මගේ Life එකට, මගේ Flex

ඔබේ Lifestyle එකට Match වෙන්න, සියලුම බැංකු කටයුතූ කරගන්න

ඔබට smart, වේගවත් මෙන්ම බාධාවකින් තොර බැංකුකරණ අත්දැකීමක් ගෙන ඒම සඳහාම නිමවූ all-in-one ජංගම බැංකුකරණ යෙදුම වන BOC Flex වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු. වඩාත් බුද්ධිමත්, වේගවත් සහ පහසු බැංකුකරණ අත්දැකීමක් ලබාදීම සඳහා නිර්මාණය කර ඇති BOC Flex, ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට හඳුන්වා දුන්, යෙදුම තුළම ක්‍රියාත්මක වන (In-App) Mobile Wallet සමඟ Tap & Pay පහසුකම ඇතුළුව, ඔබට අවශ්‍ය සියලුම බැංකු සේවාවන් එක් ප්‍රබල යෙදුමක් තුළින් ලබා දෙයි. එදිනෙදා බැංකු සේවා, පහසු ගෙවීම්, ආරක්ෂිත Digital Wallet, ක්ෂණික Virtual Card, සහ Tap & Pay පහසුකම සමඟින් ඔබගේ ඇඟිලි තුඩු මතම ඊළඟ පරම්පරාවේ බැංකුකරණ අත්දැකීම විඳින්න.

 

BOC Flex Digital Wallet

ලංකා බැංකුවේ මෙන්ම සහ අනෙකුත් බැංකුවල  ගනුදෙනුකරුවන් සඳහාම නිර්මාණය කළ ආරක්ෂිත Digital Wallet පහසුකම සමඟින් ඔබගේ දෛනික ඩිජිටල් ගෙවීම් වඩාත් සරල, බුද්ධිමත් සහ පහසු කරගන්න.

Virtual Card

BOC Flex  app  තුළින්ම ඔබගේ Virtual Card එක  ක්ෂණිකව නිර්මාණය කර, භෞතික කාඩ්පතක අවශ්‍යතාවයකින් තොරව අන්තර්ජාල මිලදී ගැනීම් සිදු කරන්න.

Tap & Pay

NFC පහසුකම සහිත ඔබගේ smart දුරකථනය (Android) ඕනෑම Contactless POS යන්ත්‍රයකට Tap කිරීමෙන් වේගවත්, ආරක්ෂිත සහ පහසු ගෙවීම් සිදු කරන්න. ශ්‍රී ලංකාවේ ප්‍රථම Tap & Pay Digital Wallet අත්දැකීම සමඟින් ගෙවීම් වඩාත් පහසු කරගන්න.

 

ඔබ BOC Flex තෝරාගත යුත්තේ ඇයි?

  • ඉක්මන් සහ ආරක්ෂිත ප්‍රවේශය
    Self-registration සමගින් Biometric Login
  • Smart ඉතුරුම්
    පහසු තැනක සිට, පහසු වෙලාවක ඔබේ ගිණුම විවෘත කිරීමේ හැකියාව
  • ක්ෂණික ස්ථාවර තැන්පතු සහ ණය
    ක්ෂණික ස්ථාවර තැන්පතු ඇරඹීම සහ ස්ථාවර තැන්පතුවෙන් ක්ෂණික ණය ලබාගැනීමේ හැකියාව 
  • QR Payments
    QR Code එකෙන් ඉක්මනින් සහ පහසුවෙන් ගෙවීම් කටයුතු සිදු කිරීමේ හැකියාව
  • Personalized Experience
    ඔබ කැමති පරිදි Themes, Widgets සහ භාෂාව වෙනස් කරගැනීමේ හැකියාව
  • පහසු ගෙවීම් සහ මුදල් හුවමාරු
    One-to-one, Multiple Schedule කළ හැකි Fund Transfers සහ Bill Payments
  • Personalized Finance
    ගෙවීම් සිහිකැඳවීම්, වියදම් Track කිරීම්, Financial memos ඇතුළු තවත් සේවාවන් රැසක්
  • Government Payments (GovPay)
    රාජ්‍ය ආයතනයන්ට ආරක්ෂිතව ගාස්තු ගෙවීමේ පහසුව

බැංකුකරණය, ඔබට අවශ්‍ය ලෙසින්ම!

BOC Flex යනු හුදෙක්ම බැංකු යෙදුමකට වඩා කරදරයකින් තොරව හා ආරක්ෂිතව බැංකුකරණයේ යෙදීම සඳහා වන ඔබේ මූල්‍ය සගයකු වේ. බැංකුකරණය බාධා රහිත, පහසු අත්දැකීමක් කරගැනීමට තරම් වූ විශ්වාසයක් හා නවෝත්පාදනයක් ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව වන ලංකා බැංකුව විසින් ඔබ වෙත ගෙන එනු ලබයි. 

අදම BOC Flex බාගත කර smarter, වේගවත් මෙන්ම වඩා පහසු බැංකුකරණයේ අත්දැකීම අත්විඳින්න!

BOC Flex Instant Loan

BOC Flex ක්ෂණික ණය යනු BOC Flex ජංගම යෙදුම හරහා ලබා දෙන, AI තාක්ෂණය මත පදනම් වූ වේගවත් හා පහසු මූල්‍ය පහසුකමකි.

BOC Flex ක්ෂණික ණය තෝරා ගත යුත්තේ ඇයි?

  • AI තාක්ෂණයෙන් ණය සුදුසුකම් ඇගයීම - ක්ෂණිකව ඔබගේ ගනුදෙනු දත්ත මත සුදුසුකම් ඇගයීම සිදුකරයි.
  • 100% ලියකියවිලි රහිතයි – කිසිඳු අවස්ථාවක මුද්‍රිත ලේඛන අවශ්‍ය නොවේ.
  • BOC Flex යෙදුම හරහා ක්ෂණිකව ණය මුදල් නිකුත් කිරීම.
  • ශාඛාව වෙත යාම අවශ්‍ය නොවේ.
  • ඇපකරයකින් තොර පහසුකමකි.
  • තරඟකාරී පොලී අනුපාතයක්.

 

‘Flex ක්ෂණික ණය’ හි විශේෂාංග

ණය මුදලරු. 10,000 – රු. 500,000
ආපසු ගෙවීමේ කාලයමාස 03 – 36
පොලී අනුපාතයකරුණාකර https://www.boc.lk/rates-tariff#advance-rates → පුද්ගලික ණය ,  බලන්න
ඇපකරයඇපකර රහිත (Clean)
අවශ්‍ය ලේඛනනොමැත
අයදුම් කිරීමBOC Flex යෙදුම හරහා

 

අයදුම් කරන ආකාරය

අපගේ AI එන්ජිම විසින් ඔබේ ප්‍රොෆයිලය (Profile), සුදුසුකම් නිර්ණායක සමඟ අඛණ්ඩව ඇගයීමට ලක් කර ඔබව පූර්ව සුදුසුකම් ලත් අයෙකු බවට පත් කරනු ලැබේ. ඉන්පසු ඔබේ ණය මුදල ස්වයංක්‍රීයව තීරණය කරයි. ඉන්පසු ඔබට ලබාගත හැකි ණය මුදල පිළිබඳ BOC Flex යෙදුම හරහා දැනුම්දීමක් එවනු ලැබේ. ඉන්පසු, ණය මුදල ලබාගැනීමේ තීරණය ඔබ සතුවේ.

ඔබ විසින් පහත සරල පියවර අනුගමනය කිරීම පමණක් කළ යුතුවේ:

  • Flex ජංගම යෙදුමට පිවිසෙන්න.
  • Accounts Center වෙත ගොස්, Loans අයිකනය ක්ලික් කරන්න, Instant Loan තෝරන්න (සුදුසුකම් ලත් පාරිභෝගිකයින්ට පමණක් ලබා ගත හැකිය).
  • ඔබේ පදිංචිය තහවුරු කරන්න.
  • ඔබේ CRIB වාර්තාව පරීක්ෂා කිරීම සඳහා අනුමැතිය ලබා දෙන්න.
  • CRIB පරීක්ෂාව සමත් වූ පසු, Loan Calculator තිරය දිස්වන අතර, එමගින් ඔබට අවශ්‍ය ණය මුදල සහ ආපසු ගෙවීමේ කාල සීමාව තෝරා ගත හැකිය.
  • ඔබේ තොරතුරු නැවත පරීක්ෂා කිරීම සඳහා Details Verification තිරයට යන්න.
  • නියමයන් හා කොන්දේසි (Terms & Conditions) සහ ණය ප්‍රදාන ලිපිය (Offer Letter) කියවා එයට එකඟතාව පළකරන්න.
  • ඔබේ මුරපදය (Password) හෝ ජෛවමිතික දත්ත (Biometrics) සහ එක්වරක් පමණක් වලංගු මුරපදය (OTP) භාවිතයෙන් සත්‍යාපනය කරන්න.
  • ණය මුදල ඔබගේ ගිණුමට බැර වන අතර ඊට අදාළ තොරතුරු Loan Successful තිරයේ දිස්වේ.

 

සුදුසුකම්

BOC Flex ක්ෂණික ණය සඳහා සුදුසුකම් ලැබීමට, අයදුම්කරුවන් පහත අවශ්‍යතා සපුරාලිය යුතුය.

  • Flex ජංගම බැංකු යෙදුමේ සක්‍රීය ලියාපදිංචි පරිශීලකයෙකු විය යුතුය.
  • වයස අවුරුදු 18 ත් 57 ත් අතර විය යුතුය.
  • ශ්‍රී ලංකාවේ පදිංචිකරුවෙකු විය යුතුය.
  • අවම වශයෙන් මාස 3 ක කාලයක් බැංකුව සමඟ හොඳ ගනුදෙනු වාර්තාවක් තිබිය යුතුය.
  • ණය තොරතුරු කාර්යාංශයෙන් (CRIB) සතුටුදායක ලකුණක් තිබිය යුතුය.
  • පසුගිය මාස 3 තුළ රු. 20,000/- ක අවම සාමාන්‍ය තැන්පතුවක් පවත්වාගෙන තිබිය යුතුය.
  • සාමාන්‍ය මාසික ශේෂය රු. 25,000/- හෝ ඊට වැඩි විය යුතුය.
  • පසුගිය මාස 3 තුළ චෙක්පත් අඟරුවීම් වලින් තොර, සතුටුදායක ජංගම ගිණුමක් පවත්වාගෙන තිබිය යුතුය (අදාළ වන්නේ නම්).
  • ණය පැහැරහැරීම් වාර්තා නොමැතිව, දැනට පවතින ණය පහසුකම් සතුටුදායක ලෙස පවත්වාගෙන යාම.

සටහන: සමස්ත සුදුසුකම් සහ ණය මුදල් තීරණය කරනු ලබන්නේ කෘත්‍රිම බුද්ධිය (AI) පදනම් කරගත් මොඩලයක් මගිනි.

ලේඛන

Flex ජංගම යෙදුම හරහා ඩිජිටල් ලෙස ණය ලබාගැනීමට අයදුම් කරන බැවින් මුද්‍රිත ලේඛන අවශ්‍ය නොවේ.

යෙදුම බාගත කරන්න

  • Download BOC Flex from Google Play Store
  • Download BOC Flex from App Store
  • Download BOC Flex from App Gallery