ලංකා බැංකුවේ මානව සම්පත් කළමනාකරණය
ලංකා බැංකුව සමඟ ඔබේ අනාගතය ගොඩනැංවීමට

ශ්‍රී ලාංකේය බැංකු ක්ෂේත්‍රයේ විශාලතම සේවා යෝජකයා ලෙස, බැංකු ක්ෂේත්‍රයේ අනාගතය ඉදිරියට ගෙන යාමට කැපවූ සහ ඒ සඳහා සවිබල ගැන්වූ පුද්ගලයන් පෝෂණය කරන සේවා පරිසරයක් අපි පිරිනමන්නෙමු.
ලංකා බැංකු කණ්ඩායමේ විවිධත්වය, එහි විවිධ මට්ටමේ ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා සපුරාලීමට බැංකුවේ ඇති කැපවීම පිළිබිඹු කරයි. බැංකුවේ මානව සම්පත් ප්‍රතිපත්තිය සෞඛ්‍ය සම්පන්න වැඩ පරිසරයක් පවත්වා ගැනීමට සහ විභවයන් ඇති පුද්ගලයින් ආකර්ෂණය කර ගැනීමට ආයතනය තුළ ගුණාත්මක සේවා පරිසරයක් ස්ථාපිත කිරීම සහතික කරයි. බැංකුවේ සේවක සේවිකාවන්ගේ මධ්‍යන්‍ය වයස අවුරුදු 30-35 අතර වන අතර එය බැංකුව සතු මානව සම්පතේ තරුණ බව හා ජව සම්පන්න භාවය පිළිබිඹු කරයි.
උද්යෝගිමත්, ජවසම්පන්න, නවෝත්පාදක සංස්කෘතියක්…

සේවක ප්‍රජාව සඳහා වටිනාකම්
ලංකා බැංකුවේ මානව සම්පත් කළමනාකරණයේ ඉදිරි අවධානය යොමු වී ඇත්තේ සෞඛ්‍ය සම්පන්න සේවා-ජිවන සමතුලිතතාවයක් ඇතිව සේවකයින්ගේ සෞඛ්‍යය සහ ආරක්ෂාව සහතික කරන වැඩ පිළිවෙලක් ස්ථාපනය කරන අතරම, බැංකුව නව මානයකට රැගෙන යාමට හැකි වන පරිදි ඩිජිටල් දැනුමැති, කාර්ය සාධනය මත පදනම් වූ කණ්ඩායමක් ගොඩනැගීමටයි. ජාතියේ අනාගත නායකයන් ලෙස අපගේ සේවක ප්‍රජාව, නව තාක්ෂණයෙන් සහ කුසලතාවලින් සන්නද්ධ කිරීමට අවධානය යොමු කරනු ඇත.
සාධාරණ වැඩ පිළිවෙත්
බැංකු මානව සම්පත් ප්‍රතිපත්තිය දේශීය කම්කරු රෙගුලාසිවලට අනුකූලව සකස් කර ඇති අතර හොඳම ගෝලීය ආයතනික භාවිතයන් මගින් මෙහෙයවනු ලැබේ. ලංකා බැංකුව තුල මහා කළමණාකාර තුමාගේ සභාපතිත්වයෙන් යුත් මානව සම්පත් ප්‍රතිපත්ති කමිටුවක් ක්‍රියාත්මක වේ. සමස්ත මානව සම්පත් උපාය මාර්ග සහ ප්‍රතිපත්ති පිළිබඳ නිර්දේශ, අධ්‍යක්ෂ මණ්ඩල මට්ටමින් අනුමත කර ඇත. සාධාරණ වැටුප් මූලධර්මවලට අනුකූලව, කාන්තාවන් සහ පිරිමින් අතර මූලික වැටුප් අනුපාතය 1:1 වේ. අපගේ ප්‍රතිපත්තිවලට අනුව සේවකයින් වෘත්තීය ප්‍රගති සැලැස්මක් සමඟ ව්‍යුහගත කාර්ය සාධන ඇගයීමකට යටත් වන අතර කුසලතා මත පදනම් ව උසස්වීම් ප්‍රදානය කෙරේ.
ආරක්ෂිත වැඩ පරිසරය
සියලුම ස්ථීර සේවකයින්ට සෞඛ්‍ය ප්‍රතිලාභ යෝජනා ක්‍රමයක් සඳහා හිමිකම් ඇති අතර, එය වෛද්‍ය ආධාර ආවරණය වන අතර බාහිර රෝගී ප්‍රතිකාර සහ රෝහල්ගත කිරීම් ප්‍රතිපූරණයද ඇතුළත් වේ. බැංකුවේ මානව සම්පත් ප්‍රතිපත්තිය තුල ඕනෑම ආකාරයක ලිංගික හිරිහැරයක් සඳහා කිසිදු ඉඩකඩක් නැත. සේවක දුක්ගැනවිලි විමර්ශනය සඳහා ලංකා බැංකුවට වෙනම ප්‍රතිපත්තියක් ද ඇත. කළමනාකරණ මට්ටමින් 42% ක කාන්තා නියෝජනයක් ඇති අතර ප්‍රසුත නිවාඩු ලබා දීම තුලින් රැකියාවේ සාපේක්ෂව ඉහළ ඵලදායිතාවයක් පෙන්නුම් කරයි.
පුහුණුව සහ සංවර්ධනය සඳහා අවස්ථා
බැංකුව විසින් ක්‍රියාත්මක කරනු ලබන පුහුණු හා සංවර්ධන ප්‍රතිපත්තිය මගින් සියලුම සේවකයින්ට පුහුණුව සහ වෘත්තීය සංවර්ධනය සඳහා සමාන අවස්ථා ඇති බව සහතික කරයි.
වන්දි සහ ප්‍රතිලාභ
වේතනයට අමතරව ප්‍රතිලාභ රැසක් පිරිනමමින් සේවකයින්ගේ මූල්‍ය සුරක්ෂිතභාවය සහතික කරයි.
විවිධත්වයට ගරු කිරීම
ජාතික සැලැස්ම පිළිබිඹු කරමින්, ලංකා බැංකුව සියලු ආගම්, වාර්ගික සහ සමාජ-ආර්ථික පසුබිම් නියෝජනය කරමින් පළාත් නවයක් පුරා යොදවා ඇති ශක්තිමත් සේවක කණ්ඩායමකින් සමන්විත වේ. විදේශීය ශාඛා ජාලය වෙත ඉහළම දක්ෂතා සහිත ක්‍රියාකාරීන් යොමු කෙරේ. ස්ත්‍රී පුරුෂ විවිධත්වයේ ප්‍රමුඛත්වය ගනිමින්, ලංකා බැංකුවේ කාර්ය මණ්ඩලය බැංකු ක්ෂේත්‍රයේ 60%ක ඉහළම කාන්තා සහභාගීත්වයක් නියෝජනය කරයි.

වෘත්තීය අවස්ථා
ජාතියේ අංක 1 බැංකුව ලෙස ලංකා බැංකුව, බැංකු සහ මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන අතර, වගකීම් දැරියහැකි ශක්තිමත් සේවා ලැදි පුද්ගලයන් නිරතුරුව ම සොයයි. ඔබ ලංකා බැංකු කණ්ඩායම සමග එක වීමට සිහින දකින්නේ නම්, අපගේ වෘත්තීය අවස්ථා වෙත යොමු වී ඒ සඳහා අයදුම් කරන්න.