සංක්‍රමණික සේවකයන් සඳහා වන රුපියල් ගිණුම (MERA) යනු විදේශ රටවල සේවය කරන සහ ශ්‍රී ලංකාවෙන් පිටත පදිංචි ශ්‍රී ලාංකිකයන් සඳහා නිර්මාණය කරන ලද ශ්‍රී ලංකා රුපියල් ගිණුමකි. මෙම ගිණුම් ඉතිරිකිරීමේ ගිණුම, ස්ථාවර තැන්පතු ගිණුම හෝ ජංගම ගිණුම ලෙස විවෘත කළ හැකිය. නමුත් ජංගම ගිණුම් සඳහා චෙක් පොත් පහසුකම් හා අයිරා පහසුකම් පිරිනමනු නොලැබේ.

පහසුකම්

  • BOC Flex / අන්තර්ජාල බැංකුකරණ පහසුකම
  • විද්‍යුත් බැංකු ප්‍රකාශ
  • විදේශ රට තුළ භාවිතය සඳහා ATM කාඩ්පත
  • BOC Smart පාස් පොත / පාස් පොතක් අවශ්‍ය නොවේ
  • විදෙස් රටවල සිටින ව්‍යාපාර ප්‍රවර්ධන නිලධාරීන් හරහා හෝ රටින් පිටව යාමට පෙර ශාඛාවකට ගොස් විවෘත කළ හැකිය.
  • දේශීය ජංගම දුරකථන අංක (රෝමිං සක්‍රිය කර ඇති) සඳහා SMS පණිවිඩ
අවශ්‍ය ලේඛන
  • නිසි ලෙස පුරවන ලද ඉල්ලුම්පත්‍රය
  • ගනුදෙනුකරු ලියාපදිංචිකිරීමේ පෝරමය
  • වලංගු වීසා / විදේශ රැකියා කොන්ත්‍රාත්තුව
  • විදේශ ගමන් බලපත්‍රය
  • ජාතික හැඳුනුම්පත (NIC)
  • දේශීය ලිපිනය සනාථ කිරීමට අදාළ ලේඛන (NIC හි සඳහන් ලිපිනය නොවේ නම්)
නියමයන් හා කොන්දේසි
  • ඉල්ලුම්කරු වයස අවුරුදු 18 හෝ ඊට වැඩි ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයකු විය යුතුය (සංක්‍රමණිකයින් හැර).
  • ලංකා බැංකුවේ පවත්වාගෙන යනු ලබන දැනට පවතින සියලුම රුපියල් ගිණුම් ශ්‍රී ලංකාවෙන් පිටවන බව ප්‍රකාශ කිරීමෙන් පසු MERA ගිණුම් බවට පරිවර්තනය කරනු ලබන අතර, එම ගිණුම් සඳහා නිකුත් කරන ලද ATM කාඩ්පත් අවලංගු කරනු ලැබේ.
  • ශ්‍රී ලංකාවේ පදිංචිකරුවකු හා ශ්‍රී ලංකාවෙන් බැහැර සිටින්නකු විසින් බද්ධ MERA ගිණුම් පවත්වාගෙන යා නොහැක.
  • සංක්‍රමණික සේවකයා ශ්‍රී ලංකාවේ පදිංචිකරුවකු වූ පසු MERA ගිණුම සාමාන්‍ය ඉතුරුම් ගිණුමක් ලෙස නම් කර දිගටම පවත්වාගෙන යා හැකිය.
  • මෙම ගිණුම හෝ සේවාව යටතේ පිරිනමනු ලබන ඕනෑම කොන්දේසියක් සහ/හෝ පහසුකමක් වෙනස් කිරීමට, එකතු කිරීමට හෝ සංශෝධනය කිරීමට ලංකා බැංකුවට අයිතිය ඇත.

For any assistance 

Foreign Circle 
International Customer Service Support Unit

+94 11 220 3859 
+94 11 220 3860 
+94 11 220 3886 
+94 11 220 3887 

 
+94 707 203203 
+94 707 204204 
+94 707 205205

fc@boc.lk