  10. ව්‍යාපාරයට ජංගම හෝ ඉතුරුම් ගිණුමක් තිබීම අවශ්‍යද?
    Pieze සේවාවන් වෙත ප්‍රවේශවීමට වෙළඳුන්ට ලංකා බැංකුවේ ශ්‍රී ලංකා රුපියල්වලින් ගිණුමක් තිබිය යුතුය. කෙසේ වෙතත්, වෙළඳ අනුබද්ධතා ගිණුමට (merchant affiliation) සමාන්තරව ගිණුමක් විවෘත කිරීමට ඔවුන්ට විකල්ප අවස්ථාවක් ඇත.
     
  11. අපගේ බැංකු ගිණුමට අරමුදල් ලබා දීම අපේක්ෂා කළ හැක්කේ කවදාද?
    ඊළඟ ව්‍යාපාරික දිනයේ දී (T+1 පදනම) pieze විසින් ඔබගේ බැංකු ගිණුමට ගෙවීම් ස්වයංක්‍රීයව පියවනු ලැබේ.
     
  12. Pieze ගිවිසුම අත්සන් කිරීම සඳහා ඔබේ අවසරය, ඔබේ ව්‍යාපාර ලියාපදිංචිකිරීමේ වර්ගය මත රඳා පවතින්නේද?
    ඔව්. ඔබ තනි පුද්ගල ව්‍යාපාරයක හිමිකරු වේ නම්, ඔබට හිමිකරුගේ මුද්‍රාව භාවිතයෙන් අත්සන් කළ හැකිය. හවුල් ව්‍යාපාර සඳහා, සියලුම හවුල්කරුවන් හවුල් ව්‍යාපාර මුද්‍රාව තබා සාමූහිකව අත්සන් කළ යුතුය. අනෙකුත් ව්‍යාපාර සහ ආයතන සම්බන්ධයෙන් වන විට, එය ගිවිසුම්වලට එළඹීමට අත්සන් කරන්නන්ට බලය පවරන ලියකියවිලි මත රඳා පවතී.
     
  13. Pieze සෑන්ඩ්බොක්ස් යනු කුමක්ද?
    ඔබ විසින් සජීවීව ගෙවීම් කටයුතු කරන ආකාරයටම අන්තර්ජාලය තුළ ගෙවීම් පිළිබඳ ඔබ විසින්ම පරීක්ෂා කරගත හැකි ක්‍රමයක් ලෙස සෑන්ඩ්බොක්ස් හැඳින්විය හැකි අතර Pieze ඔබ වෙත එම පහසුකම ද ලබාදේ. සෑන්ඩ්බොක්ස් තුළ සිදුවන ඕනෑම දෙයක් ඒතුළම පවතින බව අපි ඔබට සහතික වෙමු. ඔබට ඔබේ වෙබ් අඩවියේ ගෙවීම් ජාලය පරීක්ෂා කිරීමට හෝ ඔබේ අභ්‍යන්තර පද්ධතිය ගෙවීම් ජාලය හා ක්‍රියා කරන ආකාරය පරීක්ෂා කිරීමට අවශ්‍ය නම්, ඒ සඳහා Pieze හි සහාය ලබාගත හැකිය.
     
  14. සෑන්ඩ්බොක්සය තුළ ඇත්තවශයෙන්ම ගෙවීම් ක්‍රියාවලිය සිදුවන්නේද?
    නැත යන්න සරල පිළිතුරයි. සෑන්ඩ්බොක්සය තුළ සිදුවන ගෙවීම් කටයුතු සැබෑ ලෙස සිදුනොවන අතර එය ඔබටම පරීක්ෂා කර ගත හැකි පරිශීලක විසින්ම පරීක්ෂා කරගත හැකි මෘදුකාංග (UAT) පද්ධතියකි. මෙමගින් සැබෑවට සිදුවන ගෙවීම් ක්‍රියාවලිය අනුකරණය කරමින් Pieze හි ගෙවීම් සැකසීම සිදුවන නමුත් ගනුදෙනු ඇත්තවශයෙන්ම ක්‍රියාත්මක නොවේ. කිසිඳු මූල්‍ය ගනුදෙනුවක් සිදු නොකර Pieze හරහා ගෙවීම් ප්‍රවාහය පිළිබඳව ඔබට පුළුල් අවබෝධයක් ලබා දීම මෙහි අරමුණයි.